ලෝක ප්‍රකට ඉන්දියානු ලේඛක සල්මාන් රෂ්ඩි අද (12) ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී පුද්ගලයකු විසින් එල්ල කරන ද පිහි ප්‍රහාරයකින් තුවාල සිදුව ඇති බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රි ලංකාවේ වේලාවෙන් රාත්‍රී 9.00ට පමණ මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ නිව්යෝර්ක්හි ප්‍රසිද්ධ දේශනයකට ඔහු සූදානම් වන අවස්ථාවේ දෙනොදාහක් ඉදිරිපිට වේදිකාවකදීය.
විනාඩි ගණනාවක් මෙම පුද්ගලයා විසින් ඔහුට පහර දී ඇති අතර ගෙල ප්‍රදේශයට තුවාල සිදු කර ඇති බව නිව්යෝර්ක් පොලිසිය තහවුරු කර ඇත.
ඔහු මෙම ප්‍රහාරයෙන් මුදවා ගැනිමට පුදගලයන් කිහිප දෙනකු මහත් පරිශ්‍රමයක් දරා ඇති අතර ඔහු හෙලිකොප්ටරයක් මඟින් රෝහල් ගත කොට තිබේ.
සල්මන් රෂ්ඩි නිව්යෝර්ක්හි චවුටකුවා නම් ආයතනය විසින් සංවිධානය කරන ලද දේශනයකට සහභාගි වී සිට ඇති අතර ඔහුගේ කතාව ඇසීමට ඒ වනවිට විශාල පිරිසක් පැමිණ සිටි බව සඳහන් වේ.
ඔහු වැඩසටහන මෙහෙයවන්නා සමඟ වේදිකාව මත රැඳී සිටියදී පැමිණි පුද්ගලයකු සල්මන් රෂ්ඩිටත් ඔහු සමඟ වැඩ සටහන මෙහෙයවන්නාටද එකවර ප්‍රහාරයක් එල්ල කර ඇත.
කෙසේ වුවද ඔහුට සිදුව ඇති හානිය පිළිබඳව මෙතෙක් වාර්තා නොවන බව නිව්යොර්ක් පොලිසිය පවසයි.