සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවේ සංචාරය කර ගිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්   ලංකාව පිළිබඳ මානව හිමිකම් වාර්තාව නිකුත් කරයි!

by editor
අගෝස්තු 13, 2025
in පුවත්
Volker-Türk
Share on FacebookShare on Twitter

දශක ගණනාවක් පුරාවට පවතින දඬුවම් නොලැබීමේ සංස්කෘතිය අවසන් කරමින්, සැබෑ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ඇතුළුව අතීතයේ සිදු වූ බරපතළ මානව හිමිකම් උල්ලංඝන සහ ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාදව පවතින යුක්තිය සහ වගවීම ලබාදීම සඳහා මෙම ඓතිහාසික අවස්ථාව ශ්‍රී ලංකා රජය විසින් කාර්යක්ෂමව භාවිතා කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය අද ( 13)  නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටුක් අද ප්‍රකාශ කර ඇත්තේ මානව හිමිකම් පිළිබඳ ගැටලු සඳහා නව දිශාවකට ගමන් කිරීම සඳහා වත්මන් රජය ප්‍රතිඥා දී ඇති බවය  වොල්කර් ටුක් මෙසේ ද ප්‍රකාශ කර තිබිණි.

” අද, ශ්‍රී ලංකාවට පැවති ක්‍රියා පිළිවෙත් වලින් මිදීමට අවස්ථාවක් උදා වී තිබෙනවා, වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම, නීතියේ ආධිපත්‍යය ප්‍රතිස්ථාපනය කිරීම සහ වෙනස්කොට සැලකීම සහ දේශපාලන බෙදීම් ඉවත් කිරීම ඇතුළු දිගුකාලීන ගැටලු සම්බන්ධයෙන් නව දිශාවක ගමන් කිරීම සඳහා පවතින නායකත්වය ප්‍රතිඥා දී තිබෙනවා. මෙම කැපවීම්, ප්‍රතිඵල බවට පරිවර්තනය කිරීම සඳහා දැන් අපට පුළුල් මාර්ග සිතියමක් අවශ්‍ය වෙනවා,”

“මෙම ක්‍රියාවලිය ආරම්භ විය යුත්තේ, සිවිල් යුද්ධය අතරතුර රාජ්‍ය සහ ආරක්ෂක හමුදා නිලධාරීන් මෙන්ම, එල්ටීටීඊය වැනි රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම් විසින් සිදු කළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, අපයෝජන සහ අපරාධවල වගකීම පිළිගැනීමෙනි. එමෙන්ම, මෙම ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් වින්දිතයින් හා ප්‍රජාව වෙත ඇති කළ දිගුකාලීන බලපෑම්වල සත්‍යතාව ද පිළිගත යුතුය. ශ්‍රී ලංකා සංචාරයේදී වින්දිතයින්ගේ වේදනාකාරී සහ දුක්ඛිත තත්ත්ව දැනටත් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි වූ අතර, සත්‍යය හා යුක්තිය අයදිමින් ඔවුන් සිදු කරන ඉල්ලීම් වලට දැඩි අවධානයක් යොමු කිරීම ද අත්‍ය වශ්‍යය වේ.” ඒ වෝල්කර් ටුක් ගේ අදහසය.

මෙම වාර්තාව නිකුත් වන්නේ, මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා නිල සංචාරය සිදු වී ටික කලකට පසුවය. එම සංචාරය අතරතුර, ඔහු රජය, සිවිල් සමාජ සංවිධාන, වින්දිතකණ්ඩායම්, දේශපාලන පක්ෂ සහ ආගමික නායකයන් සමඟ සාකච්ඡා පැවැත්වූ අතර, ත්‍රිකුණාමලය, යාපනය සහ මහනුවර යන ප්‍රදේශ වල ද සංචාරය කළේය. ආරක්ෂක අංශයේ පුළුල් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් සහ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් සහතික කරන ආකාරයේ ව්‍යවස්ථාමය, නීතිමය සහ ආයතනික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අත්‍ය වශ්‍යතාව ද වාර්තාවේ අවධාරණය කර ඇත.

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

” ජාතික සමගිය ‘ පිළිබඳ දැක්ම සාක්ෂාත් කර ගැනීමටත්, විශේෂයෙන් අතීතයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය වීම් නැවත සිදු නොවන බව සහතික කිරීම සඳහාත්, රජය මෙම පියවර අනුගමනය කිරීම ඉතා වැදගත් වේ,” ටුක් සඳහන් කරයි. වගවීම, සංහිඳියාව සහ මානව හිමිකම් ආරක්ෂා කරමින් ඒවා පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ අඛණ්ඩ කැපවීම පිළිබඳව ඔහු තවදුරටත් අවධාරණය කර ඇත.

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටු වීමට රජය ගෙන ඇති පියවර සාදරයෙන් පිළිගන්නා බවත්, බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීම පිළිබඳ නඩු විභාග කිරීම සඳහා විශේෂ ස්වාධීන නීතිඥයවරයෙකු ඇතුළු ඊට කැප වූ අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම මෙම වාර්තාව තුළින් අගය කොට සලකා ඇත. තවද, උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල හමුදාව විසින් අත්පත් කරගෙන සිටින ඉඩම් නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවලංගු කිරීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දිගු කාලීන ව රඳවාගෙන සිටින සිරකරුවන් නිදහස් කිරීම – ඔවුන්ගෙන් ඇතැමුන් දැන් දශක ගණනාවක් තිස්සේ සිරගතව සිටින අතර ඒ සම්බන්ධයෙන් ද මෙම වාර්තාව අවධානය යොමු කර තිබේ.

