සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලේකම් සේදර විධායක ජනපතිටත් උඩින්… ගුරු අධ්‍යාපනඥ වෘත්තීය සංගමය ජනපතිට ලියයි..

by editor
ජූනි 30, 2021
in පුවත්
Upali-Sedara
Share on FacebookShare on Twitter

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ 19 එක් කර ගුරු අධ්‍යාපන විශ්විද්‍යාලයක් පිහිටුවීමට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව කැබිනට් අනුමැතිය ලැබී තිබිය දී හා ඒ බව රටේ විධායක ජනාධිපතිවරයා විසින් පසුගිය 25 දා ජාතිය ඇමතූ අවස්ථාවේ දී තහවුරු කර තිබිය දී එම නිශ්චිත විධානයන් නොසලකා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලේකම් ආචාර්ය උපාලි සේදර ස්වකීය ව්‍යාපෘතියක් දියත් කිරීම වෙනුවෙන් අධ්‍යාපන ලේකම්ට හා ඇමතිවරයාට බලපෑම් කරමින් සිටින බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගමය ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා තිබේ.

කැබිනට් අනුමැතිය ලැබ රටේ විධායක ජනාධිපතිවරයා විසින් ජාතිය අභිමුව තහවුරු කළ රාජ්‍ය ප්‍රතිපත්තිය වූ ගුරු අධ්‍යාපන විද්‍යා පීඨ එක් කර විශ්විද්‍යාලයක් නිර්මාණය කරනු වෙනුවට පෙළපොත් සකස් කිරීමට හා විෂයමලා සංවර්ධනයට පිහිටුවන ලද ආයතනය වන ජාතික අධ්‍යාපන ආයතනය විශ්විද්‍යාලයක් කර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ නාමිකව ඊට එකතු කිරීමට මෙම පුද්ගලයා කටයුතු කරමින් සිටින බව එම සංගමය ජනාධිපතිවරයාට දන්වයි.

ඊයේ (29) අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී ජාතික අධ්‍යාපන ආයතනයේ පිරිසක් සමග අධ්‍යාපන ලේකම්වරයා හා ඇමතිවරයා වෙත දීර්ඝ බලපෑමක් සිදුකරමින් මෙම වෙනස කිරීමට ඔහු කටයුතු කර ඇති බව සංගමය ජනාධිපතිවරයාට කියයි.

ජාතික අධ්‍යාපන ආයතනය යනු ගුරු අධ්‍යාපනයේ දී අසාර්ථක වූ සහ ගුණාත්මක නොවන ආයතනයක් බවත් එම ආයතනයේ දැනට ප්‍රධානියා සේ කටයුතු කරන ආචාර්ය උපාලි සේදර යනු ස්වකීය වෘත්තියේ අවම සදාචාරයවත් ආරක්ෂා කර නොගත් පුද්ගලයෙක් බවත් එම සංගමය ජනාධිපතිවරයා වෙත දන්වා සිටී.

මෙම තැනැත්තා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන අතර පුද්ගලික සරසවියක ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර රජයෙන් හා පුද්ගලික අංශයෙන් වැටුප් දෙකක් ලබන අයෙක් බව හෙළි කරන එම සංගමය ඔහු ආයතන සංග්‍රහයේ විධි නියමයන් පමණක් නොව මූලික සදාචාරයන් ද උල්ලංඝණය කරන බව ජනපතිවරයාට ලිඛිතව දන්වයි.

මේ ලිඛිත දැන්වීම පිළිබඳ සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගමයෙන් විමසූ විට ඔවුන් ලංකාසරට ප්‍රකාශ කළේ මෙම ලේකම්වරයා සියලු බලපෑම් කරනු ලබන්නේ තමන් ජනාධිපතිවරයාගේ සමීපයෙක් බව අඟවමින් නිසා බලාපොරොත්තු තබා ගත නොහැකි සේ නිලධාරීන් වැනෙන සුළු වී ඇති බවය.

ආචාර්ය උපාලි සේදර ජාතික අධ්‍යාපන ආයතනයේ කලක් ප්‍රධානියාව සිටි අයෙක් බව කියන එම සංගමය, දැනටත් නිල බලයෙන් එම ආයතන ප්‍රධානියා වී සිටින ඔහු මේ වනවිට සිය පුද්ගලික විශ්විද්‍යාලයේ උපාධි ධාරීන් ජාතික අධ්‍යාපන ආයතනය වෙත පොම්ප කිරීමේ ව්‍යාපෘතියක් දියත් කර ඇති බව ද හෙළි කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුලතිව් ඉඩමකින් බෝම්බ තොගයක් ගොඩ ගනී….

Next Post

අන්තර්ජාලය ඔස්සේ දැරියක විකුණූ මව-චීවරධාරියකු ඇතුළු 17ක් අත්අඩංගූවට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.