බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලිපි පිට ලිපි ලියා ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කළ ෂම්මිගේ ජඩකම බඩුත් එක්ක හෙළිවන හැටි!

ජනාධිපතිතුමා සහ සාගල තුමා දැන් කුමක් කියනු ඇති ද?

by editor
නොවැම්බර් 18, 2023
in පුවත්
Shammi
Share on FacebookShare on Twitter

ඉතිහාසයේ  නින්දාසහගතම පාවාදීමක් හෙළි දරවු වී තිබේ. ඒ සියලුම ලිපි ලේඛනත් සමගිනි. ශ්‍රි ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙස ලිඛිතව බලපෑම් කරමින්   ෂම්ම සිල්වා විසින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බර්ක්ලේ වෙත නොවැම්බර්   6 , 7 සහ 9 තෙදිනම යැවූ ලිපි මේ වනවිට අප සතුව තිබේ.   

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කළ යුතු බවට යෝජනා කරමින් ඔහු මේ ලිපි තුන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති  ග්‍රෙග් බර්ක්ලේ වෙත යොමු කරන්නේ ශ්‍රී ලංකාවත්, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවත්, එම පාර්ලිමේන්තුව ජනතා ආධිපත්‍යය රූපණය කරමින් ඒකමතිකව සම්මත කළ යෝජනාවත් සම්බන්ධව අතිශය බිහිසුණු විකෘතියක් ලෝකය වෙත මවමිනි.

ප්‍රාථමික ප්‍රජාතන්ත්‍රවාදවත් ක්‍රියාත්මක නොවන විකල් රටක දේශපාලන බලය මත ක්‍රිකට් ආයතන සතු සම්පත් කොල්ලකෑම සඳහා සිදුකරන ම්ලේච්ඡ කුමන්ත්‍රණයක්  පිළිබඳව ඔහු අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත ලියන්නේය.  රටේ විගණනය පිළිබඳ උතුම්ම ආයතනය වන  විගණන කොමිසම හරහා අන්ත දූෂිතයෙක් බව සාධක සහිතව ඔප්පු කර විගණන වාර්තාවත්, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරවරියකගේ සභාපතිත්වයෙන් වෘත්තිකයන් පස් දෙනෙකුගෙන් සමන්විතවූ කුසලා සරෝජනී කමිටු වාර්තාවත් පිළිගැනීමට නොහැකි කූඨ ලේඛන ලෙස හැඟවෙන, රට සම්බන්ධව අන්ත නින්දා සහගත චිත්‍රයක් මවන්නට ශම්මි සිල්වා කටයුතු කර ඇති ආකරය විටෙක විශ්වාස කළ නොහැකි තරම් ජුගුප්සාවක් උපදවන්නේය.

ශම්මි සිල්වා පළමුවෙන්ම අයි.සී.සී. සභාපති ග්‍රෙග් බර්ක්ලේ සමග ඇති කරගත් සංවාදයකින් පසුව පළමු ලියුම ඔහු වෙත ලියන්නේ පසුගිය නොවැම්බර් මස 06 වැනිදා ය.

පහත දැක්වෙන්නේ එසේ යැවී පළමු  ලිපිය ය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

06 වැනිදා යැවූ ලිපයේ  ඔහු   සඳහන් කරන්නේ එදින අයි.සී.සී සභාපතිවරයා සමග  කතා කරගත් පරිදි එම ලිපිය ඔහු වෙත යොමු කරන බවය.

මේ වනවිට ක්‍රිකට් සඳහා සත් පුද්ගල අතුරු පාලක මණ්ඩලයක් පත් කර ඇති බව මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ වී ඇති බවත්,  මේ පුද්ගලයන් ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධයක් නැති ක්‍රියාකාරී දේශපාලනයේ සිටින පුද්ගලයන් බවත් ලියන ෂම්මි    ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ප්‍රකාශ කළ අතුරු කමිටුවේ නාම ලේඛනය සහිත පිටපතක් ද  ලිපියට අමුණන්නේය.

