බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකය පුරා රටවල් ළමුන්ට කොරෝනා එන්නත් දෙන හැටි

by Lanka Sara Editor
සැප්තැම්බර් 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පාසල් දරුවන්ට කොරෝනා මර්ධන එන්නත් ලබාදීම සම්බන්ධයෙන් මේනවන විට සමාජයේ දැඩි කතා බහකට ලක්ව තිබේ.

ඒ සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් විවිධ අදහස් පළකරමින් සිටින බැවින් ගෝලීය වශයෙන් ළමුන් සඳහා එන්නත්කරණය සිදුකර ආකාරය පිළිබඳ සොයා බැලීමට අපි අදහස් කළෙමු.

මේවන විට ලෝකයේ රටවල් රැසක් සිය ළමා ජනහනයට එන්නත් ලබාදීමට මූලික කටයුතු ආරම්භ කර ඇති අතර රටවල් කිහිපයක්ම මේවන විටත් එන්නත් ලබාදීම ආරම්භ කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනට වයස අවුරුදු 12ත් 18ත් අතර වයස්වල පසුවන්නන් හට ලබාදීමට අනුමැතිය ලබාදී ඇත්තේ ෆයසිර් එන්නතට පමණක් වන අතර අනෙකුත් එන්නත් ළමුන්ට ලබාදීමේ ඇති හැකියාව සම්බන්ධයෙන් මේවන විට සායනිකය පර්යේෂණ පවත්වමින් තිබේ.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ඒ අනුව මෙම සතියේදී බ්‍රිතාන්‍යයේ වෙසෙන  අවුරුදු 12ත් 15ත් අතර වයස්වල දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමට එරට සෞඛය අංශ යෝජනා කළ අතර ඉදිරියේදී ඒ සඳහා අනුමැතිය ලැබෙනු ඇති බවට වාර්තාවේ.

මේ අතර යුරෝපා වෛද්‍ය ඒජනසියද වයස අවුරුදු 12ත් 15ත් අතර වයස්වල දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමට අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව ඩෙන්මාර්කය විසින් වයස අවුරුදු 12ත් 15ත් අතර වයස්වල දරුවන්ටද  ස්පාඤ්ඤය එරට වයස අවුරුදු 12ත් 19ත් අතර පසුවන්නන්ටද මේවන විටත් එන්නත් මාත්‍රා ලබාදීම ආරම්භ කර තිබේ.

ප්‍රංශය විසින් එරට වයස අවුරුදු 12ත් 17ත් අතර පසුවන ළමුන්ට එන්නත් ලබාදීම ආරම්භ කර ඇති අතර මේවන විට එම වයස් කාණ්ඩයේ පසුවන්නන්ගෙන් සියයට 66කට එක් මාත්‍රාවක් හෝ ලබාදී ඇති බවට සඳහන්ය.

එමෙන්ම එරට අදාල වයස්වල පසුවන්නන්ගෙන් සියයට 52ක් මේවන විටත් පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති බවද ඔත්තෝම්බර වන විට එන්නත් ලබාගත් බවට සඳහන් සහතිකය වයස අවුරුදු 12ට වැඩි සියලුදෙනා පොදු ස්ථාන වලට ඇතුලු වන විට ඉදිරිපත් කළ යුතු බවට ප්‍රංශ රජය සඳහන් කරයි.  

මේ අතර ජර්මනිය විසින් ඉකුත් ජුනි මාසයේදී ප්‍රකාශ කර සිටියේ  ප්‍රතිශක්තිය පිළිබඳ ගැටලුකාරී ළමුන්ට පමණක් එන්නත් ලබාදෙන බවයි.

කෙසේ වෙතත් අගෝස්තු මාසයේදී ඩෙල්ටා ප්‍රභේදය පැතිරයාමත් සමඟම සියලුම වයස අවුරුදු 12ට වැඩි පිරිසට එන්නත් ලබාදීමට ජර්මනියන විසින් තීරණය කරනු ලැබීය.

ස්වීඩනය සහ නොර්වේද මේවන විට එරට වයස අවුරුදු 12ත් වැඩි සියලුදෙනාට එන්නත් ලබාදීම සිදුකරමින් පවතී.

මේ අතර ඇමරිකා එක්සත් ජනපදය විසින් දැනටමත් එරට වසය අවුරුදු 12ත් 18ත් අතර වයස්වල පසුවන් දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම සිදුකරනු ලබයි.

ඇමරිකා එක්සත් ජනපදය තුල නව පාසල් වාරය ආරම්භ වීමත් සමඟ එරට දෙමාපියන් දරුවන්ටද එන්නත් ලබාදීම පියවරගෙන ඇති අතර එරට ආහාර සහ ඖෂද පාලක මණ්ඩලය  විසින් වයස අවුරුදු 12ත් 18ත් අතර දරුවන්ට එන්නත ලබාදීමට හදිසි අනුමැතිය මේවන විටත් ලබාදී තිබේ.

මීට දින කිහිපයකට පෙර ඇමරිකාවේ ආහාර සහ ඖෂද පාලක මණ්ඩලය  විසින් ඔක්තෝම්බර් මාසය වනවිට වයස අවුරුදු 5ත් 11ත් අතර ළමුන්ට එන්නත ලබාදීමට ඉඩ ඇති බවට වාර්තා විය.

ඒ අනුව ඊට අදාල සායනික දත්ත වාර්තා මේවන විටත් එරට ආහාර සහ ඖෂද පාලක මණ්ඩල යොමුකර ඇති බවද සඳහන්විය.

මේ අතර චීනයද එරට ළමා ජනගහනය එන්නත්කරණය ලක්කිරීම ආරම්භ කර තිබේ.

ඒ අනුව ලොව පළමු වරට ඉකුත් ජුනි මාසයේදී එරට අවුරුදු 3ත් 17ත් වයස්වල පසුවන්නන්ට එරට නිෂ්පාදිත සිනොවැක් එන්නත ලබාදීම ආරම්භ කළේය.

මෙම වසර අවසන් වන විට ලොව විශාලතම ජනගහනයට නිවහන වන චීනය එරට ජනගහනයෙන් සියයට 80කට එන්නත් ලබාදී අවසන් කිරීමට සැලසුම්කර ඇත.

ඒ අනුව මේවන විට ලොව පුරා ඉතා සාර්ථකව ළමුන්ට එන්නත් ලබාදීම සිදුකරන අතර එමගින් ඉදිරියේදී කොරෝනා වසංගතය සාර්ථකව පාලනය කරගැනීමට හැකිවෙනු ඇති බට අපෙක්ෂා කරමු. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් මරණ 11500 ඉක්මවා යයි!

Next Post

නවීන අධිතාක්ෂණික ජංගම ICU ඒකකයක් පේරාදෙණිය රෝහලට

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.