නාරාහේන්පිට පිහිටි ලංකා රෝහලේ වැසිකිලියක බෝම්බයක් තැබීම සම්බන්ධයෙන් කෙරන විමර්ශනවලට අදාලව මේ වන විට සැකකරුවන් 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන රදවාගෙන විමර්ශන පවත්වන බව කොළඹ අපරාධ කොට්ඨාශයේ තොරතුරු සදහන් කරයි.
ඒ අය අතර හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් කිහිප දෙනෙක්ද සිටින බව සදහන්ය. මෙම බෝම්බ තැබීම සම්බන්ධයෙන් කරෙන විමර්ශනවලින් ජාතික ආරක්ෂාවට බලපාන බොහෝ කරුණු හෙළිවෙමින් ඇති අතර හිටපු එක් එල්.ටී.ටී,ඊ. සාමාජිකයෙක් විසින් ත්‍රිකුණාමලයේ තරුණයින් පිරිසකට ගිනි අවි හා බෝම්බ පිපිරවීම් සම්බන්ධයෙන් පුහුණුවද ලබාදී ඇති බව හෙළිවී තිබේ.
එම පුහුණුවට සම්බන්ධ වූවන්ගෙන් කිහිප දෙනෙක්ද අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත. මෙම සැකකරුවන්ව මෙහෙයවන යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සිටින බවට දැඩි සැකයක් මතුවී ඇති බැවින් ඒ සම්බන්ධයෙන්ද විමර්ශන පැවැත්වෙන බව කොළඹ අපරාධ කොට්ඨාශයේ උසස් නිලධාරියෙක් පැවසීය.