ශ්‍රියානි විජේසිංහ –
ශ්‍රී ලංකව විෂ වීම් බහුලව සිදුවන රටක් ලෙස හදුනාගෙන ඇති අතර විෂ ශරීරගතවීම හේතුවෙන් වාර්ෂිකව පුද්ගලයින් 80000ට වැඩි පිරිසක් රෝහල්ගත වන බව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානී කායික රෝග විශේෂඥ වෛද්‍ය ජේ. ජයවර්ධන සදහන් කරයි.
වසර 2000දි මෙම සංඛ්‍යාව 50000ක් වුවද මේ වන විට 80000 ඉක්මවා ඇතැයි පෙන්වාදෙන විශේෂඥවරයා මින් සියයට 70ක්ම හිතාමතා විෂ ශරීරගත කර ගන්නා අය බවත් ඉතිරි සියයට 30 අනපේක්ෂිත ලෙස විෂ ශරීරගත වන්නන් යැයිද හෙතෙම පෙන්වාදේ..
අනපේක්ෂිත විෂවීම් වලට ලක්වන්නන්ගෙන් සියයට 90ක්ම ළමුන් බවත් ඔවුන්ගෙන් වැඩිපිරිසක් රෝහල්ගත වනුයේ ඖෂධ වීෂවීම් පැරසිටමෝල් අධිමාත්‍රාවෙන් ලබාදීමෙන් ඇතිවන විසවීම් සහ සේදුම්කාරක කුඩු, ෂැම්පෝ, කණ්ඩිෂන්, කෘමීන් පළවා හැරීමට භාවිත කරන විෂ රසායනිකයන් , බැටරි වැනි දෑ හේතුවෙන් බවත් වෛද්‍ය ජයවර්ධන සඳහන් කරයි.
ලංකාවේ විෂ ශරීරගතවීම් වැඩි වශයෙන් සිදුවන දිස්ත්‍රික්කයන් ලෙස කුරුණෑගල සහ අනුරාධපුරයෙ හඳුනාගෙන ඇති අතර විෂ ශරීරගත වී සිදුවන මරණයන්ද මෙම දිස්ත්‍රික්කයන් තුළ වැඩි වශයෙන් දක්නට ලැබෙන බව වාර්තාවේ.
විෂවීම් වළක්වා ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරිමේ සතිය ලබන 11 – 17 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට මේ වන විට කටයුතු යොදා ඇතැයි විෂතොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි.