බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවේ මිනිසා මවන කාබනික කෘෂි අපාය දැක ඉන්දී්‍ය ගොවියෙක් ලෝකයට කී කතාව!

by editor
නොවැම්බර් 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වී රවිචන්ද්‍රන් යනු දකුණු ඉන්දියානු ශූර ගොවියෙකි. අක්කර හැටක පමණ වපසරියක් තුළ සාර්ථක ලෙස වී, කපු, උක් සහ ධාන්‍ය වර්ග වගා කරන රවිචන්ද්‍රන් තම සීමිත භූමිය තුළ ඇති සීමිත සම්පත්වලින් උපරිම අසවැන්නක් ලබා ගැනීමට නව තාක්ෂණය මත වැඩි විශ්වාසය තබා ඇති ජ්‍යෙෂ්ඨයෙකි. ගෝලීය ගොවීන්ගේ ජාලයේ සාමාජිකයකු වන ඔහු කෘෂිකර්මය පිළිබඳව ලේඛනයේද දක්ෂයෙකි.

ශ්‍රි ලංකාවේ කාබනික වගා පරිවර්තනය පිළිබඳව නිරන්තර අවධානයකින් සිට ඇති ඔහු මෙම ලිපිය ඉංග්‍රිසි භාෂාවෙන් ලියා අත්තේ “මිනිසා විසින් නිර්මාණය කරන ලද ශ්‍රි ලංකාවේ කාබනික කෘෂි විපතෙන් අප පාඩම් උගත යුතුය  (WE MUST LEARN FROM SRI LANKA’S MAN-MADE ORGANIC AGRICULTURE DISASTER යන හිසිනි. මේ එම ලිපියේ සිංහල අනුවාදයකි.

  • ලොක්යේ හොඳම තේ ලංකාවේ! කිසිදාක ලංකාවට නැතත් තේ කෝප්පය නිසා හැමදාම දවස අරඹන්නේ ලංකාව එක්ක…

  • ලෝකයේ මෙහෙම අත්හදා බැලීමක් කළේ තමන් විතරක් බව පුරසාරම් දොඩන ශ්‍රී ලංකා ජනපති තේරුම් ගත යුත්තේ ඔහු ක්‍රියාත්මක කරන්නේ   සංවර්ධන විරෝධීන් විසින් ප්‍රකාශ කරන ලද නොමඟ ගිය සහ අවිද්‍යාත්මක  අදහසක්  ලෝකය  දැනටමත් දැන සිටි බවයි…

  • මේ විදිහට ඉන්දියාව කළා නම් රටම සාගතේක… කළ යුතුව තිබුණේ විචක්ෂණශීලීව ගොවිතැන් කරන හැටි ගොවියන්ට කියා දීමයි !

  • ශ්‍රි ලංකාවේ කාබනික කෘෂිකර්ම ගමන  දුරකථන විසි කර  පරවියන් අත පණිවිඩ යැවීමක්… ලෝකයේ ප්‍රතිපත්ති සම්පාදකයන් මේ තත්වය දැඩිව නිරීක්ෂණය කරන්නේ නම් ඔවුන්ට ඉදිරි සැලසුම් පහසු වනු ඇති…

    වී. රවිචන්ද්‍රන්

ශ්‍රී ලංකාව ගොවිතැන සම්බන්ධයෙන් ගත් අත්හදා බැලීමේ හදිසි තීරණයක් අඩකින් ආපසු හරවා ඇත.  එසේ වුවද ශ්‍රි ලංකාවේ වැසියෝ එම තීරණයේ භයානක මෙම නරක වැරැද්ද මත දැනටමත්  ආහාර අර්බුදයක ස්වරූපයකට ළඟාවෙමින් සිටිති.

පළිබෝධකයන්ට එරෙහිව සටන් කරන භෝග ආරක්ෂණ නිෂ්පාදන සම්පූර්ණයෙන් තහනම් කළ මෙන්ම අකාබනික පොහොර තහනම් කළ ලොව පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ සැලසුමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්  ප්‍රකාශයට පත් කරන ලදී. එහෙත් අප මේ මාසයේ ලෝක ආහාර දිනය සමරන විට, ශ්‍රී ලංකාව විද්‍යාත්මක තත්ත්වයට එරෙහිව ගත් මේ කාබනික තීරණයෙන්  පීඩා විඳින බව අපි දනිමු.

