බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“වංගු එපා කෙළින් එන්න” – පාඨලීගෙන් මහින්ද -බැසිල් දෙසොයුරන්ට අභියෝගයක්

by Lanka Sara Editor
පෙබරවාරි 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වංචා දූෂණ වලට මැදිහත් වූ බවට චෝදනා ලැබූ තමන්ගේ දේශපාලඥයන් නිදහස් කරගැනීම සිදු කරන අතරේ, තමන්ට විරුද්ධ, තමන්ට අභියෝගයක් විය හැකි දේශපාලන නායකයින් හා බලවේග නිශ්ක්‍රීය කිරීමේ වැඩපිළිවෙලක වත්මන් ආණ්ඩුව නිරත වී සිටින බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.

ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුවේ වැරදි විවෙචනය කරන පිරිස් ද දඩයම් කිරීම ආණ්ඩුව විසින් අරඹා ඇති බව පෙන්වා දෙන චම්පික රණවක මහතා, වංගු ගහන්නේ නොමැතිව, කොන්ද කෙලින් තබාගෙන, මුහුණට මුහුණ ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරන මෙන් තමන් ජනපතිගෙන්, අගමැතිගෙන් හා බැසිල් රාජපක්ෂගෙන් ඉල්ල සිටින බවද සඳහන් කර සිටී.

හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ, අද(18) ස්වාධීන අධිකරණ හා ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට ඇතිව තිබෙන බලපෑම හා තර්ජනය සම්බන්ධයෙන් සමඟි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් පළකල චම්පික රණවක මහතා,

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

“දේශපාලන පලිගැනීම් සෙවීම සඳහා පත් කරපු කොමිෂන් සභා වාර්තාව පිළිබඳව දැන් බොහෝ දෙනෙක් කතා කරන්න පටන් අරගෙන තියෙනවා. පසුගිය ජනවාරි 15 වන දා ජනාධිපතිතුමා මෙය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. එතුමා එහිම ප්‍රකාශයක් කලා මෙය පාර්ලිමේන්තුවේ සභාගත කරනවා කියල. ඒ වගේම මේ කොමිෂන් සභා වාර්තාව තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලුවාම ලබාදීල තියෙන පිළිතුර තමයි තාම මෙය නිල වශයෙන් නිකුත් කරල නෑ, ඒ නිසා එවැන්නක් ලබාදිය නොහැකි බව.

ජනවාරි 15 ජනාධිපතිතුමාට බාරදීපු මේ වාර්තාව වෙනුවෙන් එහි නිර්දේශ සලකා බලල ක්‍රියාත්මක කරන්න තවත් විශේෂ ජනාධිපති කොමිසමක් ජනවාරි 29 වෙනිදා ජනාධිපතිතුමා පත්කළා. එහි විශේෂයෙන්ම ව්‍යවස්ථාවේ 81 වගන්තිය යටතේ සඳහන් කරල තියෙනවා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතාන්විතව උල්ලංඝණය කිරීම, බලය අයුතු ලෙස පාවිච්චි කිරීම, නීතිය හා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට මැදිහත්වීම වැනි කාරණා පිළිබඳව කලින් සඳහන් කරපු කොමිසමේ නිර්දේශ හා නිගමන සොයාගැනීම් පිළිබඳව සොයා බලා මාස තුනක් ඇතුළත නිර්දේශ ඉදිරිපත් කරන්න කියල. ඒ කියන්නේ ජනවාරි 29 පත් කරපු කොමිසමේ වාර්තාව අප්‍රේල් 29 එන්න ඕන.

