ග්‍රීසියේ පැවති ලෝක පොසල් චෙස් තරගාවලියේදී වයස අවුරුදු 9න් පහළ විවෘත බාලක ශූරතාව දිනා ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ 4 වැනි ශ්‍රේණියේ තෙහස් විශ්මික කිරිංගොඩ ශිෂ්‍යයා සමත් වී තිබේ.
පසුගිය 14 වැනිදා සිට 22 වැනිදා දක්වා ග්‍රීසියේ රෝඩ්ස් හි පැවති ලෝක පාසල් කේවල චෙස් තරගාවලියේදී තෙහස් සිසුවා මේ ජයග්‍රහණය ලබා තිබේ.
අවුරුදු 9න් පහළ බාලක ඉසව්වට ලොව පුරා ක්‍රීඩකයන් 61 දෙනෙක් සහභාගි වූහ. තරග වට 9න් 7.5ක් හිමි කරගනිමින් තෙහස් මේ ජයග්‍රහණය හිමි කරගත්තේය.