අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලුණුගල අනතුරින් තනිවුණු පැටවු තිදෙනාට පිය සෙනෙහස දෙන ඉසිවර වෙදැදුරු 

දරුවො තුන් දෙනා වෙන් නොකර හදා ගැනීමයි වැදගත්.... ඒ සඳහා මට ශක්තිය තියනවා... වෛද්‍ය වජිර රාජපක්ෂ

by editor
මාර්තු 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සමන්තිකා වීරවර්ධන –                                      

බදුල්ල පස්සර ප්‍රදේශයේ පසුගියදා සිදුවූ බස්රථ අනතුරෙන් ජීවතක්ෂයට පත් වූ පුද්ගලයින් ගණන 15කි. මේ මියගිය පුද්ගලයින් අතර අඹුසැමි යුවලක්ද සිටි බව වාර්තා විය. ඔවුන්ට බස්රථය මගහැරුණු බැවින් ත්‍රී රෝද රථයක නැගී බස් රථය ලුහු බැඳ පැමිණ බස්රථයට ගොඩව ඇත්තේ බදුල්ල මහ රෝහලේ අක්ෂි සායනයට යාම සදහාය. එහෙත්  ලුහුබැඳ පැමිණියේ තමන්ගේ මරුවා බව  මේ අඹුසැමි යුවල තබා බස්රථයේ ගමන් ගත් කිසිවෙකුත් නොදැන සිටියහ.

මේ බස්රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත් යුවලගේ දරුවන් තිදෙනෙකි. මා පිය යුවල අහිමිව ඒ දරුවන් හදා ගැනීමට නොහැකිවූ  ඔවුන්ගේ මිත්තනිය මේ පැටවු ජීවත් කරවීමට රටේ ලෝකයෙන් ආධාර ඉල්ලුවාය. ඒ සංවේදී කතාව මධ්‍ය ඔස්සේ පලවිය. එම    මාධ්‍ය වාර්තා නෙත ගැටුණු උත්තම මනුෂ්‍යයෙක් මේ දරුපැටවුන්ගේ අනාගතය භාර ගැනීමට ඉදිරිපත් වූයේය. 

ඔහු නමින් වෛද්‍ය වජිර රාජපක්ෂය. අම්පාර වසංගත රෝග විද්‍යාඥයාය. අම්පාර කොවිඩ් මර්ධන ව්‍යාපාරයේ අතිශයින්ම භාරධූර වැඩකොටසක් කරන්නේ ඔහුය. 

දරුවන්ව හදා ගැනීමට කවුරුන් හෝ ඉදිරිපත් වන්නැයි දරුවන්ගේ මිත්තනිය කළ ඉල්ලීම වෛද්‍ය රාජපක්ෂ කම්පනය කර තිබුණේය.  ඔහු එළඹුන රාත්‍රිය පුරා කල්පනා කරමින් සිට අවසානයේ තීරණයකට එළඹුනේය. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වෛද්‍ය වජිර රාජපක්ෂ බිරිය තරංගා සහ සිඟිති පුතු සමග

ඒ දරුවන් තිදෙනා දරුකමට හදාගැනීමට ය.

ඔහු තම තීරණය උදෑසනම  බිරිය තරංගා සඳමාලීට පැවසීමට අදහස් කරගත්තේය. උදෑසන අවදි වූ වෛද්‍ය රාජපක්ෂ මහතා   පැමිණි සඳමාලි මෙසේ කීවාය.

“අප්පච්චි… බස් අනතුරෙන් අම්මයි තාත්තායි දෙන්නාම අහිමි වෙව්ච දරුවො තුන්දෙනෙක් ඉන්නවා. ආච්චි අම්ම කියනලු ඒ ළමයි හදාගන්න දෙන්න කැමතියි කියලා. අපි ගමුද ඒ ළමයි තුන්දෙනාව හදාගන්න”  

වෛද්‍ය රාජපක්ෂ මොහොතක් කතා කරගත නොහැකිව සිටියේය. තරංගා මේ කියන්නේ තමන් නිදි වරජිතව කල්පනා කර ලබා ගත් තීරණය ගැනය.   

මේ   ඔවුන්ට දෙපලට වයස අවුරුදු 3ක පුතෙක්ද සිටියි. ඉදිරියේදී තවත් දරුවන් අපේක්ෂාවෙන් සිටින ඔවුහු බස්රථ අනතුරෙන් මියගිය යුවලගේ දරුවන් තිදෙනාම බාරගැනීමට කැමැත්ත පල කරති.

ඔවුන් ඒ වෙනුවෙන්  දිස්ත්‍රික් ලේකම්වරයා , ප්‍රාදේශීය ලේකම්වරයා හා අම්පාර පොලිසීය  මේ වන විට දැනුවත් කර ඇත.    ඒ සඳහා අවශ්‍ය නීතිමය පියර ගැනිමට ඉදිරියේදී කටයුතු කරන බව ද වෛද්‍ය වජිර රාජපක්ෂ   සඳහන් කළේය. ඔහුගේ බිරියතරංගා සදමාලි වික්‍රමසිංහ අම්පාර කාවන්තිස්ස මහා විද්‍යාලයේ ගුරුවරියකි.

වෛද්‍ය රාජපක්ෂ සඳහන්  කළේ දරුවන් තුන්දෙනාම හදා ගැනීමට තමාට ආර්ථික ශක්තියක් තිබෙන බවත්  උදව් කිරීමට කවුරුන් හෝ කැමැත්තක් දක්වන්නේ නම් එය දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රාදේශීය ලේකම්වරයා මාර්ගයෙන් එය කළ හැකි බවත්ය. 

තමා දරුවන් හදාගැනීමට ඉල්ලීම් කළ පසුව එක් දරුවෙකු හෝ තමන්ට ලබා දෙන ලෙස කීප දෙනෙකුම දුරකථනයෙන් ඉල්ලීම් කළ නමුත් එම දරුවන් වෙන් නොකර හදා ගැනීම ඔවුන්ගේ මානසික වර්ධනයට පිටුවහලක් වන බව වෛද්‍ය රාජපක්ෂ කියන්නේය .

. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

“මානව හිමිකම් කවුන්සිලයේ පදනම් විරහිත ඇඟිලි ගැසීම රජය ප්‍රතික්ෂේප කරනවා”- ඇමති දිනේෂ්

Next Post

ආක්‍රමණික ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම ගැන ඉන්දියාව කිපෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.