කීර්ති ප්‍රනාන්දු –
ඇමරිකාව, ඇතුළු බොහෝ යුරෝපීය රටවල ගෑස් ප්‍රමිතිය ලෙස සලකන්නේ සංයුතිය නොව, වාෂ්ප පීඩනය කාන්දු පාලනය කිරීම සඳහා තීරණාත්මක සාධකය ලෙස සැලකෙන වායුවේ උපරිම පීඩනය බවත්, ගෑස් ප්‍රමිතිය සඳහා ශ්‍රී ලංකාවේ යොදා ගන්නේත් ඒ භාවිතයම බවත්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඇය පවසන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් එල්පී ගෑස් පිරවීමේ සිලින්ඩරය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතියක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ සඳහා භාවිතා කරන නියාමක කහ පැහැති නම්‍යශීලී රබර් බටය ඇතුළු සියලුම උපාංග සඳහා ප්‍රමිතියක් සකස් කර ඇති බවය.
මේ සියලුම ප්‍රමිතීන් ස්වේච්ඡා ප්‍රමිතීන් බවත්, කිසිම ප්‍රමිතියක් අනිවාර්ය කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට නියාමන බලයක් නැති බවත් ඇය ප්‍රකාශ කරයි.
පසුගිය කාලය තුළ සිදුවූ ගෑස් අනතුරුවලදී එල්.පී ගෑස් සිලින්ඩර පිපිරීමක් සිදුවී නොමැති බවත්, අධ්‍යක්ෂවරිය පවසයි.
එම නිවේදනය පහත දැක්වේ.
Discussion about this post