අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වට්ටක්කා තම්බාගෙන දෙවේල වළඳා හාමත් නොවී ඉන්නත් දුෂ්කර ක්‍රියා කරන අරන්තලාවේ හිමිවරු

පිරිවෙන් වාසී සාමනේරවරු හාමතේ

by editor
මැයි 14, 2020 - Updated on මැයි 24, 2020
in පුවත්
Aranthalawa

අරන්තලාව පිරිවෙණේ සාමනේර හිමිවරු

Share on FacebookShare on Twitter

සුසන්ත අමරබන්දු

1987 ජුනි මස දෙවන දා යනු  කිසිදාක අමතක නොවන බිහිසුණු මතකයකි. ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන්  උතුරු    නැගෙනහිර  දෙපළාතේ අධිකරණ සංඝනායක හෑගොඩ ඉන්දසාර නාහිමියන්  ඇතුළු තිස් එක් නමක් වූ භික්ෂූන්වහන්සේලා අරන්තලාවේ දී  ඝාතනය වූයේ එදිනය.

අරන්තලා භික්ෂු ඝාතනය සිදු වූ ස්ථානය  අද රමණීය පුද බිමකි. ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයකි. එහි අධිපතීත්වය දරන්නේ එදා බිහිසුණු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් ස්වකීය ජීවිතය බේරාගත් කිරිඳිවෙල සෝමරතන හිමියන්ය. ස්වකීය ගුරු හාමුදුරුවන් ද සහෝදර සඟ ගණ ද ත්‍රස්තවාදීන් කපා කොටා මරනු තමන්ගේ දෑසින් දුටු උන්වහන්සේ මේ ව්‍යසනයට මුහුණ දෙන අවස්ථාව වනවිට සරසවි සිසුවෙකි. එදා සිය ගුරු හිමියන් සේම අද උන්වහන්සේ උතුරු නැගෙනහිර දෙපළාතේ අධිකරණ සංඝනායක ධූරය උසුලති. බුදු සසුනේ චිරස්ථිය උදෙසා මහඟු මෙහෙවරක් කරමින් සිටිති.

සාමණේර හිමිවරුන් උදෙසා මේ ස්ථානයේ පිරිවෙණක් ආරම්භ කරන්නේ   වර්ෂ 2019 ජනවාරි මස 02 දා. ඒ අරන්තලාව ශ්‍රී ඉන්ද්‍රසාර ත්‍රපිටක ධර්මායතන පිරිවෙනය. පිරිවෙන නම් කරන්නේ මෙතැන දී ඝාතනය වුණු හෑගොඩ ඉන්දසාර හිමියන් සිහිවීම පිණිසය. එහෙත් වල් අලි කරදර මේ අවට දැඩි වත්ම මේ වසරේ ජනවාරි සිට මාස තුනකට ආසන්න කාලයක් පිරිවෙණ වසා තැබිණි. පිරිවෙණ ආරම්භ කිරීමට සැලසුම් කළේ මාර්තු මුලය. එහෙත් මේ පිරිවෙණේ අධ්‍යාපනය ලබන  සාමනේර හිමිවරු පිරිවෙණ අරඹන තෙක් එහිම වැඩ වාසයක කළහ.

දැන් කොවිඩ් 19 වසංගතය රටේ සියලු කටයුතු නවත්වා තිබේ. පිරිවෙණ විවෘත වන දවසක් නැත. මිනිස්සු සිය දෛනික ජීවිතය ගත කර ගත නොහැකිව ලත වෙති. වෙනෙකෙකු නඩත්තු කිරීම තම සිය බඩ වියත රැක ගැනීමේ අර්බුදයකට මුහුණ දී ඇති දුගී මිනිසුන් සහිත පරිසරයක සාමනේර හිමිවරු වැඩ වාසය කරමින් සිටිති.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Kirindiwela Somarathana Himi
කිරිඳිවෙල සෝමරතන නා හිමි

මනුෂ්‍යයෙකු  ලෙස හදවත දැවී යන්නේ   අද මේ කුඩා සාමනේර හිමිවරුන් ගතකරන ජීවිත සිහි වන විටය. මුන්වහන්සේලාව නඩත්තු කරගත  නොහැකි තරමට නායක හිමියෝ අසරණව සිටිති. මේ ඇඳිරි නිති සමයේ වෙනදා යන එන බැතිමතුන් නැති නිසා පිරිවෙණ නඩත්තු කරගැනීමට ආධාර ලැබෙන්නේත් නැත. අරන්තලාව යනු හේන් ගොවිතැනින් ජීවිතය ගැටගසා ගන්නා අසරණයන් සහිත ගමකි. ගමේ තවත් පන්සල් කීපයකි. මේ තත්වය හමුවේ මේ කුඩා සාමනේර හිමිවරුන්ට උචිත දානයක් දීගන්නටවත් ගමේ මිනිසුන්ට හැකියාවක් නැත. මේ ශුෂ්ක පරිසරය තුළ උන්වහන්සේලාට සිදුව ඇත්තේ කටුසර භෝගයන්ගෙන් යන්තමට වළඳමින් දුෂ්කර ක්‍රියාවක් සේ ජිවිතය ගෙවන්නටය. දරාගත නොහැකි වේදනාව වන්නේ මේ චීවරය දරාගෙන සිටින සාමනේරුවරුන් වැඩි පිරිසක් කටේ කිරි සුවඳ වෑහෙන නොදරුවන් වීමය.

