සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවට එන ස්ටාලින්ක් ඉන්ටර්නෙට්වල මිල ගණන් විදුලි සංදේශ නියාමන කොමිසම කියයි!

by editor
ජූනි 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • මූලික ගෙවීම එක්ලක්ෂ විසි නව දහසක සිට එක් ලක්ෂ අසූ දාහයි…. මාසික බිල රුපියල් විසි නව දාහකට ආසන්නයි!

චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සපයන ස්ටාර් ලින්ක් අන්තර්ජාල සේවාව ලබා ගැනීම සඳහා මූලික ගෙවීම ආසන්න වශයෙන් රුපියල් එක් ලක්ෂ විසි දහසේ සිට රුපියල් එක් ලක්ෂ අසූ දහස දක්වා මිලක් වනු ඇති බවත් මාසික ගෙවීම දළ වශයෙන් රුපියල් විසි නව දහසක් පමණ වනු ඇති බවත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

කෙසේ වෙතත් ලොකයේ ඕනෑම තැනක සිට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ වේගවත් අන්තර්ජාල පහසුකම් ලබා ගත හැකි ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව සැපයීමේ දී අධ්‍යාපනය ලබන දරුවන්ට සහ ධීවර ප්‍රජාවට විශේෂ සහන පැකේජ හඳුන්වා දීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් අනාවරණය කරයි.

මේ වනවිට ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවා පහසුකමට අනුමැතිය ලබාදීම සඳහා මහජන අදහස් ලබා ගැනීමට දින 14ක කාලයක් වෙන් කර ඇති බවත් ඉන්පසුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට මෙම අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට හැකිවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මේ කරුණු හෙළි වන්නේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (06) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ය.

එහි දී රාජ්‍ය ඇමාත්‍ය කනක හේරත් මෙසේ පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“තාක්ෂණ ක්ෂේත්‍රයේ නව පරිවර්තනයක් සිදු කරමින් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට අද සිට ස්ටාර්ලින්ක් ආයතනය සමඟ කටයුතු කරනවා. මෙතෙක් පැවැති කුළුණු මඟින් සීමිත අන්තර්ජාල පහසුකම් වෙනුවට ඕනෑම තැනක සිට අන්තර්ජාලයට එක්වීමට මෙම චන්ද්‍රිකා තාක්ෂණ අන්තර්ජාල පහසුකම ඔස්සේ හැකියාව තිබෙනවා.”

“මෙමඟින් තාක්ෂණ ක්ෂේත්‍රයේ වෙනසක් ඇති වෙමින් පවතිනවා. අධ්‍යාපනය හදාරන දරුවන්ට, පර්යේෂණ කරන විද්වතුන්ට, ධීවර ජනතාවට මෙම අන්තර්ජාල පහසුකම මඟින් විශාල පහසුවක් සැලසෙනවා. වේගවත්ම අන්තර්ජාල පහසුකමක් මෙම තාක්ෂණය ඔස්සේ ලබා දිය හැකියි. ස්ටර්ලින්ක් සමාගමට චන්ද්‍රිකා තාක්ෂණ අන්තර්ජාල පහසුකම ලබාදීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබෙනවා. එයට මහජන අදහස් දැක්වීම සඳහා දින14ක් කාලයක් ලබා දී තිබෙනවා. මහජන අදහස් විමසූ පසුව සති දෙකක් කාලයක් තුළ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා.”

“විදුලි සංදේශ නියාමන පනතේ 22 වගන්තිය යටතේ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මේ ආකාරයට අන්තර්ජාල පහසුකම් ලබාදීමට කටයුතු කළා. මෙම අන්තර්ජාල සේවාව ලබාගැනිම සඳහා පාසල් දරුවන්ට, ධීවර ජනතාවට හා පර්යේෂකයන්ට සහන පැකේජයක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබෙනවා. ඒ පිළිබඳ ඉදිරියේදී සැලසුම් සකස් කරනවා.”

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මධුසංක දිසානායක පැවසුවේ “starlink” ආයතනය මෙරට තුළ දුරකථන ජාලා සමාගමක් ලෙස ස්ථාපිත නොකරන බවය.

මේ ආයතනයට විදුලි සං‍දේශ නියාමන කොමිසම විසින් අනුමැතිය ලබාදුන්නේ පනතේ 17 වන හා 22 වගන්තිය අනුවයි. නමුත් ඊට සංඛ්‍යාත බලපත්‍රයක් ලෙස ලබාදී තිබෙනවා. එබැවින් පවතින විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කර සේවා බලපත්‍රයක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරනවා. මෙම සබඳතාව ලබාගැනීම සඳහා අමෙරිකානු ඩොලර් 400 – 600ත් අතර මුදලක් වැය වෙනවා. මාසික ගෙවීම ඩොලර් 99ක් වෙනවා.

චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ‍ලබාදෙන අන්තර්ජාල පහසුකම හරහා ලෝකයේ කුමන ප්‍රදේශයේ සිටියද අන්තර්ජාලයට පිවිසිමේ හැකියාව තිබෙනවා. ‍ශ්‍රී ලංකාවේ දැනට පවතින ‍ෆයිබර් තාක්ෂණ අන්තර්ජාල සේවාව මෙන් කිහිපගුණයකින් මෙම අන්තර්ජාල සේවාව වේගවත් වෙනවා. ඒ නිසා ඉදිරියේදී තාක්ෂණ ක්ෂේත්‍රයට වඩා යහපත් පරිසරයක් නිර්මාණය වන බව විශ්වාස කළ හැකියි.

පසුගිය දා ඉන්දුනීසියාවේ පැවැති 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රකට ව්‍යාපාරිකයකු වන ඊලොන් මස්ක් (Elon Musk) අතර හමුවවේදී “Starlink” ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම පිළිබඳ සාකච්ඡා කර තිබිණි.

එහි ප්‍රතිඵලයක් ලෙස චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීම සඳහා “Starlink” ස්ටර්ලින්ක් ආයතනයට අනුමැතිය හිමිව තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කාරක සභා අවස්ථාවේ දී විපක්ෂයෙන් ඉදිරිපත් වූ   සංශෝධන17 න් 16ක්  ප්‍රතික්ෂේප වේ… විපක්ෂය ඡන්දයක් නොඉල්ලයි… විදුලි බල පනත 3 වර කියැවීම සංශෝධන සහිතව සම්මතයි!

Next Post

හම්බන්තොට සිසුවා ඝාතනයට සම්බන්ධ සැකකාර සිසුවා මේ මස 20 දක්වා රිමාන්ඩ්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.