fbpx
බ්‍රහස්පතින්දා, ජූනි 8, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලේකම් සිදුකළ ස්ථාන මාරුව අනීතිකයි… ද්වේශ සහගතයි… SDIG ප්‍රියන්ත වීරසූරියත් අජිත් රෝහණගේ මග ගනී… සිය විරෝධය පොලිස් කොමිසමට දන්වයි!

විනය ගරුක නිලධාරියෙක් ලෙස මෙතෙක් ලේකම්ගේ සියලු හැසිරීම් ඉවසුවා... දැන් ඇති - SDIG ප්‍රියන්ත වීරසූරියත් කියයි....

by editor
අප්‍රේල් 26, 2023
in පුවත්
2k 20
Priyantha Weerasooriya

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය...

Share on FacebookShare on Twitter

පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව බව කියමින්  වහාම ක්‍රියාත්මකවන පරිදි එක්වර ස්ථාන මාරුකළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනාගෙන් ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙක් වූ මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය තම ස්ථාන මාරුවීමට සිය විරෝධය පලකරමින්,     මෙම ද්වේශ සහගත අනීතික  අසාධාරණ ස්ථාන මාරුකිරීම අනුමත නොකරන්නැයි ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා පළාතක් භාරව කටයුතු කරන ප්‍රධානියෙක් වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සේවා අවශ්‍යතා මත බව කියමින්, පොලිස් කොමිසමේ අනුමැතියකින් ද තොරව හිතූ හිතූ ආකාරයෙන් අමාත්‍යාංශයක ලේකම්වරයෙක් විසින් මාරු කිරීමට කටයුතු කිරීම එම නිලධාරීන්ගේ රාජකාරි පෞරුෂයට පමණක් නොව රාජකාරියේ ධාරිතාවට ද බරපතල ප්‍රශ්නයක් වී ඇතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් කොමිසමට දන්වා ඇත.

තමන් ආධාරක සේවා අංශයේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ලෙස රාජකාරි කරමින් සිටියදී  2022 අප්‍රේල් 15 වැනි දින  මධ්‍යම  පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කළද මේ ආකාරයෙන්ම පැය 48ක් තුළ අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියමයෙන්  වයඹ පළාත භාර නිලධාරියා ලෙසත්  අවසානයේ  උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පතිවරයා ලෙසත් දෙවරක්ම ස්ථාන මාරුවීම් දෙකක් ලබා දුන් බව පෙන්වා දෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යළි යළිත් මෙවැනි ක්‍රියා සිදුවීම වළක්වන ලෙස පොලිස් කොමිසමෙන් ඉල්ලා සිටී.

අමාත්‍යාංශ ලේකම්වරයාගේ මේ ක්‍රියාකලාපය  හේතුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වැඩි දෙනෙක් පසුවන්නේ දැඩි කලකිරීමකින් බව ද ඔහු පොලිස් කොමිසමට දන්වයි.

මේ ආකාරයෙන්ම සිය ස්ථාන මාරුවීමට විරෝධය පලකරමින් දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පොලිස් කොමිසමට ලියා දැක්වූයේ එක් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් රැක ගැනීම සඳහා ඇමතිවරයා විසින්  අමාත්‍යාංශ ලේකම්වරයා හරහා ලබා දෙන මෙම  ස්ථාන මාරුකීරීම අනිතික සහ බලය අතික්‍රමණය කිරීමක් මෙන්ම වෛරී ද්වේශ සහගත එකක් බවය.

RelatedPosts

ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…

මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  

අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

ඔහු මහජන ආරක්ෂක  අමාත්‍යාංශ ලේකම් අමානි ගුණතිලකට ලිඛිතව දන්වා තිබුණේ තමන් අනීතික නියෝග පිළිනොපදින බවය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පොලිස් කොමිසමට යැවූ ලිපියේ සිංහල අනුවාදය පහත දැක්වේ.

චන්ද්‍රා ප්‍රනාන්දු මහතා
සභාපති ,
ජාතික පොලිස් කොමිෂන් සභාව,
බ්ලොක් අංක 09,
බී.එම්.අයි.සී.එච්
බෞද්ධාලෝක මාවත ,
කොළඹ 07

මහතාණනි,

අසාධාරණ අයුක්තිසහගත ස්ථාන මාරුවට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස කරන ඉල්ලීමයි

මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  ලෙස දැනට කටයුතු කරන   ප්‍රියන්ත වීරසූරිය වන මා  කිසිදු  හේතුවක්  සඳහන් නොකර, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝග අංක02l08lSGOl02l2023 යටතේ සහ පොලිස්පතිවරයාගේ  ගේ අංක D/HRM/ADM/766/2023 මත ජාතික පොලිස් තෙකාමිසමේ ආවරණ අනුමැතියට යටත්ව අපරාධ සහ මාර්ග නීති රෙගුලාසි  පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස  සේවා අවශ්‍යතාව මත ස්ථාන මාරු කර ඇත.

එම තනතුර මා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කරන අවස්ථාවේදී  මා දැරූ තනතුරක් වන සේවා අවශ්‍යතා කාණ්ඩය යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි එය සිදු කර ඇත. .