ඒ නිසාම ශ්‍රි ලංකා රජය මෑතකදී ආහාර පිළිබඳව  හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව  මිල පාලනයක් සහ දැඩි සලාකකරණයක්  පැනවූයේය. එමගින් ගොවීන්ට තම සහල්, රාජ්‍ය ආයතනයකට විකුණා දැමීමට බලකෙරුණු අතර පුද්ගලික ගබඩාවලින් සැපයුම් ද අත්පත් කරගැනීමට කටයුතු කළේය.   ශ්‍රී ලාංකිකයන් සහල්, සීනි, කිරිපිටි සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට පැය ගණන් පෝලිමේ රැඳී සිටින තතත්වයක් නිර්මාණය වන්නේද මේ අතරය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

රජයක් විද්‍යාත්මක විරෝධී අදහස් ගොවීන් සහ පාරිභෝගිකයන් මතට තල්ලු කළ විට මෙවැන්නක් සිදුවීම වැළැක්විය නොහැති බව මගේ අදහසයි. .

මා ශ්‍රි ලංකාවට කිසිදාක පය තබා නැත. මගේ උපන් ගම වන ඉන්දියාවේ දකුණු වෙරළ තීරයට පහළින් කඳුළු බිඳුවක් මෙන් එල්ලා වැටෙන ශ්‍රී ලංකාවට කිසිදා ගොස් නැතත් ඒ ප්‍රංචි රට ට මගේ දින චර්යාවේ විශේෂ ස්ථානයක් හැම දිනකම ලැබෙයි. ඒ සෑම දිනකම උදෑසන රස බලන ශ්‍රි ලංකාවේ අනගි තේ කෝප්පයෙනි.  මම මගේ ගොවිපලේ වැඩ කිරීමට පටන් ගන්නා විට සෑම උදෑසනකම එහි රසවත් තේ පානය කරමි.

මේ දූපතේ  හිතකර දේශගුණය සහ දිගු නිෂ්පාදන ඉතිහාසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ ලෝකයේ හොඳම තේ බව මගේ අදහසයි.  මෙම තේ අපනයන මත රටේ ආර්ථිකය සැලකිය යුතු ලෙස රඳා පවතී.

ජනාධිපතිවරයාගේ වෙනස් වීමෙන් ඇතිවන්නට තිබූ  බලපෑම ලිහිල් විය හැකි වුවද ඔවුන් දැන් සිටින්නේ අනතුරක ය. කාබනික තේ නිෂ්පාදනය කිරීම වඩා මිල අධිකය. කාබනික පමණක් තේ සඳහා භාවිත කළහොත් නිසැකවම  අස්වැන්න පහත වැටෙනු ඇති අතර, මෙම විනාශකාරී ප්‍රතිපත්තිය හේතුවෙන් මෙම නිෂ්පාදකයින් සැලකිය යුතු ප්‍රතිවිපාක අත්විඳිනු ඇත.

එහෙත් මෙම අර්බුදය තේ වලට එහා ගිය එකකි.  එය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ආර්ථිකයේ සෑම අංශයකටම මේ වනවිට බලපා  ඇත.  ශ්‍රී ලංකාවේ සහල්, එළවළු සහ පලතුරු බොහොමයක් නිෂ්පාදනය කරන කුඩා වතු හිමියන්ගේ ඵලදාව අඩපණ කර ඇත. එයින් රබර් නිෂ්පාදනය පවා අඩු විය හැකිය.

