ජනගහනයට සාපේක්‍ෂව වාර්තා වන ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවන් සළකා බැලීමේදී ශ්‍රී ලංකාව ඉන්දියාවටත් වඩා භයානක තත්වයක සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ උප සභාපති වෛද්‍ය නවීන් සොයිසා බව පැවසුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඉන්දියාවේ රෝගීන් මිලියනයකට මරණ අනුපාතය 2.01ක් බවත්, ශ්‍රී ලංකාවේ එම අනුපාතය මිලියනටකට 1.91ක් බවත් පෙන්වා දෙන ඔහු දිස්ත්‍රික් වශයෙන් ගණනය කරද්දී මේ අගය අතිශයින්ම ඉහළ යන වග පෙන්වා දුන්නේය.
ගාල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් මරණ අනුපාතය මිලියනයකට 7.01ක් වන අතර මහනුවර 4.49, කොළඹ 2.43, ගම්පහ 2.46ක්, කළුතර 3.34ක් බව ඔහු කීවේය.
කෑගල්ල නුවරඑළිය, බදුල්ල, ත්‍රිකුණාමලය, වව්නියාව යන දිස්ත්‍රික්කවල ද ඉන්දියවේ අගය ඉක්මවා මරණ වාර්තා වන බව ඔහු පෙන්වා දුන්නේය.
රෝගීන් වාර්තා වීම ඉන්දියාවට වඩා අතිශයින් ඉහළ බවත්, ඉන්දියාවේ රෝගීන් වාර්තාවීමේ ප්‍රතිශතය මිලියනයට 80.03ක් වන විට ශ්‍රී ලංකාවේ එම ප්‍රතිශතය 136.68ක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙහි භයානකකම ජනතාවට අමතක වී ඇතැයි කීවත් සිදුව ඇත්තේ ජනතාවට එය අමතක කිරීමට ඉඩහැරීම බව කී නවීන් සොයිසා මේ වන විට සංචරණ සීමා පනවා තිබුණත් එය කොතරම් ප්‍රායෝගික ද යන්න ගැටලුවක් බව සඳහන් කළේය.