බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලලිත් ජයසිංහගේ පොලිස්පති හීනය නීතිපති නිසා බොඳ වෙයි ද?…

විද්‍යා ඝාතන සිද්ධියෙන් වැඩ තහනම් වූ ජයසිංහ සේවයේ පිහිටුවන්න නීතිපති දෙපාර්තමේන්තුව එරෙහි වෙලා...

by editor
ජූනි 14, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

යාපනයේ විද්‍යා දැරිවිය ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකුට පළායාමට සහයෝගය දීමක් සම්බන්ධයෙන් වැඩ තකහනකට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ  නැවතත් පොලිස් සේවයේ පිහිටුවීමට දැරූ අවස්ථාවක් නීතිපති දෙපාර්තමේන්තුවේ දැඩි විරෝධය හමුවේ ව්‍යාර්ථව තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ ලලිත් ජයසිංහට එරෙහිව මේ වන විට අධිකරණ ක්‍රියා මාර්ගයක්ද සිදුවන බවකි. එසේම 2015 ජනාධිපතිවරණයේ දී දේශපාලන වේදිකාවකට වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සැකකරුවෙකුට රැකවරණය ලබාදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව විමර්ශනයක් පැවැත්වෙන බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඔහුව නැවත සේවයට ගැනීමට උත්සාහ කළ බලධාරීන්ට පෙන්වා දී තිබේ.

ලලිත් ජයසිංහ   දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් කරුණු සොයන ජනාධිපති කොමිසම හමුවට ද පැමිණිල්ලක් කර ඇත. එම කොමිසම විසින් ඔහුගේ පැමිණිල්ල ඉකුත් සතියේදී විභාගකර ඇත. එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ විද්‍යා දැරිවියගේ ඝාතනයට තමාව පටලවා ඇත්තේ දේශපාලනික වශයෙන් පළිගැනීමකට බවය. එවකට ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයාව සිටි ආරියදාස කුරේ  ද කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කරනු ලැබුවේ ජයසිංහගේ වැඩ තහනම නිසි විමර්ශනයකින් පසුව සිදු නොවූ බවකි. ලලිත් ජයසිංහ  නැවත පොලිස් සේවයේ පිහිටුවීමට සැළසුම් දියත් වී ඇත්තේ ආරියදාස කුරේගේ ප්‍රකාශය පදනම් කරගෙනය.

ලලිත් ජයසිංහ  නැවත පොලිස් සේවයට එක්වුවිට ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය සකස් වන්නේ වත්මන් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ තැනටය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

පොලිස් දෙපාර්තමේන්තුවේ බොහෝ නිලධාරීන් අතර මතයක් මේ වන විට ගොඩ නැගී ඇත්තේ ලලිත් ජයසිංහ  පොලිස්පති කිරීමට සැළසුමක් ක්‍රියාත්මක වෙමින් ඇති බවටය.

මේ වන විට පොලිස් සේවයේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන සී.ඩී. වික්‍රමරත්න වැඩ බලන පොලිස්පති ලෙස පත් කෙරන්නේ පාස්කු ප්‍රහාරයෙන් පසු එවකට සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර  අනිවාර්ය නිවාඩු යැවීමේ ප්‍රතිඵුලයක් ලෙසිනි. 19 වැනි ආණුඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පොලිස්පතිධුරයට යම් නිලධාරියෙක් පත් කිරීමෙන් පසු ඔහුව ඉවත් කිරීමට හැකියාව ලැබෙන්නේ විශ්වාසභංගයකින් පමණි.

අනිවාර්ය නිවාඩු යැවීමෙන් පොලිස්පතිධුරය පුරප්පාඩුවීමක් සිදු නොවූ බැවින් පූජිත්ව ඉවත් කිරීමට විශ්වාසභංගක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවූ නිසා වයස අවුරුදු 60 පැන ඔහු විශ්‍රාම ගැන්වෙන තුරුම පොලිස්පතිධුරය පුරප්පාඩු නොවීය.

පූජිත් ජයසුන්දර 60 පැන විශ්‍රාම ගැනෙන්නේ පසුගිය මාර්තු මාසයේදීය. ඉකුත් වසරේ මාර්තු මාසයේ සිට පොලිස්පතිධුරයේ වැඩ බැලුවේ සී.ඩී. වික්‍රමරත්නය. පූජිත් විශ්‍රාම යන තුරු කිසිදු පරිපාලනමය හෝ සමාජමය ගැටළුවක් පැන නොනගින ලෙස සී.ඩී. වික්‍රමරත්න  වසරක කාලයක් පූජිත්ගේ තැනෙහි වැඩ බැලුවේ පොලීසියේ බහුතරයක් නිලධාරීන්ගේ ද ප්‍රසාදය දිනා ගනිමිනි. බොහෝ දෙනා සිතුවේ පූජිත්ගේ විශ්‍රාමයෙත් සමග සී.ඩී. වික්‍රමරත්න  පොලිස්පති කරාවියැයි කියාය.

දැන් පූජිත් විශ්‍රාමගොස් මාස තුනකට වැඩිය. තවමත් සී.ඩී. වික්‍රමරත්න වැඩ බලන පොලිස්පතිමය.

Tags: නවතම
Share82Tweet43
Previous Post

බොලිවුඩ් තරුවක් අකලට මිලින වෙයි

Next Post

කණ්ඩාවලෙයි පාරේ පොහොර ගෝනියක විශාල ප්‍රමාණයේ බෝම්බයක්

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.