ලෝක කුසලාන ක්‍රිකට් තරග නැරඹීම සඳහා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරින් ඇතුළු දහ අට දෙනෙකුගේ කණ්ඩායමක් ඉදිරි දින කිහිපයේ වරින් වර ඕස්ට්‍රේලියාව බලා යාමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
මොවුන්ට ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශ පත්‍ර සමග දිනකට ඩොලර් හත්සියයක දීමනාවක් ද ක්‍රිකට් ආයතනයෙන් පිරිනැමෙයි.
විශේෂත්වය වන්නේ මේ අතර ක්‍රීඩා ඇමතිවරයාගේ උපදේශකවරයකුද සිටීමය.
මීට පෙර ඩුබායිහි පැවති ආසියානු කුසලාන තරගාවලිය නැරඹීමටද මොවුන්ගෙන් වැඩි පිරිසක් මෙවැනිම දීමනා ලබමින් ගොස් තිබුණි.
මෙම වියදම් කරනු ලබන්නේ ක්‍රිකට් ආයතනයේ ඩොලර් අරමුදලෙන් වීම විශේෂත්වයකි.
වාර්තා වන ආකාරයට මෙම පිරිසගේ වියදම කෝටි දහයකට ආසන්නය.
සාමාන්‍යයෙන් මෙවැනි සංචාර සඳහා ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය හා ජාතික ක්‍රීඩා සභාවේ නිර්දේශය අත්‍යවශ්‍ය වුවත් මේ පිරිස සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා අදාල පාර්ශ්ව දෙකම දැනුවත් නොකර අනුමැතිය දී ඇතැයි ලංකාසරට වාර්තා වේ.
මෙම සංචාරයට කොළඹ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයකුද අයත් වේ. මොහු මීට පෙර ඩුබායිහි ආසියානු කුසලාන තරගවලටද ගොස් තිබේ.







