බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වනස්පතියක් බඳු හීන්මැණිකේ අත්තම්මා ගැන වන්නිලා ඇත්තන්ගේ මිණිබිරියක් කියන කතාව

by editor
සැප්තැම්බර් 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • මස්මාළු කටේ තිබ්බෙ නැති අත්තම්මා අපිවත් නිර්මාංශ කළා… සියා එක්ක තරහ ගත්තෙ  ගැබ් බර ඊරියකට විද මැරූ බවට වූ මතකය අවදි වෙන වෙලාවෙ විතරමයි.

  • මොන තරම් ලෙඩ දුක් තෙහෙට්ටු තිබ්බත් එයා සීයගෙ හැම ආවතේයක්ම එයාගෙ අතින් කළා

  • අද රැහේ හැමෝම අඬනවා පොඩි දරුවො වගේ…

  • ආදරය වගේම බැඳීම්වල වේදනාවත් කියලා දුන්නෙ අත්තම්ම තමයි…

වන්නිලා ඇත්තන් කියන්නෙ මේ රටේ ඉන්න දාර්ශනික නායකයෙක්. එතුමාගෙ ජීවිත දැක්ම දර්ශනය සහ කියැවීම ඇතුළෙ තියන පරිචය අපට තවමත් නායකයො ඉතිරිවෙලා ඉන්නවා කියන හැඟීම දැනෙව්වෙ වරක් දෙවරක් නෙමෙයි.

වන්නිලා ඇත්තන් ගැන අනේක කතා කිව්වට කවදාවත් එතුමාගේ දිවි සැරියට මහා ශක්තියක් වෙච්චි   ගැහැණිය ගැන කවුරුත් දැනගෙන හිටියෙ නෑ. වන්නිලා ඇත්තන් පවුලෙ පුරාජේරුව ලෝකයට කිව්වෙත් නෑ.

මේ මහා උවදුර දඹාන බිලි අරන් හීන්මැණිකෙ අම්මගෙ ජීවිතේ අරන් ගියාට පස්සෙ තමයි ඒ අම්මා ගැන ලෝකය කතා කරන්න ගත්තේ.

“ මේක දරාගන්න බැරි වේදනාවක්… දැන්වත් එකතුවෙලා මේ වසංගතය මර්ධනය කරමු…“ වන්නිලා ඇත්තන් කෙටේරිය උරයෙන් ගලවලා පී.පී.ඊ. ආරක්ෂිත කට්ටලයක් ඇඳන් ගිහින් කොවිඩ් නිවුමෝනියාවෙන් මිය ගිය හීන් මැණිකෙ ගෙ දේහය දිහා බලාගෙන ලෝකයට කියපු කතාව එක මොහොතකට අපව කම්පනය කළා.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

අපි රටක් ලෙස බොහෝ දේ විනාශ කරගෙන තියන බව අන්තිමට මතක් කරලා හිනීමැණිකෙ අම්මා අද දඹානෙදි සමුගන්නවා.  උන්දැගෙ ආත්මය වෙනුවෙන් රැහේ ඇත්තො කිරි කොරහා නටනවා. ඒත්  දඹානෙ ආදි වාසීන් 1200කට මේ වනවිට කොවිඩ් ආසාදනය වෙලා. වන්නිලා ඇත්තො පළමුපෙළ ආශ්‍රිතයෙක් කරලා හීන්මැණිකෙ අම්මා යන්න ගියා.

වන්නිලා ඇත්තන් පසුපස අදෘශ්‍යමාන බලවේගයක් විදිහට රැඳිලා හිටිය උන්දැ ගැන කතා කරන්න ඉතිරිවෙලා තියන අවසාන මෙහොතෙ මෙතෙක් කිසිවෙක් කතා නොකළ මතක හොයාගන්න අපි දඹාන වටේ සැරිසැරුවා. හැමදාම අපත් එක්ක බොහොම සමීප වන්නිලා ඇත්තන්ගේ සිවුවන පුත් ඌරුවරිගෙ මුතුබණ්ඩා  උන්නැහැගෙ දියණිය හිරුණි අපට හමුවෙන්නෙ ඒ අතර වාරෙදි.

මෙය දරාගත නොහැකියි – වන්නිලා ඇත්තො….

ආත්තම්ම එක්ක තමන් ගත කළ මනරම් ජීවිත මතක අතරෙ අපි හිරුණි එක්ක පුංචි කතා බහක් ගොඩනගා ගත්තා.

