අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලබන 20 වැනිදා ඇනෝනිමස් සයිබර් ප්‍රහාරයට ලංකාව සූදානම්ද ?

by editor
අප්‍රේල් 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වෙබ් අඩවිවලට අනවසරයෙන් ඇතුළු වී ඒවායේ දත්ත හසුරුවන සහ තොරතුරු අනාවරණය කරන  අන්තර්ජාල හැකර්වරුන්ගෙන් සමන්විත ඇනොනිමස් ජාලය අද සිය ටිව්ටර් ගිණුමකින් ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිට රුසියාව කෙරෙහි දැඩි අවධානයකින් පසුවන අතරේ ශ්‍රි ලංකාව සහ ඊශ්‍රායලයේ දූෂණ හෙළිදරව් කිරීමට තම කණ්ඩායම සූදානමින් සිටින බවය.

මේ ඇනෝනිමස් කණ්ඩායම පිළිබඳව මේ වනවිට දැඩි අවධානයක් යොමුව   ඇත්තේ ඔවුන් පසුගියදා වීඩියෝවක් ද සමඟින් ප්‍රකාශ කළ ශ්‍රි ලංකාවේ දූෂිත දේශපාලනය පිළිබඳ ව අදාළ වෙබ් අඩවිවලින් ලබා ගන්නා තොරතුරු සහ අයථා ක්‍රියා පිළිබඳව සමාජයට මුදා හරින  බවය. ඔවුන්ගේ මේ අවසන් දිනයට තව ඇත්තේ දින තුනක කාලයක් පමණි.  ඔවුන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය වෙබ් අඩවි හෝ අදාළ දූෂණනවලට ගෑවුණු දත්ත පද්ධතිවලට ඇතුළු වී ඒවා ජනතාව හමුවේ අනාවරණය කරයිද යන්න පිළිබඳව මේ වනවිට රට තුළ මහත් ආන්දෝනලයක් නිර්මාණය වී ඇත.

https://twitter.com/ANOVNI1/status/1515637201694085123?s=20&t=W9yNc5fooByW5Sw1yow-Kw

ඇත්තටම ඔවුන් මේ අනාවරණයන් කරයිද?

ඔවුන් කී පරිදිම යම් බලපෑමක් රාජ්‍ය තොරතුරු තාක්ෂණ පද්ධතියට හෝ අදාළ දත්ත පද්ධතියට සිදු කිරීමේ අවදානමක් පවතින බව බොහෝ විශේෂඥයින්ද විවිධ තල ඔස්සේ මත පළ කර තිබණි. මේ මත පළ කිරීම් සහ ඇනෝනිමස් කණ්ඩාමේ ඇඟ කිලිපොළා යන වෙබ් ක්‍රියාකරකම් ගැන ලෝකය බොහෝ සෙයින් විශ්වාස කරන්නට ගත්තේ ඔවුන් යුක්රේන ආක්‍රමණයෙන් පසුව රුසියාව සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය නිසාය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ වනවිට ඇනෝනිමස් ජාලය වැඩිපුර අවධානය යොමු කරන්නේ යුක්රේනය ආකක්‍රමණය කළ රුසියාවය. මේ වවනවිට මෙම ඇනොනිමස් හැකර් ක්‍රියාධරයින් එරට රාජ්‍ය වෙබ් අඩවි, විවිධ සංවිධානවලට සම්බන්ධ ද වෙබ් අඩවි වලට ඇතුළු වී ඒවායේ ක්‍රියාකාරීත්වය අවුල් කිරීමටත් ඇතැම් දත්ත අනාවරණය කිරීමටත් සමත්ව ඇත.

මෙම කණ්ඩායම විසින් රුසියාවේ දී කරන ලද විශේෂිතම ක්‍රියාකාරකම ලෙස සැලකෙන්නේ එරට රාජ්‍ය රූපවාහිනි සේවා පද්ධතිවලට ඇතුළු වී රුසියාව යුක්රේනය තුළ සිදු කරන ක්‍රියාකාරකම් පිළිබව කෙටි වීඩියෝවක් ප්‍රචාරය කරවීමය. එය මෙම ඇනෝනිමස් කණ්ඩායම වෙත ලෝකයම විස්මය ජනක අවධානයක් යොමු කිරීමට සමත් විය.

එබැවින් ඔවුන් අවතක්සේරු නොකළ යුතු කණ්ඩායමක් බව සයිබර් ආරක්ෂාව පිළිබඳව ලෝක විශේෂඥයෝ සඳහන් කරති. සී.එන්.බී සී  පුවත් සේවය සමඟ අදහස් දක්වා ඇති එවැනි අන්තර්ජාල ආරක්ෂාව සම්බන්ධ විශේෂඥයකු වන ජෙරමියා ෆෝවර් පවසා ඇත්තේ ඔවුන් සූක්ෂම ලෙස පරිගණක දත්ත පද්ධතිවලට ඇතුළු වීමේ හැකියාව මේ වනවිට පෙන්නුම් කර ඇති බවය.

