කිලෝමීටර 10 දිගු දුර ධාවනයේ ලෝක වාර්තාව හිමි කෙන්යාවේ අග්නස් ටිරොප් කපා කොටා ඝාතනය කර තිබේ.
ඒ කෙන්යාවේ අයිටන් නගරයේ පිහිටි ඇගේ නිවස තුළය. කෙන්යා මළල ක්‍රීඩා බලධාරීන් පැවසුවේ ඇයගෙ මරණය ඊයේ (13) වාර්තා වුණු බවය.
25 හැවිරිදි ඇය ඝාතනය කර ඇත්තේ ඇගේ ස්වාමිපුරුෂයා විසින් බවට සැක පහළ කෙරේ. කෙන්යානු මාධ්‍ය වාර්තා කළේ ඇගේ උදරයට සහ ගෙලට පිහි පහර එල්ල කර තිබුණු බවය.
නිවසින් පිටත නවතා තිබූ ටිරොප්ගේ කාරයේ ඉදිරිපස වීදුරුව සහ ජනෙල් කැඩී ගොස් ඇති බව හෙළිකරගෙන ඇති විමර්ශකයින් ඇය මිය යාමට පෙර දෙදෙනා අතර ආරවුලක් වී යැයි සැක කරයි.
පසුගිය මාසයේ ජර්මනියේ පැවති කිලෝමීටර 10 දුර දිවීමේ ඉසව්වේ දී මෙම ලෝක වාර්තාව ඇය විසින් පිහිටවූවාය.
ඇය ලෝක මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේ ද ජයග්‍රාහිකාවකි.