ලලිත් චාමින්ද
ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව මගින් කැඳවා තිබු වැඩ වර්ජනය අද (15) දින රුහුණු විශ්ව විශ්වවිද්‍යාලයට අයත් කරාපිටිය වෛද්‍ය පීඨය හපුගල ඉංජිනේරු පීඨය සහ ගාල්ල සම සමසෞඛ්‍ය පීඨය යන ආයතනයන් තුළ ක්‍රියාත්මක වෙමින් ඇත.

වර්ජනය හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කටයුතු වලට ද දැඩි ලෙස බාධා ඇතිවිය. .බාහිර ප්‍රතිකාර අංශය කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිට තිබු අතර බාහිර ප්‍රතිකාර අංශය පාළුවට ගොස් තිබුනි .
මේ අතර දකුණු පළාතේ පාසල් සියල්ලක්ම පාහේ අද දින විවෘතව තිබුණේ නැත.
පාසල් දරු දැරියන් මෙන්ම ගුරු විදුහල්පතිවරු ද පාසල් වලට නොපෙනීම නිසා පාසල් වසා දමා තිබුණි. ගාල්ල දුම්රිය ස්ථානය පාළුවට ගොස් තිබූ අතර ශ්‍රී ලංගම බස් රථ හා පුද්ගලික බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය විය .