දිනසේන රතුගමගේ –
මුලතිව්-ඔට්ටිසුඩාන් ඔතියමලේ ප්‍රදේශයේ අඩි 20ක් පමණ ගැඹුරු කෘෂිකාර්මික ළිඳකට වැටී සිටි වන අලියෙකු වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (18) බේරාගෙන තිබේ.
ගොවීන්ගේ බඩඉරිගු වගාවකට කඩා වැදුණු මෙම වන අලියා ගොවීන් විසින් පලවා හැරීමේදී ඌ වගා ළිඳකට වැටී සිටි අතර ගම්වාසීන් හා වන ජීවී නිලධාරීන් බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන වන අලියාව වගා ළිඳෙන් ඉවත් කොට තිබේ.







