ජනගහණයට සාපේක්ෂව ලෝකයේ සිදුවන කොවිඩ් මරණ අනුපාතිකය අතින් ලෝකයේ සියලු රටවල් අභිභවමින් ශ්‍රි ලංකාව පලඹු තැනට පැමිණ ඇති බව නවතම දත්ත පෙන්වා දෙයි.
අගෝස්තු මස 08 වැනිදා (ඊයේ) දත්ත මත පදනම් කරගෙන ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් සරසවියේ පර්යේෂකයන් විසින් සකසන ලද කොවිඩ් 19 දත්ත විශ්ලේෂණ වාර්තා පෙන්වා දෙන්නේ පුද්ගලයන් මිලියනයකට දක්වන වැඩිම මරණ අනුපාතිකය ශ්‍රි ලංකාවෙන් වාර්තා වන බවය.
එය පුද්ගලයන් මිලියනයකට මරණ 4.06ක් ලෙසිනි.
ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් සරසවියේ දත්ත වාර්තා අනුව දෙවැනියට වැඩිම මරණ අනුපාතිකය පෙන්නුම් කරන්නේ ඇමෙරිකාවයි. එය 1.55කි. ඒ අනුව දෙවන ස්ථානයත් පළමු ස්ථානයත් අතර පරතරය ප්‍රතිශතයක් ලෙස සියයට 296කි.
මෙම දත්ත වාර්තා අනුව පුද්ගයන් මිලියනයක් අතුරින් තුන්වැනි තැනට වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයෙනි. එය පුද්ගලයන් මිලියනයකට මරණ 1.3ක් ලෙසය. ජනගහණයට සාපේක්ෂව සෙසු මුල් පෙළේ සිටින රටවල් වන්නේ ප්‍රංශය ජර්මනිය සහ කැනඩාවයි.
මෙම රටවල් සියල්ලේම ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බව කොවිඩ් පිළිබඳ අවධානය යොමු කරන වෛද්‍ය විශේෂඥයන්ගේ මතය වී තිබේ. සෑම රටකම මෙම සංඛ්‍යලේඛන ඇතුළු කෙරෙන්නේ එම රටවල රජයයන් මඟින් ලබා දුන් නිල වාර්තා මත පදනම් වූ මරණ සංඛ්‍යාව වුවද ප්‍රායෝගික ව ඊට වඩා මරණ දිනක් තුළ සිදුවන බවට ජෝන් හොප්කින්ස් සරසවියේ විදයාඥයෝ අනුමාන කරති.