සැප්තැම්බර් මස 05 වැනිදා ආරම්භ වන 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග ආරම්භවනඅද (29) ශ්‍රි ලංකාව සිය මුල්ම පුහුණු තරගය සඳහා බංගලාදේශය හා තරග වැදීමට නියමිතය.
අද දිනයේදී පුහුණු තරග 3ක් පැවැත්වීමට නියමිතය.
ගුවාටි හිදී ශ්‍රී ලංකා බංගලාදේශ පුහුණු තරගය මෙරට වේලාවෙන් පස්වරු 2ට ආරම්භ වීමට නියමිතව තිබේ.
ඇෆ්ගනිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තිවානන්තපුරම්හි දී ද, පාකිස්තානය සහ නවසීලන්තය අතර හයිද්‍රාබාද් හි දී ද අනෙක් පුහුණු තරග දෙක පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකා පිල සහභාගී වන දෙවන පුහුණු තරගය ඔක්තෝබර් මස 3 වනදා ඇෆ්ගනිස්ථානයට එරෙහිව ගුවාටි හිදී පැවැත්වීමට නියමිතය.