ඔහු පවසන්නේ  අර්ජුණ රණතුංග යනු ක්‍රීඩා පරිපාලකයෙක් නොව,  සක්‍රීය දේශපාලනයේ සිටින පුද්ගලයෙක් බවය.   රඛිත රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයාගේ පුතා බවත් සහ උපාලි ධර්මදාස දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෙක් බවත් ෂම්මි අයි.සී.සී වෙත ලියන ලිපියේ සඳහන් කරන්නේය.

ඔහු පවසන්නේ මේ අතුරු කමිටුව පත් කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට බරපතල හානියක් සිදුවන බවය.

සාමාන්‍ය පුරවැසියන් ලෙස ක්‍රීඩාවේ ස්වාධීනත්වයට වෙන හානිය සම්බන්ධයෙන් අධිකරණයට යෑමට සරසෙන බවද අයි.සී.සීයට එදින දන්වන ශම්මි  කියන්නේ මෙවැනි තීන්දුවක් ගැනීමෙන් පසු සිදුවිය හැකි අයහපත් ප්‍රතිඵල දැනගෙනම ක්‍රීඩා ඇමති මේ ප්‍රවේශය ගෙන ඇති බවය.

මේ අතුරු පාලක මණ්ඩලයට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා    ඔහු   අයි.සී.සී.යේ සහයෝගය පතන්නේය.

දෙවැනි ලියුම

ෂම්මි  දෙවැනි ලියුම ලියන්නේ පහුවෙනිදාය.  එනම් නොවැම්බර් 07 ය.  එම ලිපිය හරහා ඔහු රටේ නීතිය සම්බන්ධව අයි.සී.සී.ය වෙත මවන්නේ බරපතල විකෘතියකි.

එම ලිපිය පහත දැක්වේ.

ක්‍රිඩා අමාත්‍යවරයා විසින් තමන්ට හිමි බලතල ප්‍රකාරව ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හරින්නේ 1973 අංක 25 දරන ක්‍රීඩා නීතියට අනුවය. ක්‍රිකට් යනු මේ රටේ පවතින ක්‍රීඩාවකි.  ක්‍රිකට් සංගමය,  ක්‍රීඩා සංගමයක් ලෙස පවතින්නේ මේ රටේය.  ඒ රටේ නීතිය ප්‍රකාරව ඇමතිවරයා විසින් ක්‍රිකට් සංගමය විසුරුවා හැරීම සිදුකළ හැකි බව අධිකරණ ඇමතිවරයාත් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළේය.

ක්‍රීඩා ඇමතිවරයා විසින් මෙම විසුරුවා හැරීම සිදුකරනු ලබන්නේ මුලින් කී ආකාරයටම විගණන වාර්තාවකින් සහ විමර්ශන කමිටු වාර්තාවකින් හෙළි වී ඇති අන්ත දූෂණ පදනම් කරගනිමිනි. එම විසුරුවා හැරීමට පෙර ඇමතිවරයා අයි.සී.සී සාමාජික රටවලට සහ අයි.සී.සී මූලස්ථානයට එම පරීක්ෂණ වාර්තා සමග ලිඛිතව දැන්වූ බව පාර්ලිමේන්තුවේ දී පැවසුවේ ඇමතිවරයා විසින්මය.  එහෙත් ඒ වාර්තා අයි.සී.සී.ය පිළිගත්තේ නැත. ඔවුහු ෂම්මි කෙරෙහි විශ්වාසය තැබූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානී ෂම්මි සිල්වා අයි.සී.සී.ය වෙත ලිඛිතව දන්වන්නේ  ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන  අතුරු පාලක මණ්ඩලය 1973 අංක 25 දරන ක්‍රීඩා නීතිය උල්ලංඝනය කර පත් කර ඇති බවය.

ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ප්‍රජාතන්ත්‍රවාදී වූ  නිලවරණ ක්‍රියාදාමයකින් පත් කර තිබිය දී  මෙලෙස ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීම අභියාචනාධිකරණයෙ හමුවේ අභියෝග කළ  බවත්, අතුරු පාලක මණ්ඩලයේ කටයුතු  නොවැම්බර් 16 දක්වා වලක්වාලමින් නියෝගයක් ගත් බවත් එම ලිපියෙන් ෂම්මි අයි.සී.සී. වෙත දන්වන්නේය.

තවදුරටත් ඔහු අයි.සී.සී.යට දන්වා ඇත්තේ ක්‍රීඩා අමාත්‍යරයා විසින් අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීම ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ ව්‍යවස්ථාව උලංඝණය කර ඇති බවය.

එබැවින් ඉදිරියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වහාම ක්‍රියාත්මකවන පරිදි ක්‍රිකට් තහනමක් ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බව ඇමතිට දන්වන ලෙස ඔහු අයි.සී.සී යෙන් ඉල්ලා සිටින්නේය.

එහිදී ඔහු අයි.සී.සී වෙත යෝජනා කරන්නේ ඉදිරියේදී ලංකාවේ පැවැත්වීමට නියමිත ඉසව් තුනක් ලංකාව අවලංගු වීමට ඉඩ ඇති බවත් ක්‍රීඩා ඇමතිට දන්වන ලෙසය. එම ඉසව් 03 නම්  ලබන අවුරුද්දේ ජනවාරි පැවැත්වෙන 19න් පහළ ලෝක ශූරතා  තරගාවලිය,  2026 පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝකශූරතා තරගාවලිය සහ  2027 දී  පැවැත්වීමට නියමිත  විස්සයි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය වෙනත් රටවල් වලට යන්න ඉඩ ඇති බව ද ක්‍රිඩා ඇමතිවරයාට දන්වන්න ලෙස ෂම්මි  සිල්වා මෙසේ අයි.සී.සී.යෙන් ලිඛිතව ඉල්ලා සිටින්නේය.

තුන්වන ලියුම

ෂම්මි තුන්වන  ලිපිය ලියන්නේ නොවැම්බර් 09 වැනිදාය.  වත්මන් තත්ත්වය පිලිබඳ හදිසි දැනුම්වත් කිරීමක් ලෙස නම් කරමින් ලියන මේ ලිපියේ ඔහු පැකිලීමකින් තොරව මුළු රටම නින්දා සහගත ලෙස පාවා දෙන්නේය.

මේ ඒ ලිපිය ය.

09 වනදා යනු  දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉවත් වන ලෙස වූ ජනතා මතය ප්‍රකාශයට පත් කරමින් ඉතිහාසයේ පළමු වතාවට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මුළු පාර්ලිමේන්තුවම ඒකමතිකව යෝජනාවක් සම්මත කරගත් දිනය ය.

මේ සම්බන්ධව ෂම්මි සිල්වා අයි.සී.සී. වෙත කියන්නේ මෙවැනි කතාවකි.   ඔහු පවසන්නේ රොෂාන් රණසිංහ ඇමතිවරයාගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු විවාදයක් දියත් කළ බවත්, මෙම විවාදය ශ්‍රි ලංකා ක්‍රිකට් පරිපාලනයේ ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිවලට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බවත්ය.

මෙම විවාදය අරමුණු 02ක් වන බව ෂම්මි අයි.සී.සී. වෙත ලියන්නේය.

පළමු වැන්න   පාර්ලිමේන්තු ක්‍රියාදාමයක් තුළින්  ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ  නිලධාරීන් ඉවත් කිරීමය. ක්‍රිකට් පාලක මණ්ඩලයේ  නිලධාරීන් වැරදි බවට චෝදනා කර ඔවුන් විසින් සිදුකළ ක්‍රියාකාරකම්වල  අක්‍රමිකතා තහවුරු කිරීමකින් තොරව පාර්ලිමේන්තු යෝජනාවකින්  ඔවුන්  ඉවත් කිරීම එක අරමුණක් බව ඔහු කියන්නේය.