ලොව පුරා ගොවීන් වෙන කවරදාකටත් වඩා අඩු බිම් ප්‍රමාණයක වැඩි ආහාර ප්‍රමාණයක් වගා කිරීමට උපකාරී වන නව තාක්‍ෂණයන් සමඟින් ඉදිරියට යන මොහොතක ශ්‍රී ලංකා රජය ප්‍රාථමිකවාදයට අනුව ආපස්සට යාමට තීරණය කිරීම ප්‍රශ්නගතය.  ඒ වෙනුවට අද ලෝකයේ  කෘෂිකර්මයට අදාළ තාක්ෂණය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇත.  ශාක ජාන විද්‍යාවේ සිට නිරවද්‍ය වාරිමාර්ග , චන්ද්‍රිකා දත්ත ඇතුළු නව්‍ය තාක්ෂණ සැමෙකින්ම  කැපී පෙනෙන දියුණුවක් හරහා, අපට වඩා හොඳ සහ තිරසාර නිෂ්පාදකයින් බවට පත් වන්ට හැකියාව ඇත. ඒ මගේ ගොවිතැනේ සාර්ථකත්වයේ අත්දැකීම්ය.

කෘෂිකර්මාන්තය පිළිබඳ ශ්‍රී ලංකාවේ අපූර්ව චින්තනය සන්නිවේදනයට යොදා ගන්නේ නම්, උදාහරණයක් ලෙස, අපි අපගේ ජංගම දුරකථන අත්හැර වාහක පරවියන් වෙත හැරෙමු. ඊමේල් වෙනුවට, අපි අතින් ලියන ලද ලිපි යවන්නෙමු. රූපවාහිනියෙන් සහ ගුවන්විදුලියෙන් ප්‍රවෘත්ති ගැන ඉගෙන ගන්නවාට වඩා, ප්‍රවෘත්ති අප වෙත ළඟා වන තෙක් අපි බොහෝ වේලාවක් බලා සිටිමු, සමහර විට එය කිසිසේත් ඇසෙන්නේ නැත.

ජනාධිපති රාජපක්ෂ තම කාබනික ගොවිතැන පිළිබඳ නීති හඳුන්වා දුන් විට, වෙනත් කිසිම රටක් එවැනි දෙයක් අත්හදා බලා නැති බව පුරසාරම් දෙඩුවේය. ඔහුට තේරුම් ගැනීමට අපොහොසත් වූ දෙය නම් මෙය සංවර්ධන විරෝධීන් විසින් ප්‍රකාශ කරන ලද නොමඟ ගිය සහ විද්‍යාත්මක නොවන අදහසක් බව අනෙකුත් බොහෝ රටවල් දැනටමත් දැන සිටි බවයි.

කෙසේ වුවද අඩුම තරමින් දැන් ඔහු තම වැරැද්ද තේරුම් ගැනීමට පටන් ගෙන ඇති බව පෙනෙයි.

ශ‍්‍රී ලංකාවේ  ගොවිතැන සම්බන්ධයෙන් කළ වැරැද්දක ඔවුන් සිදු කළේ රට වඩාත් නරක තැනකට පැමිණි වකවානුවකය. ඔවුන් එය කරන්නට පටන්ගත්තේ කොවිඩ් 19 වසංගතයෙන් ලෝකයම අර්බුදයට ලක්ව ඇති වකවානුවකය.  එය සංචාරක කර්මාන්තය මත යැපෙන අයට විශේෂ හානියක් කර ඇත.

මෙම ශතවර්ෂයේ මුල් භාගයේ වර්ධනය වූ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය තියුණු ලෙස පහත වැටී ඇත. සංචාරක ව්‍යාපාරයේ කඩා වැටීමෙන් අඩකට වගකිව යුත්තේ 2019 වසරේ  කිතුනුවන්ට එල්ල වූ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරයි, නමුත් බොහෝ දුරට වසංගතය නිසා සංචාරක කර්මාන්තයේ ඉතිරි ටිකටද දැවැන්ත හානියක් සිදුවිය.  විදේශිකයන් එහි වෙරළ තීරයට, කිමිදුම් ගමනාන්තවලට සහ ස්වභාවික සුන්දරත්වයට පැමිණීම නතර කර ඇත.

