බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වකුගඩු දෙකම ඉවත්කිරීම නිසා රිජිවේ ආර්යා ළමා රෝහලේ දැරියක් මිය යෑම – සැත්කමින් පසු රටින් පලා ගිය විශේෂඥ වෛද්‍යවරයා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි!

by editor
ඔක්තෝබර් 9, 2024
in පුවත්
හම්දි...

හම්දි...

Share on FacebookShare on Twitter

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දරුවෙක්  මියයාමේ සිද්ධියෙන් අනතුරුව දිගින් දිගටම මරණ පරීක්ෂණයට අදාලව සාක්ෂි ලබා දීම මගහරිමින් විදේශගතව සිටින එම සැත්කම සිදුකරන ලද විශේෂඥ වෛද්‍ය නවීන් විජේකෝන් අපරාධමය වරදක් කර ඇතැයි පොලිස් විමර්ශනවලදී කරුණු අනාවරණය වේ නම් ඔහු සාක්ෂිකාරයෙකු ලෙස නොව සැකකරුවකු ලෙස නම්කර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල රහස් පොලිසියට අද (09) නියෝග කළේය.

සිද්ධිය

මරණයට පත් දරුවා හම්දී ෆස්ලීන් ය. ඇය උපන්නේ 2020 අප්‍රේල් මාසයේය. එම දරුවාගේ වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයක් පවතින බවට වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන තිබිණි. වෛද්‍ය නිර්දේශය වී තිබුණේ වම් වකුගඩුව ඉවත් කළ යුතු බවය. දකුණු වකුගඩුව නීරෝගී තත්ත්වයේ පවතින බව හඳුනාගෙන තිබූ බව වාර්තා විය.

2022 දෙසැම්බර් 22 වන දින දරුවාට අදාල ශල්‍ය කර්මය සිදුකළේය. කෙසේ වෙතත් නීරෝගී දකුණු වකුගඩුවත් ශල්‍යකර්මය අතරතුර ඉවත් වී ඇති බවට වෛද්‍යවරු  පසුව ප්‍රකාශ කළහ.

කෙසේ වකුගඩු දෙකම ඉවත් වීම නිසා වකුගඩුවක් බද්ධ කරන තෙක් රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාරය දරුවා වෙනුවෙන් කිරීමට සිදුවිය. එය කුඩා දරුවෙකුට දැරිය හැකි පීඩාවක් නොවේ. ඔහු අප්‍රමාණ දුක් විඳිමින් රුධිර කාන්දු පෙරණය හරහා සිය ජිවිතය ගැටගසාගෙන සිටි අතරතුර විෂබීජයක් ශරීරගත වී  මිය ගියේය. ඒ වකුගඩු දෙකම ඉවත් කිරීමෙන් පසු  මාස හතක් ජිවිතය සමග පොරබදමින් සිටය. දරුවා මිය යන්නේ 2023 ජූලි මස 27වැනි දාය.

2023 ජූලි මස 29 වැනි දින දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්   කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

2023 ජුලි මස31 වැනි දින එම වාර්තාව ඉදිරිපත් විය. ඒ අනුව වම් වකුගඩුවේ රෝගී තත්ත්වයක් තිබූ නමුත් දකුණු වකුගඩුව කිසිදු අසාමාන්‍යතාවකින් තොරව නියමිත ස්ථානයේ පිහිටා තිබූ බව එම දරුවාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් කළ පරීක්‍ෂණවලදී හෙළිවී ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය මලිත් සමරසිංහ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ පැවැසීය.

වකුගඩු රෝගී තත්ත්වය හේතුවෙන් එම දරුවා 2021 වසරේ සිට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් විටින් විට ප්‍රතිකාර ලබාගත් බවත් ඊට අදාළව රිජ්වේ රෝහලෙන් හා පෞද්ගලික රෝහල්වලින් අවස්ථා කීපයකදී කළ පරීක්‍ෂණවලදී දරුවාගේ වම් වකුගඩුවේ ක්‍රියාකාරීත්වයේ අඩුවක් තිබෙන බව එම පරීක්‍ෂණ වාර්තාවලින් හෙළිවී ඇති බවත් වෛද්‍යවරයා පැවැසීය.

දරුවාගේ වම් වකුගඩුවේ ක්‍රියාකාරීත්වය 9% හා දකුණු වකුගඩුවේ ක්‍රියාකාරීත්වය සියයට 91% වශයෙන් පෙන්නුම් කර ඇති බවද විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

ශල්‍යකර්මයේදී සිදුවූ වැරැදීමක් හේතුවෙන් එක් වකුගඩුවක් ඉවත්ව ඇති බවට රෝහල් අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කරන නමුත් එක් වකුගඩුවක් පමණක් තිබූ බවට අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාවේ සඳහන් වීම අපැහැදිලි කාරණයක් බවද අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයකු මෙන්ම වෛද්‍යවරයකුද වන වයි.එල්.එම් යුසුෆ් අධිකරණය හමුවේ පවසා තිබිණි.

නඩු කටයුත්ත යන අතරතුර ශල්‍යකර්මය සිදුකළ වෛද්‍යවරයා සිය පවුලේ සියලු දෙනාම සමග රට හැර ගියේය.

සැත්කම ම්බන්ධයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය පවසා තිබුණේ දරුවාගේ වකුගඩු අක්‍රමවත්ව පිහිටීම හේතුවෙන්  සැත්කම අතරතුර නිරෝගී වකුගඩුවද ඉවත්වී ඇති බවය.

වෛද්‍යවරයා අත් අඩංගුවට  ගැනීමට නියෝග කිරීම –

යළිත් මෙම සිද්ධිය මතුවන්නේ අදාල නඩුකරය අද යළි කැඳවූ අවස්ථාවේ දී ය.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන මහේස්ත්‍රාත් පරීක්ෂණ සාක්ෂි විභාගය අද (09) යළි කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ පොලිස් විමර්ශනවලින් මෙම වෛද්‍යවරයා අපරාධමරය වරදක් කර ඇති බව පෙනී යන්නේ නම් ඔහු සැකකරුවෙක් ලෙස නම් කර වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

ඊයේ මෙම පැමිණිල්ල පශ්චාත් මරණ පරීක්ෂණ විමර්ශනයේ දි වෛද්‍යවරයා අදාළ සාක්ෂි විභාග කිරීම සඳහා කැඳවීය.

දැරියගේ ශල්‍යකර්මය භාරව කටයුතු කළ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නවීන් විජයකෝන් සාක්ෂි ස්කයිප් තාක්ෂණය ඔස්සේ කැඳවීමට නියම කර තිබුණද ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින සාක්ෂිකරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව රහස් පොලිසිය අද  අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

සාක්ෂිකරුවකු ලෙස නම්කර ඇති විශේෂඥ වෛද්‍යවරයා සාක්ෂි ලබාදීම මගහරිමින් සිටින බවට පෙනී යන බව ද රහස් පොලිසිය කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.

ඔහු සැකකරුවෙක් ලෙස අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය අද නියෝග කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

2021න් පසු මෙරටට පැමිණෙන ඉහළම එක්සත් ජනපද හමුදා නිලධාරියා… තරු 4 අද්මිරාල් ස්ටීවන් කෝලර්…

Next Post

කමල් අද්දරආරච්චි විජේවීරගේ පුත් උවිඳු එක්ක මහ මැතිවරණයට !

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.