එමෙන්ම, ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තරව වගවීම අර්ථවත් කිරීමටත්, සංහිඳියා ප්‍රයත්නයන් සඳහා දායක වන ලෙසත් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් මෙම වාර්තාව තවදුරටත් ඉල්ලා සිටී.

“ජාත්‍යන්තර නීතිය යටතේ, සිදු වූ අපරාධ විමර්ශනය කිරීම, නඩු පැවරීම සහ වගවීම සහතික කිරීම සඳහා මූලික වගකීම ශ්‍රී ලංකා රජය සතු වුව ද, ජාත්‍යන්තර ක්‍රම මගින් මෙය සම්පුර්ණ කර ඒ සඳහා සහාය දැක්විය හැක,” යනුවෙන් ද වාර්තාව සඳහන් කරයි. විශේෂයෙන්ම, වගවීම සම්බන්ධ කටයුතු ඉදිරියට ගෙන යාමටත්, සංහිඳියා ප්‍රයත්නයන් සඳහා දායක වන ලෙසත්, එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ ශක්තිමත් හැකියාව ඒ සඳහා උපයෝගී කර ගන්නා ලෙසත්, එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් වලින් ඔහු ඉල්ලා සිටී.

රජය, අනුස්මරණය සහ සාකච්ඡාව සඳහාවන අවකාශයක් විවෘත කර තිබුණද, විශේෂයෙන් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, ඉඩම් අරවුල් සහ පාරිසරික ගැටලු පිළිබඳ වගවීම සඳහා කටයුතු කරන සිවිල් සමාජ සංවිධාන ක්‍රියාකාරීන් ඉලක්ක කරගනිමින් බියගැන්වීම් සහ හිරිහැර කිරීම් අඛණ්ඩව සිදුවන බවත්, සහ අතුරුදහන් වූ පුද්ගලයින්ගේ පවුල් බිය ගැන්වීම සහ ඔවුන් නිරීක්ෂණය කිරීම සම්බන්ධයෙන් ද මෙම වාර්තාව විස්තර කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට කැපවී සිටිය ද, නව රජය ද පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සහ රඳවා තබා ගැනීමට එම නීතිය භාවිතා කිරීම අඛණ්ඩව සිදු කරගෙන යන බවත් වාර්තාව පෙන්වා දෙයි. අඛණ්ඩව සිදුවන අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම්, වධහිංසා පැමිණවීම් සහ අත්අඩංගුවේ පසුවන විට දී සිදුවන මරණ පිළිබඳ ද මෙහි දී විස්තර කෙරෙන අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය සඳහා හැකි වහාම තහනමක් පනවන ලෙස ද රජයෙන් ඉල්ලා සිටී.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත (OSA), ICCPR පනත, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ පනත් කෙටුම්පත සහ අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතඇතුළුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සංගමය සහ සාමකාමී රැස්වීම වැනි මූලික අයිතිවාසිකම් සීමා කරන අනෙකුත් නීති හෝ යෝජිත නීති සංශෝධනය කිරීම හෝ අවලංගු කිරීම සඳහා ද මෙම වාතාවෙන් ඉල්ලීමක් සිදු කර ඇත.

වතුකරයේ මලයහ දෙමළ ප්‍රජාව ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයින්ට, විශේෂයෙන් දරිද්‍රතාවයෙන් දරුණු ලෙස පීඩාවට පත්වූවන් සහ වෙනත් අවදානම් සහිත තත්වයන් යටතේ සිටින පුද්ගලයන්ට, ආර්ථික අර්බුදයේ සහ වත්මන් ණය බරෙහි බරපතල බලපෑම් පිළිබඳව ද මෙම වාර්තාව විශ්ලේෂණය කර ඇත.

ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය මූල්‍ය අවකාශය රජයට ලබා දෙන ලෙසත්, ජනජිවිතයට අහිතකර ලෙස බලපාන රාජ්‍ය වියදම් කපාහැරීම් හා අධික ලෙස බදු වැඩි කිරීම වැනි ක්‍රියා තුළින් රටේ මානව හිමිකම් බැඳීම් ඉටු කිරීම සහ ඒවා ක්‍රියාත්මත කරවීමේ හැකියාව අඩාල කිරීමට කටයුතු නොකරන ලෙසත්, ඒ සඳහා අවැසි සහය ලබා දෙන ලෙසත්, මහ කොමසාරිස්වරයා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බාහිර ණය හිමියන්ගෙන් ඉල්ලා සිටියි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රැඳවියෙකුගෙන් අල්ලස් ගැනීමේ චෝදනාවකට අත් අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර සෞඛ්‍ය ලොක්කා රිමාන්ඩ්!

Next Post

නිලධාරීන් බලපෑම් කළොත් වර්ජනයකට නොයා මට දැනුම් දෙන්න… සෞඛ්‍ය ඇමති GMOA වෙත දන්වයි!

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.