සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකයේ ජෙනරාල්ලා සහ අපේ ෆීල්ඩ් මාර්ෂල්ලා වෙනස්වන තැන… යුක්රේන හමුදා ප්‍රධානියා ඉවත් කළ පසු ඔහු ලෝකයට කී කතාව!

by editor
පෙබරවාරි 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

යුක්රේන රුසියා යුද්ධයේ මෙතෙක් කාලයක් යුක්රේන පාර්ශවයේ සිදුවූ විශාලම සෙලවීම සිදුවෙමින්  “යකඩ ජනරාල්” නමින් හැඳින්වූ යුක්රේන හමුදා ප්‍රධානී වැලරි සලුෂ්නි ධූරයෙන් ඉවත් කර එම තනතුර “හිම දිවියා” යන අන්වර්ථ නාමයෙන් ජනප්‍රිය පාබල හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලෙක්සැන්ඩර් සිරස්කි පත් කිරීමට යුක්රේන ජනාධිපති වැල්ඩිමීර් සෙලෙන්ස්කි ඊයේ (08) කටයුතු කළේය.

එය සිදුවන්නේ අතිශය අවබෝධාත්මක සහ වෘත්තීමය සංවාදයකින් අනතුරුව බව විදෙස් මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබිණි. ජනාධිපතිවරයා එම තීරණය ගන්නේත්, හිටපු හමුදා ප්‍රධානී යකඩ ජෙනරාල් , වැලරි සලුෂ්නි ධූරයෙන් ඉවත් වන්නේත් ජාතික අවශ්‍යතාවයක් මත පදනම්ව බව රට වෙනුවෙන් බව වූ තේරුම් ගැනීම සහිතවය.

“යකඩ ජනරාල්” නමින් හැඳින්වූ යුක්රේන හමුදා ප්‍රධානී වැලරි සලුෂ්නි

ජාතික වීරයින් දෙදෙනාගේ මත ගැටුම    

බොහෝ යුක්රේනියානුවන් ජාතික වීරයන්  ලෙස සලකන යුක්‍රේන ජනාධිපති වැල්ඩිමිර් සෙලෙන්ස්කි සහ හමුදා ප්‍රධානී ජෙනරාල් වැලරි සලුෂ්නි අතර මාස ගණනක් තිස්සේ ඇති වී තිබුණේ යැයි සැලකෙන මත ගැටුම ප්‍රකාශ වෙමින් මෙම හමුදා නායකත්වයේ වෙනස ඇති කර ඇතැයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජනාධිපතිවරයා ඊයේ මෙම හමුදාමය වෙනස්කම්  කරන්නේ යුක්රේන සහ රුසියානු   යුද්ධයට වසර දෙකකට ආසන්න කාලයක් සම්පූර්ණ කර ඇති තීරණාත්මක අවස්ථාවකය.

ඊයේ සෙලෙන්ස්කි ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ  “අද වන විට, නව කළමනාකරණ කණ්ඩායමක් යුක්රේනයේ සන්නද්ධ හමුදාවන්ගේ නායකත්වය භාර ගනු ඇති,” බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

2022 දී  යුක්රේනයේ  Kyiv  නගරයේ    ආරක්ෂාව තහවුරු කළ ආකාරයත්,    එම වසරේ අගභාගයේදී   ඛාර්කිව් ප්‍රතිප්‍රහාර අධීක්‍ෂණය කිරීමේ වීර යුධ   භූමිකාවත් සඳහන් කරමින්, පා බල හමුදා ප්‍රධානී කර්නල් ජෙනරාල් ඔලෙක්සැන්ඩර් සිරස්කි (58) සන්නද්ධ හමුදාවේ නව ප්‍රධානියා ලෙස උසස් කළේය.

නව හමුදා ප්‍රධානියා එම වගකීම භාර ගන්නේ  එක්සත් ජනපද කොන්ග්‍රසයේ රිපබ්ලිකානුවන් විසින් මාස ගණනාවක් ප්‍රමාද කරන ලද   අත්‍යවශ්‍ය මිලිටරි ආධාර සඳහා යුක්රේනය බලා සිටින ගැඹුරු අවිනිශ්චිතභාවය මධ්‍යයේය.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ වැලරි සලුෂ්නි වෙනුවට ඔලෙක්සැන්ඩර් සිරස්කි පත්කිරීම යුක්රේනයේ  “ස්වෛරී තීරණයක්” බවයි.

රට හිතන හැටි

යුක්රේනය සිය  සිවිල් වැසියන් හමුදාවට  බඳවා ගන්නා ආකාරය සම්බන්ධව  අරගල කරමින් සිටින විට, වැලරි සලුෂ්නි නෙරපා හැරීම ගැටලුවක් මෙන්ම එය  කිලෝමීටර් 1,000   ඉදිරියෙන් සිටිනා යුක්රේන හමුදාවන්හි චිත්ත ධෛර්යයට පහරක් එල්ල කළ හැකි බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.  එය සෙලෙන්ස්කි   දේශපාලනික වශයෙන් ද පසුබෑමකට ලක් විය හැකි හේතුවක් බවට අදහස් පහළ වී ඇත.

