ශ්‍රි ලංකාව ලෝකයේ රටවල් වෙත ගෙවීමට තිබෙන ණය මුදල වෙනුවට ස්වභාව ධර්ම ආරක්ෂණය සඳහා එම ණය හුවමාරු කිරීම හෙවත් (Debt for Nature swap) නව්‍ය මූල්‍ය උපකරණය පිළිබඳව ණය හිමි රටවල් වෙත යෝජනා කිරීමට බලාපොරොත්තු වෙයි.
ශ්‍රි ලංකාව ගෙවීමට ඇති ණය වාරික අඩුකර එම අඩුවන ණය වාරිකයට සමාන මුදලක් පරිසර සංරක්ෂණය වෙනුවෙන් වැය කිරීමේ මෙම මූල්‍ය උපකරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හඳුන්වා දෙන ලද නව්‍ය සංකල්පයක් බැවින් එම ණය ගෙවීමේ ක්‍රමෝපාය පිළිබඳව මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බව භාණ්ඩාගාර නියොජ්‍ය ලේකම් ආර් එම්.පී රත්නායක ද මෝනිං පුවත් පත වෙත පවසා තිබේ.
මෙම නව්‍ය අදහස සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව දැනට සෑහෙන කාලයක සිට කටයුතු කරගෙන යන අතර ඊට අදාළ නෛතික රාමුවක්ද සැකසීමේ අවශ්‍යතාව මතුව ඇති බව රත්නායක ප්‍රකාශ කර ඇත.
මෙම සංකල්පය ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත අතර දැනට ණය පැහැර හැරීමක සිටින ශ්‍රි ලංකාව අනාගතයේදී මෙම ක්‍රමය යටතේ ණය හුවමාරුවක් කිරීමට අදාළ ව සියලු පාර්ශ්වකරුවන් සමඟ මේ වනවිට උපදේශන ක්‍රියාවලියක් අරම්භ කර ඇතැයි ද නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා පවසයි.
“අනාගතයේ දී, සොබාදහම සඳහා ණය හුවමාරු කිරීමේ සංකල්පය නව්‍ය සංකල්පයක් .”
ඉදිරියේදී මෙවැනි දේ සඳහා ලෝකයේ රටවල් ණය දෙන ආයතන වැඩ වැඩියෙන් යොමු වනු ඇති බවද භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් රත්නායක පැවසීය.
ණය සඳහා සොබා දහම හුවමාරු ක්‍රමය වැඩසටහන් 1980 ගණන්වල ආරම්භ වූ අතර, සංකල්පය අත්හදා බැලූ පළමු රට ඉක්වදෝරය විය. පිලිපීනය, බොලිවියාව සහ උගන්ඩාව වැනි රටවල් ගණනාවක් – ණය කළමනාකරණය කිරීමට සහ ක්‍රියාවලියේදී ඔවුන්ගේ පාරිසරික ආරක්ෂාව සහ ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීමටමෙම ක්‍රමෝපාය භාවිතා කර ඇත.