“ අපේ ආච්චි අම්මා කියන විදිහට අපි සොබාදමේ දරුවෝ.. මං හිරුණි. මගේ මල්ලි ගිම්හාන්.  කමල් , සහේලි , නුවන් උදානි වගේ තවත් දොළොස් දෙනෙක් ඉන්නවා මහප්පලාගේ බාප්පලාගේ වගේම නැන්දම්මා‌ගේ දරුවෝ. අපි හැමෝම එකාවගේ ඉන්නවා. ආච්චි අම්මා කියලා දීලා තියෙන්නේ තනි කෝටුවකට වැඩිය කෝටු ගොඩාක් එකට තියපු දර මිටියක හයිය වැඩියි කියලා….”

හිරුණි කතාව පටන් ගත්තා.

අත්තම්මා සහ හිරුණි

“ හිරුණි , උඹෙ නමේ මහාලොකු හයියක් තියෙනවා. ඉර තමයි මේ ලෝකේ රඳාතියන්න උදව්කරන එකම හයිය. එළිය රස්නය වගේම මේ ලෝකේ විසනසන දෙවියෝ තමයි ඉර. ….” හීන්මැණිකේ දොහක් හිස අතගගා හිරුණිට කියා තිබුණා.

ආච්චි අම්මාගේ වියෝවෙන් හිත්තැවුලට පත් හිරුණි ඇයගේත් ආච්චි අම්මාගේත් බැදීම ගහට පොත්තක් වැනි බව කියමින් අතීතය දිගහැර පෑවා.

මොන තෙහෙට්ටුවෙන් හිටියත් වන්නිලා ඇතතන්ගෙ ආවතේව කළ හැටි

“ අද අපේ වරිගේ හැමෝ..ම නිමක් නැතිව අඩා වැටෙනවා. ආච්චි අම්මා මේ තරම් කලියෙන් අපේ ඇස් ඉමෙන් යයි කියලා කවුරුවත් හිතුවේ නැහැ.

දැන් මාස ගණනක ඉඳන් තරමක් අසනීප ගති තිබුණා. ඒත් ආච්චි අම්මා නොහෙල්ලෙන ගහක් වගේ කොහොමෙන් හරි පණගහලා හයියට හිටියා. ආච්චි අම්මා මොනතරම් තෙහෙට්ටුවකින් හිටියත් සීයාගේ ( ඌරුවරිගේ වන්නිලෑ ඇත්තන්ගේ) ආවතේව ටික හරියට කලා. ආච්චිට බැරිනම් කෑගහලා කා ලව්වා හරි කරනවා. පුදුම ගෞරවයක් සීයා වෙනුවෙන් තිබුණේ. කටේ කෙලබිඳක් හෙලන්නේ නෑ තරහකින් නම්….

මා එක්ක කියනවා, “ තමන්ගේ ස්වාමියාට භක්තියෙන් ඉන්ට ඕනෑ.. උන්දෑ තමයි අපේ කුසගිනි නිවන්නේ රෑ දහවල අපිව ආරක්ෂා කොරන්නේ.. උන්දැලාට සාත්තු සප්පායම් කරන්න අපි බැඳිලා ඉන්නවා.. ඒ පින තමයි අපි යනකොට අරං යන්නේ…” කියලා.

Wannila-Eththo
වන්දනා ගමනක් අතරතුර

සත්තුන්ට ආදරේ කරන්න කියා දුන්නා. ඇය නිර්මාංශයි…

ආච්චි අම්මා ආගමට දහමට බොහෝම ලැදියාවයි. කවදත් වහලේ යට ඉදෙන දෙයක් බුදුන්ට අයින් නොකර ඉදුල් කරන්නේ නෑ. කවුරු මොන කුසගින්දරක හිටියත් ආච්චි අම්මා කලබල නෑ. බුදුන්වහන්සේ තමයි අපට ජීවත් වෙන විදිය පෙන්නලා දුන්නේ කියා ඈ කියනවා. දානයක් මානයක් කීවොත් පිරිසිදු පිරුවට එලලා තමනුත් පිරිසිදු වෙලා දානය හරිගස්සනවා.

සතා සිව්පාවට හරිම කරුණාවයි. කවුරුත් අහලා ඇති සීයා අතින් පැටව්හලන්න හිටි ඊරියකට උනු විපත. ආච්චි අම්මා ඒ සිද්ධිය සිහිකරන්ටවත් දෙන්නේ නෑ.  සිහිකලොත් තරහත් ගන්නවා. අපේ සනුහරේ හැම ළමයෙකුටම කියා දීලා තියෙනවා සතුන්ට ආදරය කරන්න. සත්තු රැක බලා ගන්න. හිංසා නොකරන්න.

