ඇමරිකා එක්සත් ජනපදයේ මේන් ප්‍රාන්තයේ ලුවිස්ටන් නරගයේ ඊයේ (25) සවස සිදුවූ දැවැන්ත මනුෂ්‍ය ඝාතනයේ සැකකරු හඳුනාගෙන තිබේ. ඔහු රොබට් කාර්ඩ් නැමැති 40 හැවිරිදි විශ්‍රාමික හමුදා නිලධාරියෙකි.

මේ වනවිට එම වෙඩි ප්‍රහාරයෙන් 22 මිය ගොස් ඇත. පුද්ගලයින් 60කට වඩා තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මේ ඝාතන සැකකරු රොබට් කාර්ඩ් ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් පසුගිය කාලයේ අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයෙකි. මෙම වසර මුලදී, ඔහු කටහඬ ඇසීමට අප්‍රියවීම ඇතුළු මානසික සෞඛ්‍ය ගැටලු වාර්තා කර තිබිණි.
කෙසේ වෙතත් මෙම පුද්ගලයා සමූහ ඝාතනයක් පිළිබඳ අදහසක් මින් පෙර ප්‍රකාශ කර තිබී ඇත. මේන් ප්‍රාන්තයේ සාකෝ හි හමුදා පුහුණු කඳවුරට ප්‍රහාරයක් එල්ල කරන බවට ඔහු මීට පෙර තර්ජනය කර තිබුණ බව වාර්තා වේ.
එමෙන්ම මෙම පුද්ගලයා සති 2 ක් මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානයකට ඇතුළත් කර සිට ඇත. මෙම වෙඩි තැබීමෙන් පසු ඔහු සුදු සුබාරු රථයක් පදවන අයුරු දැකගත හැකි වූ අතර එහි ඡායාරූප පොලිස් නිලධාරීන් විසින් නිකුත් කර තිබේ.
මේ වනවිට ලුවිස්ටන් නරග වැසියන් තැතිගැන්මකය. ලුවිස්ටන් යනු 39 000ක ජනගහණයක් සහිත නගරයකි.
“Lewiston හි ක්‍රියාකාරී වෙඩික්කරුවෙකු සිටී. ඔහු සන්නද්ධ භායනක පුද්ගලයෙකි. ජනතාවගෙන් නිවෙස්වලම රැඳී සිටින ලෙස අපි ඉල්ලා සිටිමු. කරුණාකර ඔබේ නිවස තුළ දොරවල් අගුළු දමා සිටින්න. නීතිය ක්‍රියාත්මක කිරීමට දැනට ස්ථාන කිහිපයකදී විමර්ශනය කරයි,” මේන් ප්‍රාන්ත පොලිසිය X හි පැවසීය.
ලුවිස්ටන් නගරාධිපති කාල් ෂෙලයින් කම්පනයෙන් යුතුව පැවසුවේ “ නිර්දේශිත මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස නිවැසියන්ගෙන් ඉල්ලා සිටින බවය.
නිදැල්ලේ රොබට් කාර්ඩ් අත් අඩංගුවට ගැනීමට මේ වනවිට පොලිසිය දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබේ.
වෙඩි තැබීම සිදු වූයේ Bowlling මංතීරුවක සහ අවම වශයෙන් තවත් එක් ස්ථානයකත්, දේශීය අවන්හලක සහ බාර්එකක බව ප්‍රාදේශීය මාධ්‍ය පවසා තිබිණි. ප්‍රාදේශීය පොලිසිය වෙඩික්කරු වූ රොබට් කාඩ් අර්ධ ස්වයංක්‍රීය මාදිලියේ ආයුධයක් රැගෙන Bowlling මංතීරුවට පැමිණෙන ඡායාරූපයක් ෆේස්බුක් හි පළ කර තිබේ.
ධවල මන්දිරයට අනුව ජනාධිපති ජෝ බයිඩන් ද මෙම අපරාධය පිළිබඳ දැනුවත් කර ඇත.
පුද්ගලයෙකුට ගිනි අවි දැරීමේ ව්‍යවස්ථාපිත අයිතිය සම්බන්ධව මේ වනවිට එක්සත් ජනපදය තුළ ප්‍රබල විසංවාදයක් ඇති වී තිබේ. ඉතිහාසය පුරා ඇමරිකාවේ සමූහ ඝාතන පන්සියයකට වඩා වාර්තා වී ඇතැයි විදෙස් පුවත් ඒජන්සි දක්වයි.