මා  ආධාරක සේවා අංශයේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ලෙස රාජකාරි කරමින් සිටියදී  2022 අප්‍රේල් 15 වැනි දින  මධ්‍යම  පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කළද මේ ආකාරයෙන්ම පැය 48ක් තුළ වයඹ පළාත භාර නිලධාරියා ලෙසත්  අවසානයේ  උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පතිවරයා ලෙසත් දෙවරක්ම ස්ථාන මාරු ලබන්නට සිදුවිය.

විනයගරුක නිලධාරියෙකු ලෙස මම මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා දුන් නියෝගයට අනුව  ක්‍රියා කළ අතර  පසුව පොලිස්පතිට අභියාචනයක් ඉදිරිපත් කළේ මා මාරු කළ ආකාරය ගැන සෑහීමකට පත් නොවීම ගැන සඳහන් කරමිනි.

එම අභියාචනයේ පිටපතක් ඔබගේ කාරුණික පරික්‍ෂාව සඳහා මෙහි අමුණා ඇත.

2023 ජනවාරි 6 වැනි දින මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා විසින් මා නැවත මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර මේ දක්වා මාස තුනකට ආසන්න කාලයක් සම්පූර්ණ කර ඇති අතර, නැවතත් මා කෙටි කාලයක් තුළ අපරාධ සහ රථවාහන භාර  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස වෙනත් ස්ථාන මාරු නියෝගයකට යටත් කරන ලදී.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට වහා ක්‍රියාත්මක වන පරිදි හේතු දැක්වීමකින් තොරව ස්ථාන මාරුවීම් ලබා දී ඇත්තේ සේවා අවශ්‍යතා මත බව පවසමින් ජාතකි පොලිස් කොමිසමේ ආවරණ අනුමතියට යටත්ව බව  මම  දුටුවෙමි.

මෙම අක්‍රමවත් පිළිවෙත හේතුවෙන් මේ වනවිට මෙම අතදැකීමට මුහුණ දෙන වින්දිත නිලධාරීන්ට මහජනතාවට නිදහසේ සහ සාධාරණව තම රාජකාරිය ඉටු කිරීමට එරෙහි පීඩනයක් සහ කළකිරීමක් නිර්මානය වී ඇති ව සඳහන් කරන කැමැත්තෙමි.

එසේම මෙම ක්‍රියාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රතිරූපයට, මෙම නිලයේ නිලයේ ගාම්භීරත්වයට මෙන්ම යටත් නිලධාරීන් අතරද අවතක්සේරුවට ලක්වන බවට ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.

එබැවින්, පළාත් භාර නිලධාරියෙකු වශයෙන්, අපට නීතියේ ආධිපත්‍යය නිසි ලෙස ආරක්ෂා කිරීමට නොහැකි වන අතර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පතිවරුන්ගෙන් බහුතරයක් කලකිරීමට පත්ව සිටින බැවින්, අදාළ වගකීම් ක්ෂේත්‍රයේ නීතිය සහ සාමය පවත්වාගෙන යාම සඳහා උපාය මාර්ග සැලසුම් කිරීමට අපට නොහැකි වේ.

ඒ අනුව  බොහෝ ජ්‍යෙෂ්ඨ නියෝජජ්‍ය පොලිස්පතිවරුන්ට කටයුතු කළ යුතුව ඇත්තේ කළකිරුණු සිතින් තුඩු මත සිටගෙනය.

එබැවින් මෙම ස්ථානමාරු නියෝගයට මම දැඩි විරෝධය පළ කරන අතර ජාතික පොලිස් කොමිසම මේ පිළිබඳව සොයා බලා මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ පොලිස්පතිවරයා විසින් දෙනු ලැබ ඇති  මෙම ද්වේශසහගත, අසාධාරණ ස්ථාන මාරු නියෝගය අනුමත නොකිරීමට සුදුසු පියවර ගන්නේ නම් එය කෘතඥ වෙමි.

මෙයට,
ප්‍රියන්ත වීරසූරිය
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – මධ්‍යම පළාත  භාර

Share319Tweet199
Previous Post

සත්ත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහතික නිකුත් කිරීම ප්‍රමාද කිරීම නිසා බිත්තර ආනයනය අවුලක… ආසි

Next Post

පරිස්සමෙන් – ඩෙංගු වේගයෙන් පැතිරෙයි

Related Posts

රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි...
පුවත්

ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…

ජූනි 7, 2023
පුවත්

මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  

ජූනි 7, 2023
පුවත්

අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

ජූනි 7, 2023
Next Post

පරිස්සමෙන් - ඩෙංගු වේගයෙන් පැතිරෙයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි...

ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…

by editor
ජූනි 7, 2023
0

මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  

by editor
ජූනි 7, 2023
0

අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

by editor
ජූනි 7, 2023
0

වකුගඩු රෝගීන් සදහා සිදුකරන රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාර අඩපණ වෙයි!

by editor
ජූනි 7, 2023
0

ගජේන්ද්‍ර කුමාර්ට ඇප!

by editor
ජූනි 7, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…
  • මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  
  • අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist