fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ලෝක කුසලාන අවසන් තරගයේ සැක සහිත අවස්ථා 24 ක් ගැන මම තොරතුරු දුන්නා”

වසර 2ක් ago
in පුවත්
439 5
0
Share on FacebookShare on Twitter

2011 ලෝක කුසලාන පාවාදීම සම්බන්ධ විශේෂ වාර්තාවක් අද (24 දා) හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පොලිස් විමර්ෂණ ඒකකයට භාර දුන් අතර අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමින් ඇමැතිවරයා පවසා සිටියේ තමාට සැක සහිත කරුණු 24 ක් අදාළ ලිපි ලේඛනවලට ඇතුළත් කර ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා, “2011 තරග පාවාදීමක් සිදු වුණාද කියලා මම විශ්වාස කරනවා. මේ තරගය පරාජය වෙන්න මට සැක හිතුන තැන් 24 ක් පිටු නවයක සඳහන් කරලා තියෙනවා. මට මේ ලිපිය හම්බ වුණේ සති දෙකකට ඉස්සෙල්ලා (ලිපියක් පෙන්වමින්) ක්‍රීඩා අමාත්‍යාංශයේ තියලා. මේ ලිපිය පෞද්ගලික ලිපියක්. ඒ ලිපිය හම්බ වුණාම තමයි මට මේ ගැන ආයෙත් කියන්න පුළුවන් වුණේ. මම ජනාධිපතිතුමාගෙන් සහ ක්‍රීඩා ඇමැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා මාස තුනක් ඇතුළත වාර්තාවක් ලබා දෙන්න කියලා.”

“මට ලැබුණු සහ මා සතුව තිබු තොරතුරු සියල්ල අද මම පොලිස් විමර්ශණ ඒකකයට ලබා දුන්නා. මගේ පැමිණිල්ල පිටු හයක්. මේකට අවශ්‍ය කරන ලේඛන අටක් මම පොලිස් විමර්ශණ ඒකකයට බාර දුන්නා. මට කියන්න තියෙන්නෙ මම 2011 ලෝක කුසලානට සහභාගී වුණා. මම තරගය නිරීක්ෂණය කළා. මට පෞද්ගලිකව සැක හිතුණා. මට මේ පිළිබඳව තොරතුරු ලැබුණා. මම මේ පිළිබඳව අයි.සී.සී.ය.ට දැනුම් දුන්නා. මම මේකට අවශ්‍ය නීති රීති රටේ හැදුවා. මට කරන්න පුළුවන් දේ මම කළා. ඒ සියලු දේ කරලා තියෙද්දී අයි.සී.සී.ය කියනවා තවම මේ ගැන රටේ අවධානය යොමු වෙලා නැහැ කියලා.”

ජනතාවගේ අවධානයද 2011 ලෝක කුසලාන පාවාදීම සම්බන්ධයෙන් යොමුව නැතිව අයි.සී.සී.ය විසින් පවසන බව හිටපු ක්‍රීඩාඇමැතිවරයා පවසයි.

“නැවතත් ජනතාවගේ අවධානය මේ සඳහා යොමු වෙලා මෙවැනි දේවල් වලට තිත තියන්න ඕන නිසා තමයි මෙවැනි ප්‍රකාශයක් කළේ. අපි මින් ඉදිරියට මේ ගැන කතා නොකර ඉමු. මේ පිළිබඳ මත පළනොකර ඉමු. මම මේකට ක්‍රීඩකයන් සම්බන්ධ නැහැ කියලා පැහැදිලි කරලා තියෙද්දීත් ඇතැම් ක්‍රීඩකයන් මේ පිළිබඳව මත ප්‍රකාශ කරලා තිබ්බා. ඒ නිසා දැන් විමර්ශණ ආරම්භ කරලා තියෙනවා. හෙට අනිද්දා වෙන කොට අදාළ පාර්ශ්වයන්ගෙන් කට උත්තර ගන්න එයි. මේ සියලු පාර්ශ්වයන් මේකට සහය පල කරන්න. මේක දේශපාලනය කරගන්න එපා. මේ තරගාවලිය සම්බන්ධ තොරතුරු ලිපි ලේඛණ සියලු දේවල් මම දීලා තියෙනවා.”

මෑත කාලයේ මේ තොරතුරු හෙළි කිරීමට හේතුව සම්බන්ධව අදහස් දැක්වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, “මගේ ළඟ තියෙනවා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට 2018.12.23 එවපු ලිපිය. අයි.සී.සී. දුෂණ විමර්ශණ ඒකකයේ ප්‍රධානියා වන ඇලෙක්ස් මාෂල් තමයි මේ පැමිණිල්ල කරලා තියෙන්නෙ.

මෙතුමා කියනවා ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් අතර වැඩිම තරග පාවාදීම් පැමිණිලි තියෙන්නේ ශ්‍රී ලංකාවට. ඒ සම්බන්ධව පරීක්ෂණ පවත්වාගෙන යනවා.”

වසර නවයකට පසුව අදාළ ලෝක කුසලාන පාවාදීමක් වශයෙන් ප්‍රකාශ කිරීම සම්බන්ධව මහින්දානන්ද අලුත්ගමගේ මහතාට චෝදනා එල්ල වෙමින් තිබේ.

