ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන අර්බුදකාරී වාතාවරණය හා ජනතාවගේ ආදායම් මත බද්දක් ලෙස ක්‍රියා කරන උද්ධමනය හේතුවෙන් සියයට 40ක ජනතාව දරුණුතම දරිද්‍රතාවයකට මුහුණ දෙද්දී සියයට 80ක් දෙනාගේ ජීවන තත්ත්වයන් ද ඉතා දරුණු ආගාධයකට වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්ත පෙන්වා දෙයි.
මෙරට කොවිඩ් වසංගතයට හා ආර්ථික අර්බුදයකට මුහුණ දීමට මත්තෙන් සාමාන්‍ය පවුලක මාසික ආදායම රුපියල් 76 414ක සාමාන්‍යයකි. එහෙත් නාගරික, ග්‍රාමීය හා වතු යන අංශ අතරේ මෙම ආදායමෙහි වෙනස්කම් දක්නට ඇත.
මේ වන විට දෙපාර්තමේන්තු සමීක්ෂණවලට අනුව මෙරට දරිද්‍රතාවයේ පහළම සිටින පවුල් සීයයට 20කගේ මාසික ආදායම රුපියල් 17 572කි. සියයට 40ක් වන දරිද්‍ර පවුල්වල ආදායම රුපියල් 26 931කි. මෙරට පොහොසත්ම පුද්ගලයින් සියයට 20කගේ මසක සාමාන්‍යය රුපියල් 196 289ක් ලෙස පෙර වසරවල සටහන්ව තිබුණත් මේ මස එය නාමික වශයෙන් හැර වර්ධනය නොවන්නට ඇත.
ඉලක්කම් විශාල සංඛ්‍යාවක් ලෙස සටහන්ව තිබුණත් උද්ධමනය හා රටෙහි කඩා වැටීම හේතුවෙන් ඔවුන්ගේ මිලදී ගැනීම් පසුගිය මාස කිහිපයේදී දරුණු ලෙස පහත වැටී ඇතැයි සමීක්ෂණ වාර්තා පවසයි.