සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අප පටන් ගත්තු දෙයක් නොවෙයි… දහස් ගණනක කැපකිරීම සහ බුද්ධිමය ශ්‍රමයෙන් ගොඩනැගුන මහා කණ්ඩායමක උත්සාහයක්! අගමැතිනිය කියයි!

අප හමුවේ ඇති අභියෝගය දශක ගණනක් තිස්සේ ගොඩනැගුන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ සංවාදය ප්‍රායෝගික කිරීමයි...

by editor
ජූලි 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අවුරුදු ගණනාවක් තිස්සේ සංවාදයට ලක්වෙමින් ගොඩනැගුන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට පුද්ගලික හිමිකමක් නොමැති බවත් එය විවිධ අවස්ථාවල විවිධ අයගේ දායත්වය සහිතව ගොඩනැගුණ නම් දන්නා, නොදන්නා පුද්ගලයින් දහස් ගණනක කැපකිරීම සහ බුද්ධිමය ශ්‍රමයෙන් ගොඩනැගුන මහා කණ්ඩායමක උත්සාහයක් බවත් අධ්‍යාපන ඇමතිනී, අගමැති ආචාර්ය හරිනී අමරසූරිය අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

ඒ සියලු දෙනාටත් ගරු කරමින් ඉස්සරහට ඉදිරියට යනවා විනා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවසන ආකාරයට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ අයිතිය හිමිකරගැනීම නොව, එය ප්‍රායෝගික කිරීමේ බරපතල වගකීම රජයේ උර මත ඇති බව පැවසු අගමැතිනිය පෙන්වා දුන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සඳහා ඉවහල්වන ගෝලීය දැනුම සහ ගෝලීය සංකල්පවලට කර්තෘත්වයක් නොමැති බවය

අගමැතිනිය ඒ පිළිබඳව මෙසේ ද පැහැදිලි කළාය.

“මේ අවස්ථාවල බොහෝ තැන්වලින් විශේෂයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් අපි යෝජනා කරන අධ්‍යාපනය ඳ ප්‍රතිසංස්කරණයේ කර්තෘත්වය පිළිබඳව විවිධ අදහස් දැක්වුවා. අපට එකක් පිළිගන්න වෙනවා. අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිසංකරණය ජාතික ජන බලවේගය පටන් ගත්ත එකක් නොවෙයි කියන එක අපි හැමෝම පිළි ගන්නවා. මේක අවුරුදු ගණනාවක් තිස්සේ කථා වෙච්චි විෂයයක්.”

“අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ තියෙන තාක්ෂණික කාරණා විශේෂයෙන්ම විෂය මාලා පිළිබඳ අඩංගු සංකල්ප ජාතික ජන බලවේගය ඉදිරිපත් කරපු සංකල්ප නෙමෙයි. ඒක මොන දේශපාලන පක්ෂයකටවත් අයිති සංකල්ප නොවෙයි. මොඩියිලු කියන දේවල් විෂයමාලාවල අන්තර්ගත විය යුතු දේවල් ගෝලීය සංකල්ප. ”

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

“ගෝලීය සංකල්ප තුළ එක් එක් අවධිය තුළ සාකච්ඡාවෙලා ඒවා ප්‍රතිපත්ති තුළ අන්තර්ගත කරනවා. එවාට කර්තෘත්වයක් ලබා දෙන්න කාටවත් බෑ. මේක දැනුම. දැනුමට එක අයිතිකාරයෙක් නෑ. සංකල්පවලට අයිතිකාරයෙක් නෑ. මේවා විශ්වීය සංකල්ප.”

“අනිත් එක ජාතික ජන බලවේගයේ කවුරුවත් මේ ගන්න ප්‍රතිපත්තිවලට පුද්ගලිකව අයිතියක් දරන්නේ නෑ. මේවා අපේ සමස්ථ ප්‍රතිපත්ති රාමුවක් තුළ එකඟතාවයෙන් සාමුහික එකඟතාවයක් තුළ අප එකතු වෙලා ඉදිරිපත් කරන අදහස්. ඒ හරහා ගොඩනැගෙන ප්‍රතිපත්ති. ඒව අප සියලු දෙනාටම අයිති සංකල්පවලට දර්ශනයන්ට පුද්ගලිකව අයිතියක් ලබන්නේ නෑ. එහෙම කරන්න බෑ.”

“අද මේ මොහොතේ අධ්‍යාපනය පිළිබඳ සංවාදයට බොහෝ දෙනෙක් සම්බන්ධ වෙලා තියනවා. ඒ සංවාදයට එදා සිට බොහෝ දෙනෙක් සම්බන්ධ වෙලා තියනවා. අධ්‍යාපනය වෙනස් කරන්න ඕන කියන සංවාදය බොහෝ කාලයක් ඇති වෙලා තිබුණා. ඒ අදහස් සියල්ලම ඉදිරිපත් වෙලා තිබ්බට ඒක ක්‍රියාත්මක වෙලා නෑ. ඒක ක්‍රියාත්මක නොවීම තුළ තමයි අද අපි දකින්නේ අපේ අධ්‍යාපන පද්ධතිය තුළ බරපතල ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ.”

“අපි සංකල්ප කතා කරලා තියනවා. දර්ශනය කතා කරලා තියනවා. ප්‍රතිපත්ති හදලා තියනවා. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න උත්සාහ කරලා තියනවා. නමුත් අදටත් ඉතිරි වෙච්චි විශාල ප්‍රශ්නයක් තියනවා. මේ උත්සාය අපි ගන්නේ අන්න ඒ ඉතිරිවෙලා තියන දැවැන්ත ප්‍රශ්නය ගැන කතා කරන්න විතරක් නෙමෙයි, මේ උත්තරය ක්‍රියාත්මක කරන්නයි අපි උත්සාහ කරන්නේ. ඒක තමයි අපට තියන අභියෝගය.”

“මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය විෂය මාලාවකට පමණක් සීමා වුන එකක් නෙමෙයි. ඊට එහා ගිය දැවැන්ත වැඩපිළිවෙළක් තියනවා. ඒක තමයි අපේ වෙනස. මේක දැවැන්ත වැඩක්. ඒ නිසාම තමයි අපට එල්ලවන සාධනීය විවේචන අපි පිළිගන්නේ. ඒ දැවැන්ත බව අපට බැරෑරම්කම අපට තේරෙන නිසා.”

ජාතික ජන බලවේග රජය මේ උත්සාහ කරන්නේ විෂය මාලාවක් වෙනස් කිරීමට නොව, එම වෙනස්වන විෂය මාලාවට අනුරූපීව පද්ධතියක්ම වෙනස් කිරීමට බව අගමැතිවරිය කීවාය. මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ රජය දරන විශේෂම වෙනස එය බවද අගමැතිනිය පැහැදිලි කළාය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉසෙඩ් ඩී ඇලට වැටුන වන අලියෙක් දැඩි උත්සාහයකින් පසු ගොඩ ගනී!

Next Post

වන අලින් සහ ගැමියන්ගේ ජීවිත රකින්න ජනපති නියමයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට සිවිල් ආක්ෂකයින් 500ක් සහ වාහන සංචිතයක් ….

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.