අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංවිම සමාගම් 14කට බෙදයි… ප්‍රතිසංස්කරණ යෝජනා රජයේ නිර්දේශයට…

by editor
දෙසැම්බර් 4, 2022
in පුවත්
Ceylon Electricity Board Abolished and Restructuring Process
Share on FacebookShare on Twitter

බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටුව විසින් ණය බරින් මිරීකී සිටින ලංකා විදුලිබල මණ්ඩලය සමාගම් 14කට බෙදා වෙන් කිරීමටත්, අනතුරුව ඉතිරිවන ඕනෑම කාර්යයක් සහ ක්‍රියාකාරකම් භාරදීම සඳහා 15 වැනි ආයතනයක් ස්ථාපිත කිරීමටත් නිර්දේශ කර ඇතැයි ‘සන්ඩේ ටයිම්ස්’ වෙබ් අඩවිය වාර්තා කරයි.

කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද නව දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව පවසා ඇත්තේ විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයට ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට නම් ‘විශේෂිත ඉල්ලීමක් නොමැති යෝජනා පිළිගැනීම වැනි ක්‍රියාවලින් ඉවත් වී විනිවිද පෙනෙන, සාධාරණ හා තරඟකාරී ප්‍රසම්පාදන රාමුවක්’ කරා යා යුතු බවයි.

මෙම සතියේදී කැබිනට් මණ්ඩලය විසින් කමිටුවේ යෝජනාව අනුමත කරන ලද අතර විනිවිද පෙනෙන හා තරඟකාරී ක්‍රියාවලියක් අනුගමනය කිරීමෙන් ශක්තිමක් කීර්තියක් හා පළපුරුද්දක් ඇති සංවර්ධකයින් ආකර්ෂණය කර ගැනීමට හැකි වෙනු ඇතැයි ද එය කර්මාන්තයේ දිගුකාලීන මූල්‍ය තිරසාරභාවය සඳහා ප්‍රධාන සළකා බැලීමක් වනුඇතැයි ද කමිටුව විශ්වාස කරයි.

මේ වසරේ අගෝස්තු මාසයේදී ලංකා විදුලි බල මණ්ඩලයට ගෙවිය යුතු නොගෙවූ භාණ්ඩ හා සේවා බිල්පත්, හිඟ ණය හා ඉන්ධන සහ බලශක්ති මිලදී ගැනීම් සඳහා නොගෙවූ මුදල් ඇතුලුව විදේශ මුදල් හා රුපියල්වල වටිනාකම රුපියල් බිලියන 333.5ක් වේ.

මේ හේතුවෙන් ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමට රජයට අවශ්‍ය වූ අතර ඊට විසඳුම ලෙසින් විදුලි උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම හා විකිණීම යන ව්‍යාපාර සඳහා ස්වාධීන පද්ධති ක්‍රියාකරුවෙකු, සම්ප්‍රේෂණ සමාගමක් හා වෙනම සමාගම් හතරක් ස්ථාපිත කෙරේ. එහෙත් ආයතනික තත්ත්වයේ වෙනසක් නොමැතිව ඉදිරියට ගෙන යාමට යෝජිතය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ලක්ෂපාන ජලවිදුලි සංකීර්ණය, මහවැලි ජලවිදුලි සංකීර්ණය, සමනලවැව ඇතුළු ජලවිදුලි බලාගාර, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය, ලංවිමට අයත් කැලණිතිස්ස, සපුගස්කන්ද වැනි තෙල් තාප බලාගාර සහ මන්නාරම සුළං බලාගාරය පවරා ගැනීම සඳහා ස්වාධීන සමාගම් හයක් බිහිවනු ඇත.

මීට අමතරව මෙම නව සමාගම් වෙත මාරුවීමට තෝරා ගන්නා සේවකයින්ගේ ලංවිම අර්ථසාධක අරමුදල සහ ලංවිම විශ්‍රාම වැටුප් අරමුදල කළමනාකරණය කිරීමට එක් සමාගමකුත් ඉතිරි කාර්යයන් හා ක්‍රියාකාරම් කිරීමට තවත් සමාගමකුත් යෝජනා කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා ජර්සියේ සන්නාමය මුද්‍රණය කළ  Fairplay ඉන්දීය බුකි කාරයෙක්… පරීක්ෂණයක් අරඹයි…

Next Post

පවුල් වෛද්‍ය විශේෂඥවරු මූලික රෝහල්වල OPDවලට  අනුයුක්ත කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ විරෝධයක්… 

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.