ෂමිම් අයි.සී.සී වෙත දන්වන්නේ  එය ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමයට එරෙහි යහ පාලන මූලධර්මවලට පටහැනි ක්‍රියාදාමයක් ලෙසය.

දෙවැන්න  ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පාර්ලිමේන්තුව හරහා ව්‍යවස්ථාවක් ගෙන ඒමේ  අරමුණක් ඇති බවය. එම ව්‍යවස්ථාව ගෙන එන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධව කිසිම හැදෑරිමකින් තොරව බවත්,   සාමජිකත්වයෙන් විමසීමකින් තොරව බවත් ලියන ෂම්මි අයි.සී.සී. වෙත අවධාරණය කරන්නේ   පාර්ලිමේන්තුව හරහා මෙවැනි ක්‍රියාවලියක් සිදුකිරීම මුලුමනින්ම වැරදි සහගත බවය.

දැනට ඒ සඳහා ඇති ව්‍යුහයට වෙනස් ආකාරයෙන් කටයුතු කිරීම ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරිමක් බව කියන ෂම්මි සිල්වා මේ කරන්නට හදන්නේ  ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ව්‍යවස්ථාදායකයෙන් අනවශ්‍ය බලපෑමක් ඇතිකිරිම  බව දන්වන්නේය.

ඇමතිවරයා මේ අවස්ථාවේ කරන්නට උත්සාහ කරන්නේ    ශ්‍රී ලංකාව ඉන්දියාවට පරාජය වීමත් සමග ඇති වූ    මහජන  කලකිරීම භාවිතා කර    තමන්ගේ දේශපාලන අරමුණු ඉෂ්ට කර ගැනීම බව ඔහු දන්වන්නේය.

ක්‍රීඩා ඇමතිවරයා ක්‍රිකට් ක්‍රීඩාවෙන් උපයන මුදලින් සියයට 20ක් අමාත්‍යාංශය සඳහා ඉල්ලූ බවත්, ඒ මුදල් ඉල්ලුවේ ක්‍රිකට් නොවන වෙනත් දේ සඳහා යොදා ගැනීමට බවත් අයි.සී.සී. වෙත ලියන ෂම්මි මේ හරහා ක්‍රීඩා ඇමතිවරයා මින් පෙරත්  ක්‍රිකට්වල ස්වාධීනත්වයටත් මූල්‍ය ස්ථාවරත්වයටත් අභියෝග කළ බව කියන්නේය.

ඊලඟට ඔහු කියන්නේ තමන්ටත් තමන්ගේ පවුලේ අයටත් මේ වනවිට ජීවිත තර්ජන එල්ල වී ඇති බවය. තමන් දැඩි සේ අනාරක්ෂිත බවය.

ක්‍රීඩා  අමාත්‍යාංශය ශ්‍රී ලංකා  ක්‍රිකට් සතු බැංකු ගිනුම් අත්හිටුවීමට  සහ එම ගිනුම්වල ඇති මුදල් ගැනීමට කටයුතු සැලසුම් කර ඇතියැයි  කියන ෂම්මි  විශේෂයෙන් ලබන අවුරුද්දේ පැැවැත්වීමට නියමිත 19න් පහළ ලෝක ශූරතාවයට වෙන් කරන ඩොලර් මිලියන 30ක අරමුදල්ද අවදානමේ බව අවධාරණය කරන්නේය.

