දිනසේන රතුගමගේ –
ධීවර අමාත්‍යංශය විසින් උතුරු මුහුදේ මත්ස්‍ය ප්‍රමාණය වැඩි කර ගැනීමේ අරමුණින් පැරණි බස් රථ මුහුදේ ගිල්වීමේ වැඩ පිළිවෙලට විරෝධය පලකරමින් රාමේශ්වරම් ධීවරයෝ අද ( 16 ) රාමේශ්වරම් නගරයේ විරෝධතාවයක් සංවිධානය කොට තිබේ.
තමිල්නාඩූ හා රාමේශ්වරම් ධීවර සංගම් 17 ක් කියා සිටින්නේ උතුරු මුහුදේ මෙම පැරණි බස් රථ ගිල්වීම නිසා ඔවුන්ගේ ධීවර කටයුතු වලට විශාල බාධාවක් සිදුවන අතර මුහුදේ මසුන් මෙම බස් රථ වල සිටින්නට පටන් ගැනීම නිසා ඔවුන්ට ලැබෙන මත්ස්‍ය සම්පත අඩු වන බවයි.
රාමේෂ්වරම් ප්‍රධාන බෝට්ටු ධීවරයන්ගේ සංගමයේ උපදේශක එන්. දේවාදාස්ගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාවය පැවැත්වෙන අතර මෙම විරෝධය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට එවීම සදහා පෙත්සමක් අත්සන් කිරීමද සිදු කරණු ලබන බව රාමේස්වරන් හා තමිල්නාඩු ධීවර සංගම් නියෝජිතයෝ කියා සිටියහ.
ධීවර අමාත්‍යංශය විසින් නාවික හමුදාවේ සහය ඇතිව පසුගියදා උතුරු මුහුදේ ඩෙල්ෆ්ට් ප්‍රදේශයේ පැරණි බස් රථ විස්සක් ගිල්වීමට පියවර ගැනීමත් සමගම ඉන්දියාවේ ධීවරයින්ගේ මෙම විරෝධය හටගෙන තිබේ.