එමෙන්ම ශ්‍රි ලංකාවේ  මුදල් ඒකකයේ වටිනාකම ද පහත වැටී ඇති අතර, ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ ජාත්‍යන්තර වෙළඳ හවුල්කරුවන්ගෙන් ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට අපහසු වී තිබේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයේ වඩාත්ම ඛේදජනක අංගය වන්නේ මේ අර්බුදයන් බොහොමයක් ඔවුන්ටම විසඳා ගත හැකිව තිබූ  ඒවා වීමය. රජය ගොවීන්ගේ අනතුරු ඇඟවීම්වලට ඇහුම්කන් දීම ප්‍රතික්ෂේප කරමින් තම අභිමකය ජනතාව වෙතට තල්ලු කිරීමට පියවර ගත්තේය.

මගේ ගොවිපල ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මෙම හාස්‍යජනක නීති යටතේ කළ නොහැකි ය. ශ්‍රී ලංකාවේ ක්‍රමයකට එය කළා නම් සහල්, කපු සහ අනෙකුත් භෝගවල මගේ අස්වැන්න සැලකිය යුතු ලෙස අඩු වනු ඇත. එසේම ප්‍රතිඵලය හුදෙක් විනාශකාරී වනු ඇත.

බිලියනයකට වඩා වැඩි ඉන්දියාවේ ජනගහනයක් ශ්‍රී ලංකාවේ මිලියන 22 ක ජනතාව මත පනවා ඇති කාබනික රෙගුලාසි අනුගමනය කිරීමට නියෝග කළහොත්, ලෝකය කිසිදා නොදුටු මන්දපෝෂණයේ සහ සාගින්නෙන් පෙළෙන ව්‍යසනයක් අපට දැකගත හැකිය. අපගේ ආර්ථිකය කඩා වැටෙනු ඇති අතර, අපගේ අතිවිශාල ජනගහණය පෝෂණය කිරීම සඳහා අපගේ විදේශ විනිමය සම්පත් අවසන් කර, අපගේ ජාතික ධනය වෙනතකට හැරවීම සහ අනෙකුත් සියලුම සංවර්ධන ක්‍රියාකාරකම් ඇනහිටීම සිදු කරනු ඇත.

අවසාන වශයෙන්, වනාන්තර ඉඩම් ගොවිතැන සඳහා පරිවර්තනය කිරීම, ගණන් කළ නොහැකි ගස් කැපීම සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මගින් අපගේ වගා කළ හැකි භූමිය පුළුල් කිරීමට අපට සිදුවේ.

එවැනි භයානක තත්ත්වයන් ගැන සිතන්නටවත් මා කැමති නැත.

ශ්‍රී ලංකාවට කාබනික ගොවිතැනේ නියමයන් දැවැන්ත අසාර්ථක බව හඳුනා ගැනීමට ගත වූයේ මාස හයක් පමණි. රජය ගොවීන්ට වහා ඉගැන්විය යුතු පාඩම වන්නේ විචක්ෂණශීලී ලෙස කාබනික හෝ රසායනික මෙනම් දියුණු  තාක්ෂණයන් භාවිත කිරීමට කියා දීමයි.

වගාවට යොදන  යෙදවුම්, ඒකාබද්ධ පළිබෝධ, ජලය සහ රෝග කළමනාකරණ පිළිවෙත් වැනි අනෙකුත් වැදගත් තාක්ෂණික විකල්ප සමඟ ඒකාබද්ධව භාවිතා වේ. මේ සඳහා විද්‍යාව හා තාක්‍ෂණය කෙරෙහි විශ්වාසයක් ඇති කර ගත යුතුය.   එවිට එහි ගොවීන් සහ පුරවැසියන් ඔවුන්ට දරාගත නොහැකි මිලක් ගෙවීම සිදුවීම නතර වෙයි.යෙදවුම් කළමනාකරණය වෙයි. සිදුවිය හැකි පාරිසරික හනි අවම වෙයි.

ලෝකයේ අනෙකුත් සියලුම ජාතීන්ගේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට ශ්‍රී ලංකාවේ මිනිසා විසින් සාදන ලද මේ ව්‍යසනයේ යථාර්ථය තේරුම් ගැනීමට ඉඩ දිය යුතුය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාලම් පාරුව පෙරළී පාසල් සිසුන් 06ක් මරුට… 11 අසාධ්‍යව රෝහලේ…

Next Post

මරණ 06ත් සමග කින්යාව නොසන්සුන්….

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.