එමෙන්ම ජනාධිපතිවරයාගේ මෙම තීන්දුව යුකේරේන ජනතාවගෙන් පිරිසක් විසින් ප්‍රශ්න කිරීම අරඹා ඇත.

මේක මහ අමුතු තීරණයක්. අපි අපේ හතුරාව හොඳින් දන්නවා. නමුත් අප දන්නා ඒ හතුරා වැලරි සලුෂ්නි නොවෙයි… “

“මෙය අප කනස්සල්ලට ලක් කරන සංඥාවක්… “ රොයිටර් වෙත යුක්රේනියානුවන් ප්‍රකාශ කර තිබිණි. ජනතාවගෙන් සියයට 90ක් වැලරි සලුෂ්නි හමුදා ප්‍රධානියා ලෙස රැඳි සිටීම අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය හෙළි කරයි.

“හිම දිවියා” යන අන්වර්ථ නාමයෙන් ජනප්‍රිය පාබල හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලෙක්සැන්ඩර් සිරස්කි නව හමුදා ප්‍රධානියාය.

වෙනසට හේතුව

මෙම වෙනස් වීමට ප්‍රධාන හේතුව ලෙස වාර්තා වී ඇත්තේ මෑත කවවානුවේ දී යුක්රේනයට සැලකිය යුතු ප්‍රතිරෝදයක් රුසියාවට එරෙහිව එල්ල කරනන්ට නොහැකි වීමය. දැඩි ලෙස ආරක්ෂා කරන ලද රුසියානු ආරක්ෂක රේඛාව බිඳ දැමීමට අපොහොසත් වත්ම යුක්රේනය වෙත රුසියාව  නැගෙනහිර පෙරමුණෙන් එල්ල කරන පීඩනය වැඩිවෙමින් තිබුණේය. ජනාධිපති සෙලෙන්සිකි මෙම තනතුරු වෙනස් කිරීමේ හේතුව වී තිබුණේ පසුගිය වසර තුළ යුක්රේන හමුදා තුළ ඇති වී තිබුණ මේ පසුබෑම බව රොයිටර් වාර්තා කර ඇත.

“මෙම යුද්ධයේ දෙවන වසර තුළ අපි කළු මුහුද ජයග්‍රහණය කළා. අපි ශීත ඍතුව දිනුවා. අපි යුක්රේන අහසේ පාලනය නැවත ලබා ගත හැකි බව   ඔප්පු කළා. නමුත්, අවාසනාවකට, අපේ රාජ්‍යයේ අරමුණු භූමියේ සාක්ෂාත් කර ගැනීමට අපට නොහැකි වුනා.”

එසේ ප්‍රකාශකළ   ජනාධිපති සෙලෙන්ස්කි  හමුදා ප්‍රධානියාව සිටි වැලරි සලුෂ්නි එම ධූරය දැරූ වකවානුවේ  ඔහු කළ විශිෂ්ට සේවය පිළිබඳ අගය කිරීමක් කළේය. අවසානයේ දී    ජනරාල් වැලරි සලුෂ්නිට ඔහුගේ කණ්ඩායමේ රැඳි සිටින ලෙස ඉල්ලීමක් කර තිබිණි.

සලුෂ්නි විශේෂ ප්‍රකාශයක් කරමින් කීවේ ජනාධිපතිවරයා හමුවූ බවත් ඒ අතිශය වැදගත් සහ බැරෑරුම් සංවාදයක් වෙනුවෙන් බවත්ය.  ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ තමන් ඉවත් කිරීම ගැන නොවේ. ඔහු කියන්නේ සටන් බිමේ උපක්‍රම සහ උපාය මාර්ග වෙනස් කිරීමට රට තීරණය කර ඇති බවය.

“2022 වැඩ කොටසට වඩා 2024 වැඩ කොටස වෙනස්. එබැවින් සෑම පුද්ගලයෙක්ම වෙනස් විය යුතුයි. එකට එක් වී ජයග්‍රහණය සඳහා යථාර්ථයට අනුගත විය යුතුයි. “ ධූරයෙන් ඉවත්ව ගිය වැලරි සලුෂ්නි ලෝකයට කීවේය.

යුක්රේනයේ ජෙනරාල්ලා සහ අපේ ෆීල්ඩ් මාර්ෂල්ලා වෙනස් වන්නේ එහෙමය. ඒ වෙනස අහස පොළොව තරම් දුරය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලි බිල සියයට 30කින් මේ අවස්ථාවේ දී ත් අඩු කළ හැකියි… අධික ලාභ ලබන තත්ත්වයට පත් කරලා විදුලිබල මණ්ඩලය විකුණන්න හදන උවමනාව ගැන වෘත්තීය සමිති ප්‍රශ්න කරයි…

Next Post

යහපාලන අර්ථයත් විනාශ කළ රනිල් එක්ක මොන දූෂණ විරෝධී ගමනක් ද?… හරිනි පාර්ලිමේන්තුවේ දී අසයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.