මේ වනවිටත් රුසියාව තුළ රාජ්‍ය වෙබ් අඩවි ඇතුළු සම්බන්ධිත අඩවි ගණනාවක් ඔවුන් ගේ ආක්‍රමණයට නතු කරගෙන ඇති අතර ඔවුන් මෙම දත්ත පද්ධති වෙනස් කර ඇත. ඇතැම් දත්ත ගොනු ඔවුන් යුද්ධය නිමකරන ලෙස පුටින්ට බල කරන පාඨවලින් යළි නම් තබා ඇත. දැඩි සයිබර් ආරක්ෂාවක් ඇති බව කියූ රුසියාවද මේ සයිබර් ප්‍රහාර හමුවේ අවුල් ද සහගත මට්ටමට පත් ඇත.

මෙම සයිබර් ප්‍රහාරක බල ඇණියට නිසි නායකත්වයක් නැත. ඔවුන් කරන්නේ එක අරමුණක් වෙනුවෙන් එක්වී ඊට අදාළ  කටයුතු මෙහෙයවීමය. මේ තත්ත්වය තුළ මේ වනවිට ඔවුන් ශ්‍රි ලංකාව සම්බන්ධයෙන්ද ක්‍රියාත්මක වීම සඳහා එවැනි පිරිස් ඒකරාශී කරමින් සිටින බව ඔවුන්ගේ සමාජ ජාල ගිණුම්වලින් පැහැදිලි වෙයි.

#Anonymous #tweet storm in support of #SriLanka Revolution #JoinUs on #20thApril 2022#OccupyGalleFace#GoHomeRajapaksas #OpSriLanka #JoinUs #World!#GoHomeGota https://t.co/hqLawHEENL

— Ghost Clan™ 𝕏 (@GhostClanInt) April 17, 2022

ඉන්දියානු ඇනොනිමස් සාමජිකයකු ඊයේ  සිය ටිව්ටර් ගිණුමෙන්   ප්‍රකාශ කළේ ශ්‍රි ලංකාවේ පාලකයන්ට කොල්ල කෑ මුදල් යළි  ජනතාවට ලබා දීමට තවත් ඉතිරි ව ඇත්තේ දින  කිහිපයක් පමණක් බවය. එ අනුව අප්‍රියෙල් 20 වැනිදා සිය මෙහෙයුම ආරම්භ කරන බව ඔවුහු පවසති.

ශ්‍රි ලංකාවේ දූෂණ වංචා හෙලිදරව් කිරීම සහ රාජ්‍ය වෙබ් අඩවිවලට ඇතුළු වීම ඇතුලු ශ්‍රි ලංකාවේ පවතින අරගලයට සහය පල කරන හැකර් ක්‍රියාකරුවන් ශ්‍රි ලංකාවට එරෙහිව  මෙහෙයුම නම් කර ඇත්තේ OpSriLanka නමිනි.   Annonymousltalia නමින් පවත්වාගෙන යන හැකර් ක්‍රියාන්විතයේ ටිව්ටර් ගිණුමක් ද පවසා ඇත්තේ මේ වනවිට ඔවුන් ශ්‍රි ලංකාවේ ක්‍රියාන්විතයට සම්පූර්ණ සහය ලබා දෙන බවය.

https://twitter.com/ANOVNI1/status/1514368395604643844?s=20&t=W9yNc5fooByW5Sw1yow-Kw

මෙම කණ්ඩායම් මේ වනවිට සිය සමාජ ජාල ගිණුම් හරහා පෙන්වා දෙන්නේ මෙරට ක්‍රියාත්මක වුණු අධිවේගී මාර්ග ඇතුළු මහා පරිමාණ ව්‍යාපෘතිවලදී  වියදම් වී ඇති ඇදහිය නොහැකි ගණන් හිලව් තුළ මහා පරිමාන දූෂණ තිබිය හැකි බවයි. මෙවැනි ව්‍යාපෘති හරහා මහජනයාගේ මුදල් යමකු කොල්ල කා ඇත්නම් ඒවා යළි ලබා දීමට අවශ්‍ය තොරතුරු තාක්ෂණ සහය ලබා දීමට ඔවුන් බලාපොරොත්තු වන බව මෙම හැකර් ක්‍රියාකරුවන් විසින් පළ කරන ලද එක් සමාජ ජාල පෝස්ටුවක  සඳහන් වෙයි.

මීට කලින්ද  2014 වසර්දී ශ්‍රි ලංකා ට මෙවැනි සයිබර් ප්‍රහාරයක් එල්ල විය. ඒ පසුපස ද මෙවැනි හැකර් ක්‍රියාධරයින් පිරිසක් සිටි බව අනාවරණය විය. එසේම 2019 වසරේදී ද ශ්‍රි ලංකාවේ lk Domain  සහිත වෙබ් අඩවි ජාලයකට සයිබර් ප්‍රහාරයක් එල්ල විණි.

එබැවින් මේ සයිබර් අවදානම පිළිබඳව අවතක්සේරුවක් කිරීම ගැලපෙන්නේ නැත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සඟරුවන පෙරදැරිව පොලොන්නරුවේ ඓතිහාසික දීප උයන අසලින් “ගෝටා ගෝ හෝම්“ විරෝධතා පා ගමනක්….

Next Post

තලේබාන්වරුන්ගේ පලිගැනීම් මාලාව

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.