නමුත් ඒ සම්බන්ධව ඔහු පවසන්නේ මෙවැනි අදහසකි. “2011 ඔක්තෝම්බර් මාසයේ 30 වැනිදා මම ක්‍රීඩා ඇමැතිවරයා විදිහට අයි.සී.සී.ය.ට පැමිණිල්ලක් කරලා තියෙනවා මේ සම්බන්ධව. ඒක මම පොලිස් විශේෂ විමර්ෂණ ඒකකයට භාර දුන්නා. මම දැනගත්තා රටක් විදිහට මේක භයානක තත්ත්වයක් කියලා. අපි රටක් විදිහට ක්‍රීඩාවේ ඉතාම දක්ෂයෝ. අපි ලෝක කුසලාන දිනපු කණ්ඩායමක්. විස්සයි විස්ස ලෝක කුසලාන දිනපු කණ්ඩායමක්. අපි ආසියානු කුසලාන දිනපු කණ්ඩායමක්. මම විශ්වාස කරනවා ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 12 අතරින් දක්ෂතම ක්‍රීඩකයන් ඉන්නෙ අපේ රටේ. ලෝක කුසලාන දිනා ගන්න පුළුවන් ක්‍රීඩකයන් ඉන්නෙ අපේ රටේ. මේ ජයග්‍රහණයට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි තරග පාවාදීම. ලෝකයේ කිසිම රටක තරග පාවාදීම සම්බන්ධව නීතියක් සම්මත වෙලා තිබ්බෙ නැහැ. ඒ නිසා ලෝකයේ පළමු වරට තරග පාවාදීමේ පනත හදන්න මම ක්‍රීඩා ඇමැතිවරයා විදිහට තීන්දු කළා.”

“පළමුවෙනි වතාවට මම මුල පුරපු ක්‍රීඩා වැරදි වැලක්වීමේ පනත 2019 වසරේදී තමයි සම්මත වුණේ. 2019 අංක 24 දරණ ක්‍රීඩා සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනත තමයි ලෝකයේ පළමු පනත. ඉන්දියාවේ හෝ ඔස්ටේ්‍රලියාවේවත් මෙහෙම පනතක් නැහැ. අපි පළමු වරට මෙහෙම පනතක් කළා. එවැනි පනතක් හදලා නීතිගත කරලා තියෙද්දීත් ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 12 අතරින් වැඩිම පාවාදීම් තියෙන්නෙ ශ්‍රී ලංකාවට කියලා අයි.සී.සී.ය කියනවා.”

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

මහාචාර්ය හූල් යාපනේ ඡන්ද ගණන් කිරීමේ පෙරහුරුවක

Next Post

“ලෝක කුසලානය පාවාදුන් බවට සාක්ෂි නැහැ”

Related Posts

Ranil Wickremesinghe

අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්

මැයි 28, 2022
Herbal Soap

සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්

මැයි 27, 2022

සේවයට ගෙන්වන පිරිස් සීමා කර රාජ්‍ය සේවයේ වියදම් අඩු කළ හැකි ද?

මැයි 27, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්
  • සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්
  • සේවයට ගෙන්වන පිරිස් සීමා කර රාජ්‍ය සේවයේ වියදම් අඩු කළ හැකි ද?
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!
  • 21ට පක්ෂ නායකයෝ එකඟ වෙති! ජවිපෙ සහ ටීඑන්ඒ හමුවට පැමිණ නෑ….

ජනප්‍රිය පුවත්

  • හොර පාස්පෝට් නඩුවට ශෂී වීරවංශ වරදකරු වෙයි… අවුරුදු 02ක් හිරේට….

    174 shares
    Share 70 Tweet 44
  • ඇමති ධුරගෙන  පක්ෂ රැස්වීමට පැමිණි නිමල් – අමරවීර සභාවේ  කොන් වෙයි…

    218 shares
    Share 87 Tweet 55
  • රාජ්‍ය සේවකයින්ගේ බලාපොරොත්තු සුන්…  වැටුප් වැඩිවීමක් නෑ…

    209 shares
    Share 84 Tweet 52
  • අවුරුද්දේ මුල් කාර්තුවේ නිමි තේ නිශ්පාදනය කිලෝ ලක්ෂ 40කින් අඩු වෙලා… නැතිවුණු විදේශ විනිමය ඩොලර් මිලියන 73ක්….

    208 shares
    Share 83 Tweet 52
  • පොලිස්පති දෙබිඩ්ඩෙක්… පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් චෝදනා… සාක්ෂි මෙන්න….

    204 shares
    Share 82 Tweet 51
  • සහන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට සැලකිය යුතු වැටුප් වැඩි වීමක්! – මුදල් ඇමති රනිල් කියයි…

    288 shares
    Share 115 Tweet 72

Highlights

සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!

21ට පක්ෂ නායකයෝ එකඟ වෙති! ජවිපෙ සහ ටීඑන්ඒ හමුවට පැමිණ නෑ….

ජම්මු කාශ්මීර ගොවීන් තාක්ෂණික ගොවිතැනට

ට්‍රිලියනයක් අච්චු ගහන්නේ ධන කුවේරයන්ට බදු සහන දෙන්නද? සජිත් අසයි

බෙහෙත් නැතිව මැරෙන්න වැටුණු දුගී ජීවිත අසල- අමුතු ඩීල් එකකට යන  සිරිපාල – රඹුක්වැල්ල

ජන වරමක් නැති මේ පිං අගමැතිට 21න් ලැබෙන බලය හොබවන්න අයිතියක් නෑ…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

Ranil Wickremesinghe

අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්

by Lankasara News
මැයි 28, 2022
0

ශ්‍රී ලංකාවට විදේශ ආධාර ලබාදීමට සමූහයක්...

Herbal Soap

සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්

by Lankasara News
මැයි 27, 2022
0

ග්‍රාමීය ප්‍රදේශයක් වන ජබල්පූර් හි කාන්තාවන්...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist