සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වන අලින් සහ ගැමියන්ගේ ජීවිත රකින්න ජනපති නියමයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට සිවිල් ආක්ෂකයින් 500ක් සහ වාහන සංචිතයක් ….

by editor
ජූලි 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • සන්නිවේදන අකාර්යක්ෂමතා මඟහරවා ගනිමින් ජනතාවට සමීපව ඔවුන්ගේ ගැටලු සඳහා ප්‍රතිචාර ලබා දෙන්න… වනජීවී නිලධාරීන්ට ජනපති දන්වයි…

වන අලි ඝාතන වළක්වා ගැනීමට මෙන්ම ග්‍රාමීය ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය  මානව සම්පත් හිඟය මඟහරවා ගැනීමට සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් 5000ක් සහායකයින් ලෙස කඩිනමින්  අනුයුක්ත කිරීමටත්  එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවලට අඩුපාඩුවක්ව පවතින වාහන සංචිත ප්‍රමාණය වැඩි කිරීම    වෙනුවෙන් කැබ් රථ සහ යතුරුපැදි මිලදී ගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (24) උපදෙස් දුන්නේය. 

ජනාධිපතිවරයා මෙම නියෝගය ලබාදුන්නේ  වනඅලි ජීවිත සුරැකීම මෙන්ම ග්‍රාමීය ජනතාවගේ දෛනික ජනජීවිතය සුරක්ෂිත කිරීම සඳහා විෂයට අදාල අමාත්‍යවරුන්  සහ   නිලධාරීන් අතර  අද පස්වරුවේ  ජනාධිපති ලේකම් කාර්යාලයේ දී   පැවති රැස්වීමකදී ය.

දිනෙන් දින ඉහළ යමින් පවතින වනඅලින්ට සිදුවන හිරිහැර සහ ග්‍රාමීය ජනතාවගේ දෛනික ජීවිතයට සිදුව ඇති බලපෑම සම්බන්ධ වත්මන් තත්ත්වය මෙහිදී ජනාධිපතිවරයාගේ විමසීමට ලක්විය.

මෙහිදී නිලධාරීන් විසින් මේ සම්බන්ධව පවතින වත්මන් තත්ත්වය මෙන්ම ඊට විසඳුම් සෙවීමේදී දීර්ඝ කාලයක් තිස්සේ අදාළ ආයතන මුහුණ දෙන ගැටලු පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී.

මේ පිළිබඳව අදහස් දැක් වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ කුමන තත්ත්වයක් යටතේ වුවද වනඅලින්ට සිදුවන හිරිහැර පිළිගත නොහැකි බවත්, ඒ වෙනුවෙන් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන විසඳුම් සෙවීමට පියවර ගත යුතු බවත්ය. ග්‍රාමීය මට්ටමින් මේ පිළිබඳව සමීපව අධ්‍යයනය කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, දේශපාලන අධිකාරිය සහ ජනතාවද සහභාගි කර ගනිමින් මෙම ගැටලුවලට නිසි විසඳුම් ලබා දිය යුතු බවද අවධාරණය කළේය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ඒ වෙනුවෙන් දැනට පවතින මානව සම්පත් හිඟය මඟහරවා ගැනීමට සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් 5000ක් සහායකයින් ලෙස කඩිනමින් අනුයුක්ත කිරීමට කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයා විසින් අදාළ අමාත්‍යවරුන්ට සහ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

එසේම වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවලට අඩුපාඩුවක්ව පවතින වාහන සංචිත ප්‍රමාණය වැඩි කිරීමට උපදෙස් දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක   ඒ වෙනුවෙන් කැබ් රථ සහ යතුරුපැදි මිලදී ගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙසද දැන්වීය.

මීට අමතරව ගම්මානවලට වන අලි ඇතුළු වීම වැළැක්වීම වෙනුවෙන් යෝජිත කිලෝමීටර් 800කින් සමන්විත ආරක්ෂක විදුලි වැට සහ අලි කොරිඩෝ 16 ප්‍රතිෂ්ඨාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය සැලසුම් කඩිනමින් සකසා ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී.

එමෙන්ම වනජීවී දෙපාර්තමේන්තුවේ සන්නිවේදන අකාර්යක්ෂමතා මඟහරවා ගනිමින් ජනතාවට සමීපව ඔවුන්ගේ ගැටලු සඳහා ප්‍රතිචාර දැක්වීමටත්, තොරතුරු ලබා ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක   විසින් මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්.උඩුවාවල, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එල්.ආර්.පී. මාරසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ (අලි සංරක්ෂණ) වී.එල්. තවුෆීන්, පරිසර කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ජාසිංආරච්චි, වන සංරක්ෂක ජනරාල් එස්.සී. පාලමකුඹුර ද , ආරක්ෂක අංශවල නිලධාරීන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අප පටන් ගත්තු දෙයක් නොවෙයි… දහස් ගණනක කැපකිරීම සහ බුද්ධිමය ශ්‍රමයෙන් ගොඩනැගුන මහා කණ්ඩායමක උත්සාහයක්! අගමැතිනිය කියයි!

Next Post

හිටපු අමාත්‍ය පී. දයාරත්න අභාවප්‍රාප්ත වෙයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.