සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක අවධානය දිනූ ආසියිනු කුසලාන ඉන්දියා පක්ස්ථාන තරගය වැස්සට හේදෙයි ද?

by editor
සැප්තැම්බර් 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද (02) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

තරගය මහනුවර පල්ලකැලේ ක්‍රිඩාංගනයේ දී පස්වරු 03.00ට ආරම්භ වීමට සැලසුම් වි ඇතත් වර්ෂාව හේතුවෙන් තරග ප්‍රමාද ආරම්භයක් අපේක්ෂා කරයි. තරගයට වර්ෂාවෙන් බාධා ඇති විය හැකි බවට ද අනාවැකි පල වී තිබේ. Accuweather අනුව,  තරග ආරම්භයට පෙර වර්ෂාව ලැබීමට   40%-60%  අතර සම්භාවිතාවක් තිබේ.

ඒ අනුව කාසියේ වාසිය වර්ෂාපතනය මත තීරණය වනු ඇති බව විදෙස් මාධ්‍ය කියයි. නමුත් ශුභාරංචිය වන්නේ දවස ගෙවී යන විට කාලගුණය යහපත් වනු ඇති බවට වූ විශ්වාසයයි.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව තරග වදින ප්‍රථම තරගය මෙයයි. මේ තරගය වෙනුවෙන් සියලුම ප්‍රවේශපත්‍ර අලේවි වී නිමව තිබුණා පමණක් නොව, තරගය නැරඹීම සඳහා පැමිණි දෙස් විදෙස් ක්‍රීඩා ලෝලීන්ගෙන් සියලුම නුවර නවාතැන් පිරී ගොස් ඇත. පැමිණෙන සංචාරකයන් වෙනුවෙන්   සංචාරක සංවර්ධන අධිකාරිය පුද්ගලික නිවාසවල කාමර ලබා ගැනීම සඳහාත් වෙළෙඳ දැන්වීම් පවා පල කරන්නේ මේ පසුබිමේ දි ය.  විශාල කැපකිරීම් කරමින් විදේශ රටවලින් පැමිණි ක්‍රීඩා ලෝලීන්ගේ මෙන්ම දේශීය ක්‍රීඩා ලෝලීන්ගේ අපේක්ෂාවන් වර්සාව මත තිරණය වනු ඇත.

Cricinfo  වෙබ් අඩවියට අනුව ඉන්දියානු කණ්ඩායම මෙසේ විය හැකිය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

1 රෝහිත් ෂර්මා (නායක), 2 ශුබ්මන් ගිල්, 3 විරාත් කෝලි, 4 ශ්‍රෙයාස් අයියර්, 5 ඉෂාන් කිෂාන් ( කඩුළු රකින ක්‍රීඩක)  6 හර්දික් පාණ්ඩ්‍යා, 7 රවීන්ද්‍ර ජඩේජා, 8 ෂාදුල් තාකුර් හෝ මෙහොමඩ් ෂමි   9 කුල්දීප් යාදේව් 10 මොහොමඩ් සිරාජ්, 11 ජස්ප්‍රිත් බුම්රා

සිකුරාදා සවස පාකිස්තානය සිය කණ්ඩායමේ නිවේදනය කළේය.

1 ෆකාර් සමාන්, 2 ඉමාම්-උල්-හක්, 3 බාබර් අසාම් (නායක), 4 මොහොමඩ් රිස්වාන් (කඩුළු රකින ක්‍රීඩක), 5 අගා සල්මාන්, 6 ඉෆ්තිකාර් අහමඩ්, 7 ෂඩාබ් ඛාන්, 8 මොහොමඩ් නවාස්, 9 ෂහීන් ෂා අෆ්රිඩි, 10 නසීම් ෂා, 11 හරිස් රවුෆ්

තරගය පැවැත්වෙන්නේ නැවුම් තණතීරුවකය.  නමුත් එය ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගයේ දී  මෙන්   හැසිරෙන්නේ නම්,  වේග පන්දු යවන්නට  මෙන්ම  දඟ පන්දු යවන්නන්ටත්  සහාය ලබා දෙනු ඇත

මෙම තරගයට එක්වන විශිෂ්ටම ක්‍රීඩක දෙපළක් වන  කෝලි, බාබර් සන්ධිස්ථානයක

එක්දින ලකුණු 13,000 පසුකළ පස්වැනි පිතිකරුවා වීමට කෝලිට තවත් ලකුණු 102ක් අඩුය. ඔහු සෙනසුරාදා එහි පැමිණියහොත්, ඔහුගේ 266 වැනි ඉනිමේදී, එම සන්ධිස්ථානය වෙත ලඟා වූ වේගවත්ම ක්‍රීඩකයා වෙමින්   සචින් තෙන්ඩුල්කාර්ගේ වාර්තාව (ඉනිම් 321) ඔහු බිඳ දමනු ඇත.

බාබර්ට එක්දින ශතක 19ක් ඇත. තවත් එක් ශතකයක් ලැබුවහොත්  ඔහු පකිස්ථානය වෙනුවෙන් වැඩිම එක්දින ශතක සංඛ්‍යාව ලැබූ සයීඩ් අන්වර් සමග සම වනු ඇත.

වේගවත්ම එක්දින ලකුණු 3000 පසු කළ දෙවැනි පිතිකරුවා වීමට ඉමාම් උල් හක්ට අවස්ථාව තිබේ. මේ වන විට ඔහු ඉනිම 63 කදී ලකුණු 2889 ක් ලබා සිටියි.

රවීන්ද්‍ර ජඩේජාට එක්දින කඩුලු 200ක් ලබාගත් හත්වැනි ඉන්දීය ක්‍රීඩකයා වීමට කඩුලු 6ක් අවශ්‍ය වේ.

කපිල් දේව්ට (ලකුණු 3783ක් සහ කඩුලු 253ක්) පසුව ලකුණු 2000 සහ කඩුලු 200 ද්විත්වය සම්පූර්ණ කළ පළමු ඉන්දීය ක්‍රීඩකයා විමට ජඩේජාට අවකාශ ලැබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පෙරහරට එක් කළ හීලෑ අලි ඇතුන් බහුතරයකට රක්තහීනතාවය… දෙදෙනෙකුට බරවා…  අලි ඇතුන් 22ක ගේ සෞඛ්‍ය වාර්තා හිමිකරුවන්ට.. 

Next Post

ඉන්දියාව සූර්ය ගවේෂණයේ ඓතිහාසික ගමන ආරම්භ කරයි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.