නමුත් මේ වන තුරු මුල් කොමිසමේ වාර්තාව නිල වශයෙන් නිකුත් කරල නෑ. අපි පාර්ලිමේන්තුවේදි ඉල්ලා සිටියා, තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටියා, එත් මේක ලබාදීල නෑ. ඒ නිසා අපට සැකයක් තියෙනවා මේ නිල කොමිෂන් වාර්තාව අප්‍රේල් 29 වෙනිදා වෙනකන්ම නිකුත් නොකර විශේෂ කොමිසමේ නිර්දේශ ටිකත් අරගෙන එන්න ආණ්ඩුව ක්‍රමන්ත්‍රණය කරනවද කියල. දැනට නිල නොවන වාර්තාවක් එළිදැක්විලා තියෙනවා. ඒක වැරදියි කියලවත් ආණ්ඩුව කොහොවත් කියල නෑ. ඒ වගේම එම වාර්තාවේ උප ලේඛනයක් හැටියට, එහෙමත් නැත්නම් අමතර වාර්තාවක් ලෙස තවත් වාර්තාවක් නිකුත් වෙලා තියෙනවා. ඒකත් මාධ්‍ය වල සැරිසරනවා. එම වාර්තාවත් නිල වාර්තාව නෙවෙයි කියල ප්‍රකාශ කරල නෑ. වාර්තාවයි ඌණ පූර්ණය නමින් තියෙන වාර්තාවයි දෙකම මාධ්‍යවල සැරිසරනවා. නමුත් ඒවා නිල වාර්තා නොවේ යැයි කියලත් නෑ. ආණ්ඩුවේ මේ වෑයම මේ සඳහා අපි අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීම වැළැක්වීම කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ.

දේශපාලන වශයෙන් ගත්තොත් ආණ්ඩුවට දැන් වැටහිලා තියෙනවා තමන්ට මේ රටේ ආර්ථිකය පාලනය කරගන්න බෑ කියල. දැවැන්ත ආර්ථික අර්බුදයක රටක් හැටියටත්, ආණ්ඩුවක් හැටියටත්, ජනතාව හැටියටත් පත්වෙලා තියෙනවා. ඒ වගේම තමන්ට ඡන්දෙ දීපු ජනතාව ප්‍රාර්ථනා කරපු ඒ ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ කරගන්න නොහැකිව දේශපාලනික වශයෙන් සම්පූර්ණ බිඳ වැටීමකට ආණ්ඩුව ලක්වෙලා තියෙනවා. මේ තත්ත්වය යටතේ ආණ්ඩුව උත්සහ කරනවා ආණ්ඩුව ඇතුලෙ විවෙචන කරන අයටත් ගහන අතරේ මේ ආණ්ඩුවට විකල්ප බලයක් වෙන්න පුළුවන් අයව දේශපාලන වශයෙන් නිශ්ක්‍රිය කරන්න.

මේ විශේෂ ජනාධිපති කොමිසමට පුළුවන් ව්‍යවස්ථාවේ 81 වන වගන්තිය යටතේ ප්‍රජා අයිතිය අවුරුදු 07 කට අහිමි කරල, ඡන්දය ඉල්ලන්නත්, ඡන්දය දාන්නත් නොහැකි තත්ත්වයක් ඇති කරවන්න. මේක ඇත්තටම කෙලින් මූණට මූණ දේශපාලනය කරන්න තියෙන බය නිසා සිදු කරන ක්‍රියාදාමයක්. ඒ වගේම තමන්ට මේ රටේ සමාජ ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් නැති නිසා ඒ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත්වෙයි කියන බය නිසා සිදු කරන දේශපාලනික ක්‍රියාවලියක්.

බොහොම පැහැදිළිව මේ රටේ ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙනවා, රටේ පවතින්න පුළුවන් අධිකරණ මොනවද කියල. එම අධිකරණවල තීන්දු තීරණ වෙනස් කරගන්න පුළුවන් වෙන්නෙ එම අධිකරණ හරහාම පමණයි. පිටතින් ඇති කරන කොමිෂන් වලට එවැන්නක් කිරීමේ හැකියාවක් නෑ. කෙසේ නමුත් දැන් උත්සහ කරන්නේ තමන්ට තමන්ගේ දේශපාලඥයෝ, මේ වංචා දූෂණ වලට මැදිහත් වුණා යැයි චෝදනා ලැබූ අයව නිදහස් කරගැනීම එක පැත්තකින් කරන ගමන් එක ගලින් කුරුල්ලො දෙන්නෙක් නෙලාගන්න තමන්ට විරුද්ධ, තමන්ට අභියෝගයක් විය හැකි දේශපාලන බලවේග නිශ්ක්‍රීය කිරීමටත් මේක අවස්ථාවක් කරගෙන තියෙනවා.

අපි මේවගෙන් බිය වෙන්නෙ නෑ. අපි මේවට දණ නමන්නේ නෑ. අපි අනිවාර්යෙන්ම මේ ප්‍රජාතන්ත්‍රවිරෝධී පාලනයට එරෙහිව කටයුතු කරනවා. ඒ වගේම ආණ්ඩුවට අපි මතක් කරනවා ආණ්ඩුවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය මේ අවස්ථාවේ ආණ්ඩුවට ඉතාමත්ම වැදගත්. මොකද මේ වසරේ තියෙනවා ඩොලර් බිලියන 07 ක ණය ගෙවන්න. ඒ ණය ගෙවන්න නම් ශ්‍රේණිගත සමාගම්වල, ශ්‍රේණිගත ආයතනවලට අවශ්‍යයි ලංකාවේ ප්‍රතිරූපය. ඒ ප්‍රතිරූපය තවත් කෙලෙසගන්න එපා. හිතන්න එපා හැමදාම, යුධ අපරාධ කාරණාව සම්බන්ධයෙන් අපි ඔක්කොම එක මතයක ඉන්නවා. රට බේරගන්න කටයුතු කරපු සෙන්පතියා මෙතන ඉන්නවා. ඒ නිසා ඒවා සම්බන්ධයෙන් අපේ ස්ථාවරය පැහැදිළියි අපේ රටේ රණවිරුවන් වෙනුවෙන්. හැබැයි, මේ සෑම විරුද්ධ පක්ෂ දේශපාලඥයෙක්ම දෙමළ සන්ධානය වේවා, මුස්ලිම් කොන්ග්‍රසය වේවා, හෙළ උරුමය වේවා, එක්සත් ජාතික පක්ෂය වේව, සමගි ජන බලවේගය වේවා, ජනතා විමුක්ති පෙරමුණ වේවා, මේ සියලු දෙනාවම මර්දනය කිරීමට යෑමෙන් මෙම ප්‍රශ්න අන්තර්ජාතිකකරණය වෙලා අපව තවදුරටත් ජාත්‍යන්තරව කොටුවීමේ, හෑල්ලුවීමේ ඒ වගේම නිගාවට පත්වීමේ වගකීම ජනාධිපතිවරයා දැරිය යුතුයි. ඔහුට ඒවයෙන් හැංගිලා යන්න බෑ. ඒ නිසා කරුණාකරල ඔය මඩෙන් එන්නැතුව, වටෙන් එන්නැතුව ගොඩින් මූණට මූණ ඇවිල්ල මේ ඡන්ද දේශපාලන පොරපිටියේදී අපි විසඳගමු කියල අපි මහින්ද රාජපක්ෂ මහත්තයටත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයටත් කියනවා මේ ප්‍රශ්ණය බියගුළු විදියට නැතුව එඩිතර විදියට විසඳගමු කියල.

නිර්භීතව මේ රටේ කොන්ද කෙලින් තියාගෙන අපිත් එක්ක මූණට මූණ ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරන්න කියල ගෝඨාභය රජපක්ෂ මහත්තයටත් මහින්ද රාජපක්ෂ මහත්තයටත්, තිරෙන් පිටිපස්සෙ ඉඳන් මේ ඔක්කොම නටවන බැසිල් රාජපක්ෂ මහත්තයටත් අපි කියනවා. වංගු ගහන්නෙ නැතිව කෙලින් එන්න කියල.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති තුමනි… ගම සමග ඔබගේ පිළිසඳරින් පසු අපි රට ඉදිරියේ නිරුත්තරයි…

Next Post

අද දවස තුළ කොවිඩ් ආසාදිතයන් 501යි…

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.