සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වගාව රක්ෂිතයේ ද නැද්ද යන්න නොසොයා වගා හානි සඳහා වන්දි ගෙවීම් දෙසැම්බර් 25ට පෙර අවසන් කරන්න – ජනපති නිලධාරීන්ට දන්වයි…

by editor
දෙසැම්බර් 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ව්‍යසනය හමුවේ බිඳ වැටුණු ජනතාවගේ ජීවනෝපායමාර්ග යළි ගොඩනඟා දීමට ප්‍රමුඛතාව ලබා දෙමින් හානි සඳහා වන්දි ගෙවීම් කඩිනම් කර කෘෂි, ධීවර සහ කර්මාන්ත ක්ෂේත්‍රය යළි පණ ගැන්වීමට කඩිනමින් පියවර  ගන්නා ලෙසත් වගා හානි සඳහා අදාළ වන්දි ගෙවීම් මෙම දෙසැම්බර් 25 වනදාට පෙර නිම කරන ලෙසද   ජනාධිපති අනුර කුමාර දිසානායක අද (13)   නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක   මෙම උපදෙස් ලබා දුන්නේ අද (13) පෙරවරුවේ පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

පසුගිය සුළි කුණාටුව  රටටම එකවර මුහුණ දීමට සිදුවූ මෑතකාලීන විශාලතම ව්‍යසනය බව මෙහිදී  පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ හමුවේ බිද වැටුණු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසීය සහ රාජ්‍ය නිලධාරින් සිදු කළ මහත් කැපවීම අගය කළ අතර, එම කැපවීම නිසාම  විදුලිය ජලය සහ මාර්ග වැනි අත්‍යවශ්‍ය යටිතල පහසුකම්වලින්  සැළකිය යුතු  ප්‍රමාණයක් මේ වන විට ප්‍රතිසංස්කරණය කර ඇති බවද සඳහන් කළේය.

එමෙන්ම ආපදාවට ලක් වූ ජනතාවට මෙතරම් ඉහළ වන්දි මුදලක් ලබා දීමට රජයට හැකි වූයේ රජය පවත්වාගෙන යන ශක්තිමත් මූල්‍ය විනය නිසා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙතෙක් දීමනා සහ ආධාර ලබාදීමේ දී මතුවු ගැටලුකාරී තත්ත්වයන් සලැකිල්ලට ගනිමින් අදාළ වන්දි ලැබිය යුතු අයටම හිමි විය යුතු බවත්, කිසිදු අවස්ථාවක එම ප්‍රතිපත්තිය බිඳ වැටීමට ඉඩ නොතබන ලෙසත් ඒ සඳහා පූර්ණ ලෙස මැදිහත්වන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

දිස්ත්‍රික්කයේ විනාශ වූ මහාමාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය  පිළිබඳ මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් වූ අතර එම කටයුතුවලදී මතුව ඇති ගැටලු සඳහා අදාළ  නිලධාරින්ගෙන් කරුණු විමසමින් එම අවස්ථාවේදීම විසදුම් ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

කලාඔය පහළ පාලම ඉදිකිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර සංචාරක කර්මාන්තයට අවශ්‍ය වන පරිදි තාවකාලික පාලමක් එම ස්ථානයේ ඉදිකරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා ඉදිකිරීම් සිදු කිරීමේදී එහි අත්‍යාවශ්‍යතාව පිළිබඳ මනා අවබෝධයකින් යුතුව  සහ නිසි ශක්‍යතා අධ්‍යයන සිදු කරමින් කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

එමෙන්ම විශාල ඉදිකිරීම් කිසිදු ප්‍රයෝජනයකින් සහ අවශ්‍ය ප්‍රතිඵල සපුරා ගැනීමකින් තොරව අතහැර දමා තිබෙන ආකාරයද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා  ඉදිකිරීම් සිදු කිරීමේදී ප්‍රදේශයක් ලෙස පමණක් නොව රටක් ලෙස ලැබෙන ආර්ථික ප්‍රතිලාභ කෙරෙහි අවධානය යොමු කළ යුතු බවද පෙන්වා දුන්නේය.

දිස්ත්‍රික්කයේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද විමසු ජනාධිපතිවරයා එය කඩිනමින් සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

එමෙන්ම ජල සැපයුම යථාවත් කිරීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද ජනාධිපතිවරයා කරුණු විමසීය. දිස්ත්‍රික්කයේ ළිං පවිත්‍ර කිරීමේ කටයුතු ප්‍රමාණවත් නොවන බැවින් ඒ සඳහා කඩිනමින් මැදිහත්වන ලෙසද පළාත් පාලන ආයතන වෙත උපදෙස් දුන්නේය.

දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මහ කන්නයේ වී වගාව සඳහා සූදානම් කිරීමට ආරම්භ කර ඇති වැඩපිළිවෙළ පිළිබඳවද විමසු ජනාධිපතිවරයා වගාවන් සඳහා සුදුසු පරිසරයක් කඩිනමින් ගොවි ජනතාවට සකස් කර දෙන ලෙසත්, විකල්ප ක්‍රම කෙරෙහි අවධානය යොමු කරමින් අත හැරෙන භූමි ප්‍රමාණය හැකි තරම් අවම කර ගැනීමට කටයුතු කරන ලෙසත්  උපදෙස් දුන්නේය.

දෙසැම්බර් 25 වනදාට පෙර ගොවින්ට ගෙවිය යුතු වන්දි මුදල් ගෙවා නිම කරන ලෙසත්, එම වන්දි ගෙවීමේදී රක්ෂිතයේද, නිත්‍යානුකූලද නොසළකා වන්දි ලබා දෙන ලෙසත්, රක්ෂිතවල වගාව වැළැක්වීමට ක්‍රමානුකූලව පියවර ගන්නා ලෙසත් උපදෙස් දුන්නේය.

කල්පිටිය වැනි ප්‍රදේශවල පාංශු සංරක්ෂණ කිරීම වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙළ අවශ්‍යතාව පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී අවධානය යොමු කළේය.

සත්ව කර්මාන්තයේ නියුතු පිරිස් සඳහා සාධාරණ වන්දි මුදලක් ලබා දෙමින් ඔවුන්ගේ ජීවනෝපායමාර්ග යළි නගා සිටුවීමේ අවශ්‍යතාව පැහැදිළි කළ ජනාධිපතිවරයා ඒ සඳහා බිම් මට්ටමින් නිවැරදි තොරතුරු අවශ්‍ය බවත්, සෑම සත්ව ගොවිපොළක්ම ලියාපදිංචි කිරීම වෙනුවෙන් නීති හඳුන්වාදීමේ අවශ්‍යතාවත් පෙන්වා දුන්නේය.

ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ නිවාස  627කට පූර්ණ හානි සිදුව තිබෙන අතර නිවාස 20,813කට අර්ධ හානි සිදුව තිබේ. එම ජනතාව වෙනුවෙන් අවශ්‍ය වන්දි ලබා දීම් කඩිනම් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා නැවත පදිංචි කිරීමේදී රජයේ ඉඩම්වල පදිංචි කරවීම වෙනුවෙන් ප්‍රමුඛතාව ලබා දෙන ලෙසත්, රජයේ ඉඩමක් සැපයිය නොහැකි නම් ඉඩමක් මිලදී ගැනිම වෙනුවෙන් හිමිවන මිලියන 05ක මුදල ඔවුන්ට ලබා දෙන ලෙසත් උපදෙස් දුන්නේය.

එමෙන්ම පූර්ණ නිවාස හානි වූ ජනතාවට නිවාස ඉදිකරදීමේදී ලක්ෂ 50ක නිවසක  හිමිකම ලැබෙන අයුරින් නිසි සැලැස්මක් අනුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ධීවර කර්මාන්තය පිළිබඳවද මෙහිද අවධානය යොමු වූ අතර හානි වූ ධීවර බෝට්ටු අලුත්වැඩියා කර ගැනීම සඳහා ආධාර ලබාදීම මෙන්ම  ඉස්සන් ගොවිපොළ සඳහා සාධාරණ වන්දි මුදල් සහ බැංකු හරහා සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සාකච්ඡා විය.

හලාවත රෝහලේ කටයුතු පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලු අතර ලබන සතිය වන විට  රෝගීන් නැවත ඇතුළත් කර ගැනීමේ සහ ඒකක කිහිපයක කටයුතු ආරම්භ කළ හැකි බව බලධාරිහු පෙන්වා දුන්හ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති  චන්දන අබේරත්න, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි,  වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය   සහ පුත්තලම දිස්ත්‍රික්කයේ පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, වයඹ පළාත් ලේකම් ඇතුළු පළාත් පාලන නියෝජිතයන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම  , පුත්තලම දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරු, රාජ්‍ය  නිලධාරීහු,  සහ ආරක්ෂක අංශ නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

NBRO දුවලා තියෙන්නේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ පුරප්පාඩු 135ක් තියාගෙන… විගණනය හෙළි කරයි!

Next Post

ප්‍රාදේශිය  ආපදා අවදානම් අවම කිරිමේ සැලසුම් 134ක් සැකසීමට   ලැබුන UNDP අරමුදල් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කාබාසිනියා කළ ආකාරය විගණනය හෙළි කරයි!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.