බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වයඹට ඇවිත් අපේ බිත්තර නිශ්පාදන දැකලා තීරණයක් ගන්න කියද්දි ඇමති ගෝලයො ඉන්දියාවේ කුකුළු ගොවිපල බලන්න යැව්වා…

වයඹට වඩා ඇමතිට ඉන්දියාව ලඟ ද?. සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමය බලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි....

by editor
මැයි 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

ඉන්දියාවෙන් දෛනිකව බිත්තර මිලියනක් ගෙන්වීම සඳහා ඉන්දියානු කුකුළු ගොවිල අධීක්ෂණය කිරීම ඉන්දියාවට යවන නිලධාරීන් ඉන්දියාවට යෑමට පෙර වයඹ කුකුළු ගොවිපලවලට එවා දේශීය බිත්තර නිශ්පාදනය වර්ධනය වෙමින් ඇති ආකාරය නිරීක්ෂණය කරීමෙන් පසු  ගත යුතු පියවරක් ගන්නා ලෙස වෙළෙඳ ඇමති, පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් ඇතුළු සියලුම වගකිවයුත්තන් සිටි රැස්වීමක දී තමන් සංගමයක් ලෙස කළ ඉල්ලීම පයිසයකට මායිම් නොකළ බව සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක ලංකාසරට පැවසීය.

ගැටලුව බිත්තර වෙළඳපලේ සුලභ කර මිල අඩු කිරීම නම් ඉන්දියාවට ගොස් කුකුළු ගොවිපල පරීක්ෂා කරනවාට වඩා පහසුවෙන් වයඹට පැමිණ මේ වනවිට දේශීයකර්මාන්තයක් ලෙස බිත්තර කර්මාන්තය දියුනු වෙමින් ඇති ආකාරයත් තව මාසයකට අඩු කාලයක දී දැනට වෙළෙඳපලේ ඇති බිත්තර ලක්ෂ 05 හිඟය නිසැකවම අඩුවන තරමට නිශ්පාදනය වැඩිවන ආකාරයත් ඇස් දෙකින් දැක තහවුරු කරගැනීමට තිබුණු බව සභාපතිවරයා කීවේය.

බිත්තර ලක්ෂ 05ක් අඩු තැනට දෛනිකව මිලියනක් ගෙන්වීමෙන් මි අඩු කර  ඇති කරන තාවකාලික සතුට සමස්ථ දේශීය ව්‍යාපාරයක් බිඳ දමනු පමණක් නොව රටම දැවැන්ත අර්බුදයකට ඇද දමන බව පෙන්වා දුන්නේය.

ශ්‍රි ලාංකිකයෙක් ලෙස තමන්ට නොවැටහෙන කාරණා කීපයක් ඇතැයි සරත් රත්නායක පැවසුවේය.

  • “ මේ වනවිට එක් බිත්තරයක් නිශ්පාදනය කරනකොට බිත්තරයකින් රුපියල් 06ක බද්දක් රජයට ගෙවනවා. ඒ ගෙවන්නේ කුකුල් කෑම, විටමින්, ඇතුළ අත්‍යාවශ්‍ය යෙදවම්වලට වක්‍රාකාරව අය කරන බද්දෙන්. මේ රුපියල් හයක බද්ද අඩු කරලා ඍජුවම බිත්තරයක මිල රුපියල් 06කින් අඩු කළ හැකියි. ඒත් ආණ්ඩුව එහෙම කළේ නෑ. ඔවුන් රුපියල් පනහක තිබ්බ බිත්තර ආනයන බද්ද රුපියල දක්වා අඩු කරලා රටේ තියන ඩොලර් ටික වියදම් කරලා බිත්තර ගේනවා. ඒ එකක්.”
  • “ මේ වනවිට බිත්තර දෛනිකව අඩු වෙන්නේ ලක්ෂ 05ක ප්‍රමණයක්. සියයට තිහක් දක්වා පහළට ඇද වැටුණ බිත්තර කර්මාන්තය දැන් සියයට 90ක් දක්වා වර්ධනය වෙලා තියනවා. දිනපතා අලුතින් බිත්තර විසි පන්දහසක් පමණ වෙළෙඳපලට එකතු වෙනවා. තව මාසයක් යනකොට මේ බිත්තර ලක්ෂ 05ක අඩුව සම්පූර්ණ වෙනවා. ඒ වනවිට අනිවාර්යයෙන්ම පාලන මිලට වඩා අඩුවෙන් බිත්තර වෙළෙඳපට එනවා. මේ ගණනය යකිරීම සම්බන්ධව මොනතරම් කිව්වත් දෛනිකව බිත්තර මිලියනයක් ඉන්දියාවෙන් ගේන්න දැන් නිලධාරීන් ඉන්දියාවට ගිහින් තියනවා. ඒක තමයි දෙවැනි කරණය.”
  • “ ඩොලර් එකේ මිල අඩුවුනා කියලා කිසිම යෙදවුමක මිල අඩු කරලා නෑ. 240ට තිබ්බ කෑම කිලෝවක් රුපියල් 20කින් අඩු කරනකොට බෙහෙත් වර්ගයක් රුපියල් 120කින් වැඩි කරලා තියනවා. එහෙම තියෙද්දි ඉන්දියාවෙන් බිත්තර ගේන්න වැය කරන ඩොලර් ටික දේශීය නිශ්පාදනය දිරිගන්වන්න වැය නොකර කුකුළු ගොවිපලවලට ලක්ෂ ගණන් දඩ ගසමින් කටයුතු කරනවා. මේක තමයි තුන්වැනි කාරණාව.”
  • ඇත්තටම අද වෙළෙඳපලේ රුපියල් 44 සිට බිත්තර තියනවා. රුපියල් 50කට අඩුවෙන් බිත්තර ගන්න පුලුවන්. කිලෝ ගානට කිරලා ගන්න හැම තැනම බිත්තර තියනවා. ඒ කියන්නේ නිශ්පාදනයේ වර්ධනයක් තියනවා. අප ගණනය කරලා පෙන්වලා දීලා තියනවා ලබන මාසේ වනවිට පාලන මිලට වඩා අඩුවෙන් බිත්තර වෙළෙඳපලේ තියනවා කියලා.  එහෙම තියෙද්දි මේ නිලධාරීන් වයඹට ඇවිත් දියුණුවන බිත්තර කර්මාන්තය දකින්නෙ නැතිව ඉන්දියාවෙ ගොවිපල බලන්න වෙළෙඳ ඇමති නිලධාරීන්ව ඉන්දියාවට යවනවා. මේ  සම්බන්ධව අපට තවමත්  නොතේරෙන, රටක් ලෙස මෙහෙම කරන්නේ කුමක් නිසාදැයි නොවැටහෙන  නොවිසඳුන ගැටලුවක් තියනවා.”

සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති  සරත් රත්නායක පැවසුවේය.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජලනි ප්‍රේමදාස චමුදිත ගෙන් රුපියල් බිලියනක වන්දියක් ඉල්ලයි!

Next Post

ජනපති මල්වතු අස්ගිරි මහ නා හිමිවරු බැහැදකී… මහනුවර රදගුරුත් හමුවෙයි…

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.