අවම ප්‍රත්‍ය පහසුකමක්වත් නොමැතිව යන්තමින් දිවි ගැට ගසා ගන්නට සිදුවූ මේ හිමිවරුන්ගෙන් පිරිසක් අරන්තලාවෙන්  අම්පාර විද්‍යානන්ද පිරිවෙන වෙත වැඩමවන්නට නායක හිමියෝ කටයුතු කළහ.  එහෙත් එතැනත් ගැටලුය. මේ වන විට විද්‍යානන්ද පිරිවෙනේ සිට පිටස්තර පිරිවෙන්වලට සහ විද්‍යාපීඨවලට , විශ්ව විද්‍යාලවලට අධ්‍යාපන කටයුතු සඳහා වැඩමකළ    සියයකට අධික හිමිවරුන්  නිරෝධායන ඇඳිරිනීතිය හමුවේ නැවත විද්‍යානන්ද පිරිවෙණට වැඩම කර සිටිති. එතැන වෙනම තදබදයකි.

මේ උවදුරු සමයේ උන්වහන්සේලා සියල්ල රැක බලා ගැනීමේ වගකීම මුලුමනින්ම පැවරී ඇත්තේ සෝමරත්න නායක හිමියන්ගේ කරපිටටය. උතුරු නැගෙනහිර දෙපළාතේ අධිකරණ සංඝනායක  කිරිදිවෙල සෝමරතන හිමියෝ මේ තත්වය ගැන ලෝක වාසී බෞද්ධයන්ට පැහැදිලි කළේ මේ ලෙසය.

“මේ වසංගත තත්වය ලෝක යථාර්ථයක් වුනත් අපි කවුරුත් මෙවැනි අනපේක්ෂිත වටපිටාවකට මුහුණ දෙන්න සූදානම් වෙලා හිටියෙ නෑ. ඇත්තටම මේ උවදුරු පරිසරය තුළ  අරන්තලා බෞද්ධ මධ්‍යස්ථානය සහ පිරිවෙණ   පවත්වාගෙන යෑම ඉතා අපහසු කරුණක් බවට පත්වෙලා ඉවරයි.  අරන්තලාවෙ සිටින්නෙ  හේන් ගොවිතැනින් දිවි ගෙවන දුප්පත් ජනතාවක්. ඔවුන්ට අපට දානමාන සපයා දීමට අපහසුයි. „

“ගොඩක් වෙලාවට අපේ උදෑසන දානය වෙන්නේ වට්ටක්කා තම්බලා පොල් ටිකක් එක්ක.  එහෙම නැත්නම් කොස් ගෙඩියක් තම්බන් වලඳනවා. ජනතාව අසීරුතාවයට පත් වුණ වෙලාවේ අපි පුළුවන් ආකාරයෙන් කුසගිනි නිවා ගන්නවා. „  උන්වහන්සේ කියති.

උන්වහන්සේලාට මේ වනවිට ලැබී ඇත්තේ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නිර්දේශිත වියලි  සලාකය පමණි.  විශේෂ කාර්ය බලකායේ අම්පාර කලාප භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරයා මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවේ 24 වන සේනාංකාධිපතිවරයා හැකි සෑම අවස්ථාවකම තමන්වහන්සේලා ගැන සොයා බලන බව නායක හාමුදුරුවෝ පවසති.

“බොහොම අපහසුවෙන් භික්ෂූන්වහන්සේලා පමණක් නොවෙයි, පිරිවෙන් මධ්‍යස්ථාන වෙහර විහාර ටික    රැකගැනීමට කටයුතු කරන්න වෙලා තියෙන්නේ„. අවසානයේ උන්වහන්සේ වදාලහ.

මෙවැනි දුර්ග අවස්ථා ඉතිහාසයේ කොතෙකුත් තිබිණි. ඒ සෑම අවස්ථාවකම පලාකොල, ගඩා ගෙඩි වළඳවා හෝ    බෞද්ධයෝ සංඝ සමාජය රැක ගත්හ. අප ඒ පරම්පාරාවේ මිනිසුන්ය.  එවැනි බොදුනුවන් සහිත සමාජයක සංඝයා වහන්සේ දන්වේලක් නැතිව කුස ගින්නේ දුක් විඳින්නට ඉඩක් නැත. ඔබම 071 83333 22   යන දුරකථන අංකයට අමතා අරන්තලාවේ වත්මන් කතාව දැනගන්න. අප දන්නේ එකම එක දෙයකි.    අරන්තලාවේ පිරිවෙන් වාසීව වැඩ හිඳින මේ සංඝයාවහන්සේ  ඔබ වැනි මිනිසුන් ජීවත්වන  බෞද්ධ සමාජයක් තුළ තවදුරටත් අසරණ වන්නේ නැත.

 

 

 

Share69Tweet43
Previous Post

රටේ සැලසුම් කුඩු කළ කුඩ්ඩෝ කොවිඩ් පොකුරු හදපු හැටි

Next Post

  කොවිඩ් 19 හමුවේ  බිඳ වැටුණු ආගම්වල හාස්කම්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.