අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ ගොනු කළ අපහාස නඩුවෙන් ලේක් හවුස් එක පරදී…  කෝටි 50ක වන්දියක්  ගෙවන්න වෙයි!    

by editor
ඔක්තෝබර් 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • දිසා අධිකරණ තීන්දුවට එරෙහිව ලේක් හවුස් එක ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ අභියාචනය නිශ්ප්‍රභා වෙයි… කොළඹ දිසා අධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරයි!

දීර්ඝ කාලයක් තිස්සේ පුළුල් ලෙස විමර්ශනය වෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය  දක්වා පැමිණි නඩුවක තීන්දුව ප්‍රකාශ කළ  ශ්‍රේෂ්ඨාධිකරණය  සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට ( ලේක් හවුස් )  ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ වෙත රුපියල් මිලියන 500ක වන්දියක් ගෙවීමට නියම කළ  කොළඹ දිසා අධිකරණ   නියෝගය     අද (14) තහවුරු කළේය.

ඒ අනුව ලේක් හවුස් ආයතනයට හිටපු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ වෙත රුපියල් මිලියන 500ක් හෙවත් කෝටි 50ක මුදලක් වන්දි ලෙස ගෙවීමට තීන්දු වී තිබේ.

නඩුවට අදාල නිමිත්ත  වාර්තා වන්නේ 2007 වසරේ දී ය.  එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිටි විජේදාස රාජපක්ෂ  2007 වසරේ නොවැම්බර් මස   ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට මාරු වුනේය. ඉන් පසු සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක් හවුස්) මගින් මුද්‍රණය කොට බෙදා හරින ලද සිළුමිණ පුවත්පතේ පිටු දෙකක් පුරාවට  ඔහු සම්බන්ධව ලිපියක්  පළ කර තිබිණි.

එම ලිපිය  ද්වේශසහගත සහ අපහාසාත්මක ප්‍රකාශවලින් සමන්විත සාවද්‍ය ලියැවිල්ලක් බවත්, ඉන් තමන්ට සිදුවු අලාභය වෙනුවෙන් රුපියල් මිලියන 500ක් ගෙවිය යුතු බවටත් අයැද එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමටත්   එවකට සිළුමිණ පුවත්පතේ කර්තෘවරයා වූ කරුණාදාස සූරියආරච්චිටත්  එරෙහිව විජේදාස රාජපක්ෂ  2009 වසරේ දී කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කළේය.

නඩුව විභාග කළ කොළඹ දිසා අධිකරණය පැමිණිළිකරු අයැද සිටි අලාහ මුදල ගෙවන ලෙසට   2013 ජුලි මස 05 වන දින දී තීන්දු  කළේය. එකී තීන්දුවට එරෙහිව සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළේය.  එම අධිකරණය විසින්    එම අභියාචනය 2019 මැයි මස 30 වන දින දී නිශ්ප්‍රභා කරන ලදී.

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

අනතුරුව එකී තීන්දුවට එරෙහිව සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබුවේය. එම අභියාචනය පිළිබඳව දීර්ඝ විමර්ශනයකින් පසුව අද දින එනම් 2025 ඔක්තෝබර් මස 14 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද  එකී අභියාචනය නිෂ්ප්‍රභා කළේය.

ඒ අනුව කොළඹ දිසා අධිකරණය විසින් විජයදාස රාජපක්ෂට රුපියල් මිලියන 500ක මුදලක් ගෙවන ලෙසට සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට එරෙහිව ඇතුළත් කරන ලද තීන්දුව අද බලාත්මක වුනේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්වන   ජනක් ද සිල්වා ,  අචල වෙන්ගප්පුලි   සහ  සෝහිත රාජකරුණා ඉදිරියේදී එම අභියාචනය විභාගයට ගන්නා ලද අතර පැමිණිලිකාර විජයදාස රාජපක්ෂ  වෙනුවෙන් ජ්‍යෙෂඨ උපදේශන නීතීඥ ජී. ජී. අරුල් ප්‍රගාසම් ගේ උපදෙස් මත   නීතීඥ සජාන ද සොයිසා, රන්ධිවරී අරන්ගල සමඟ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා සිටියේය.

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම වෙනුවෙන් පෙනී සිටියේ  ජනාධිපති නීතිඥ පයිස් මුස්තාපා ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කීරි සම්බා වෙනුවට GR 11 පොන්නි සම්බා  මෙට්‍රික් ටොන් දෙලක්ෂ හතලිස් හය දහසක් ආනයනයට කැබිනට් අනුමැතිය…

Next Post

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ලලිත් කන්නංගර අත් අඩංගුවට ගත් බව කීවත් තවම නිල වශයෙන් තහවුර කර නෑ…

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.