කිර්ති ප්‍රනාන්දු –
කිලෝ ග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරය රුපියල් සියයකින් අඩුවීමට සාපේක්ෂව කිලෝ ග්‍රෑම් 05 සිලින්ඩරය රුපියල් 45කට ආසන්න මිලකින් සහ කිලෝ ග්‍රෑම් 1.8 සිලින්ඩරය රුපියල් 20කට ආසන්න මිලකින් අඩුවනු ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
ඩොලරයේ අගයට සාපේක්ෂව මෙම මිල ගණන් පහත හෙලීම සිදුකරන්නේ ඉතාම අසීරු තත්ත්වයකින් බව ලිට්රෝ සභාපති මුදිත පීරිස් පෙන්වා දෙයි.
හෙට උදෑසන සංශෝධිත මිල ගණන් ප්‍රකාශකරන බවත් හෙට මධ්‍යම රාත්‍රියේ සිට මිල අඩුවීම ක්‍රියාත්මක බවත් සභාපතිවරයා පවසයි.