වන්නියේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 20ක්

දිනසේන රතුගමගේ:

වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය තුළ මේ වන විට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 20 ක් වාර්තා වී ඇති බව වන්නි දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරී සමන් බන්ධුලසේන මහතා පැවසීය.

නමුත් ප්‍රදේශයේ ඉතා සාමකාමී පරිසරයක් මත වන්නියේ රජයේ සේවකයින් 12709 ක් තැපැල් ඡන්දය ප්‍රකාශ කොට ඇතැයිද තේරීම්බාර නිලධාරීවරයා පැවසීය.


මෙම තැපැල් ඡන්ද දායකයින්ගෙන් 5132 ක් වවුනියාව දිස්ත්‍රික්කයේ වන අතර 4196 ක් මන්නාරම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දදායකයින්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉතිරි තැපැල් ඡන්දදායකයින් 3381 දෙනා මුලතිව් දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දදායකයෝ බවද සමන් බන්ධුලසේන මහතා පැවසීය.

Exit mobile version