දිනසේන රතුගමගේ
මන්නාරමේ සිට යාපනය බලා ගමන් ගත් ලංගම බස් රථයක් රියදුරු විසින් අතරමග නවතා පැය තුන හමාරක් ඔවුන්ගේ පෞද්ගලික කටයුත්තක නිරත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්නාරම දිසාපතිවරිය ඊයේ (31) දා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
මෙම බස් රථයේ ගමන් කළ මගීන් පිරිසක් දිසාපතිවරියට කරන ලද පැමිණිල්ලකට අනුව දිසාපතිවරිය මන්නාරම ලංගම ඩිපෝවට ගොස් නිලධාරීන් හමු වී මේ ගැන කරුණු විමසා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් දින තුනක් ඇතුළත වහාම කරුණු වාර්තාකරන ලෙස දිසාපතිවරිය මන්නාරම ලංගම ඩිපෝවේ නිලධාරීන්ට දැනුම් දී ඇති අතර දිසාපතිවරිය මන්නාරම දිසාපති කාර්යාලයේ සියලුම අංශ දැඩි පරීක්ෂාවකටද ලක්කොට තිබේ.