“මේ ක්‍රියා දාමයට ඉඩ දුනහොත් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට පමණක් නොව, ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවටත් අඳුරු දිනයක් උදා වනු ඇතැයි මම  දැඩි සේ විශ්වාස කරමි. මේ ක්‍රියාවලිය වැලැක්වීම සඳහා තීරණාත්මක ලෙස මැදිහත් වෙන ලෙස ඉල්ලමි.”  ෂම්මි අවසාන ලියුමේ අවසාන වශයෙන් මැදිහත්වන ලෙස ලිව්වේය. අයි.සී.සී. ය මැදිහත් වුනේය.

අයි.සී.සී. අතාර්කික බව

අයි.සී.සී.ය ට ධනවත් ක්‍රීඩා කවුන්සිලයකි. අපට සාපේක්ෂව එය මහා ලොකුය. අපි තුනක් පුරා විවාද කළේ ඒ මහා අරමුදලින් අපට එන ඩොලර් සොච්චම අපට අතිශය දැවැන්ත ධනස්කන්ධයක් වීම හේතුවෙනි. එම අරමුදල ඇස් පනාපිට කොල්ල කනු දකින විට උපන් වේදනාවෙනි.

අපි පොඩි බව සැබෑය. එහෙත් ජගත් පාපන්දු සම්මේලනයේ වත්කම් අභියස නොව, මැන්චෙස්ටර් සිටි, බයන් මුන්චින්, රියල් මැඩ්‍රිඩ්,  ලිවර් පූල් එෆ්සී වැනි ක්‍රීඩා සමාජවල වත්කම් අභියත් අයි.සී.සී. යනු පෙට්ටි කඩයකි.

ඒ අවබෝධයකින් තොරව ඔවුන් රටක් සමග කරන ගනුදෙනුව රටක ජනතාවට, ඒ රටේ අධිකරණයට, ඒ රටේ විගණනයට කරන උද්දච්ඡ නිග්‍රහය තුළ වෘත්තීය නොවන අඳබාල කමක් තිබේ.

රටක පාර්ලිමේන්තුවක් විසින් ඒකමතිකව යෝජනාවක් සම්මත කරන විට එහි කුමක් හෝ දෙයක් තිබෙන බව අවබෝධකරගැනීමට තරම් විචාර බුද්ධියක් අයි.සී.සී. වෙත නැති වීමත් ෂම්මි සිල්වාගේ හැසිරීමෙන් රූපණය වන දුෂ්ඨ අශිෂ්ඨත්වයත් එක් තැනක සමපාත වන බව පමණක් අපට දැන් පෙනෙමින් ඇත.

දැන් මේ ක්‍රීඩාවට සිදුවුන දේ පැහැදිලි. අපට දැනගන්නට ඇත්තේ ජනාධිපතිවරයා තව දුරටත් මේ දොන් ජුවන් ධර්මපාල පන්නයේ හොරිකඩයින් වෙනුවෙන් පෙනී ඉන්නවාද යන්නය. සාගල රත්නායක තවදුරටත් කම්පනයට පත් වන්නේ ද යන්නත් පුරවැසියන් ලෙස අප දැනගන්නට කැමතිය

රටක් ලෙස මෙවැනි අර්ධ පරිනාමික අඩ මිනිසුන්ගේ ජඩකම්වලට කළ හැක්කේ කුමක් දැයි විමසිය යුතුය.

“මට නැතිනම් තොපිටත් නෑ, රටටත් නෑ” අදහස තිරිසනුන්ට මිස ශික්ෂිත සමාජයකටනම් ගැලපෙන්නේ නැත.  එම වැදගත් අවබෝධය රටේ විධායකයටත්, ව්‍යවස්ථාදායකයටත්  ලැබේනම් එය රටට යහපත්ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඔවුන් සතුටින්… හිටපු ජනපතිගේ උපන්දිනයට ගිය ජනපති!

Next Post

වරෙන්තුකරුවෙක් අත් අඩංගුවට ගැනීමට ගිය පොලිසියට ගම් වැසියන්ගෙන් ප්‍රහාරයක්… වරෙන්තු කරු පලා යයි… පොලිස් නිලධාරියෙකුට තුවාල!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.