ඒ හින්දාම පවුලේ වැඩිමනක් දෙනා මස් මාංශ කන්නේ නෑ. මමත් මල්ලිත් මස් මාංශ කන්නේ නෑ.. මහප්පලාගේ බාප්පලාගේ දරුවෝ උනත් එහෙමයි.

අපට කියාදීලා තියෙන්නේ උපන් දවස සිහිකරලා ගහක් පැලයක් හදන්ට කියලා. හදනවා විතරක් නෙවෙයි දවස්පතා ඒවට ආවතේව කරන හැටි, ගස්වැල් එක්ක කතාබස් කරන හැටි,  දුක සැප අහන හැටි, වයසත් එක්ක මහා රුකක් හැදෙන හැටි බලන්ට කියලා. ආච්චි අම්මයි සීයයි දෙන්නාම එදා ඉඳන් උපන්දිනයට ගස් හදලා. අද එවා මහා විශාල ගස් බවට පත් වෙලා. ගහක් කොළක් නැත්නම් අපේ ජීවිත කෙටියි කියලා ආච්චි අම්මා නිතරම කියනවා.

මගෙ අම්මා පොතක් ලිවුවා. “වනස්පති උරණවෙලා“ තමයි ඒ පොතේ නම. ආච්චි අම්මා ඒ පොත ගැන හරිම ආඩම්බර උනා. එහි අන්තර්ගතය ගැන අත්තම්මා ගොඩක් වෙලාවට කතා කළේ හරිම උද්‍යෝගයෙන්.

මහප්පලා බාප්පලා නැන්දම්මා හැමෝම ඔය අවට  ගම්වල පදිංචි වෙලා ඉන්නේ. ගරුකුඹුරේ , පනස් තුනේ පනස් දෙකේ පනස් හතරේ හමුදා කඳවුරු ඇති කිට්ටුවත් ඉන්නවා. පවුලේ හැමෝම ආච්චි අම්මා සීයා දෙන්නා ලඟට නිතරම වගේ එනවා.

 wannila-eththo
ඉතිහාසයට එක්වුන යුගයක මතකය…

ආච්චි අම්මගෙ කෑම රසයි…

ආච්චි අම්මා හදන කෑම හරිම රහයි. ගෙයි මුට්ටියේ බත් නැති වෙලාවක් නෑ. හැලප කිරි අලුවා අග්ගලා පැණි අලුවා හකුරු දෝසි වගේ කෑම හදන්න ආච්චි අම්මාට යන්නේ ඒ පැත්ත හැරිලා මේපැත්ත හැරෙන තරම් පොඩි වෙලාවක්. අපේ වයසේ ඉන්න දරු මුනුබුරෝ ආච්චි වටේ එල්ලිලා සීනි කෑම කනවා. ඔය වෙලාවට ආච්චි අම්මා හරිම සතුටක් ලබන බව මුහුණෙන් පෙනෙනවා. ඒ වෙලාවට අපට කියනවා සහෝදර බැම්ම බොහොම බලවත්.. හැමදාම එකට ඉන්ට ඕනෑ තේරුණාද..? කියලා.

දැන් අපට ආච්චි අම්මා නැති අඩුව තදින්ම දැනේවි. මේ සා ඉක්මනින් ආච්චි අම්මා අපිව දමලා යයිකියලා අපි හිතුවේ නැ

මහප්පලා බාප්පලා අප්පච්චා නැන්දම්මා අද පොඩිඋන්වගේ අඩා වැටෙනවා. ඇත්තටම ඒ අය ආච්චි අම්මා ‌ගේ පොඩි එවුන් තමයි. මහප්පාට වයස හතලිහටත් වැඩි උනාට කවදාවත් වැඩිහිටියෙකුට වගේ ඒ අයට ආච්චි අම්මා කතා කලේ නැහැ.

බැදීම් වගේම දුරස්වීම් හරියටම අපට කියා දුන්නේ ආච්චි අම්මා කියලා මට හිතෙනවා. ….”

හිරුණි බිමට නැමිලා සායේ කොනින් කදුළු පිස දැම්මා.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොටස් වෙළෙඳපොළට එන තනි ආයෝජකයන්ගේ සියයට 55ක වැඩිවීමක්

Next Post

“මේඩ් ඉන්  ශ්‍රී ලංකා සේලයින්“ ලෝකයට දෙන අයුරු එස්.පී.එම්.සී සභාපති කියයි!

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.