බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝගී කාන්තාවකට රෑ එළිවන තුරු තැඹිලි ගෙඩි 21ක් සහ කහ දියර පොවලා… ශාන්තිකර්මය අතර කාන්තාව මිය යයි… කපුවා අත්අඩංගුවට…

by editor
ජූනි 18, 2023
in පුවත්
kapuwa
Share on FacebookShare on Twitter

රෝගී කාන්තාවක් වෙනුවෙන්  මුළු රාත්‍රියක් පුරා පැවති ශාන්තිකර්මයක දී රෑ එළිවන තුරු තැඹිලි ගෙඩි 21ක් සහ කහ දියර පෙවීම නිසා ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් එම කාන්තාව මිය යෑම නිසා ශාන්තිකර්මය සිදුකළ 25 හැවිරිදි කපුවා අත්අඩංගුවට ගෙන තිබේ.  

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ලග්ගල දාස්ගිරිය ප්‍රදේශයේ නිවසක අසනීප තත්ත්වයෙන් පසුවන කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් සුවපත් කිරීමට  ශාන්තිකර්මයක්  පවත්වා ඇත. පෙරේදා (16) සවස් කාලයේ සිට ඊයේ (17) උදෑසන තෙක්   මෙම ශාන්තිකර්මය පවත්වා තිබේ.

මෙම ශාන්තිකර්මය  සඳහා සහභාගී වූ එක් කාන්තාවක් ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි තැනැත්තියකි. ශාන්තිකර්මය සිදුකළ තැනැත්තා විසින් මෙම රෝගී කාන්තාවන් දෙදෙනාට සහ   පුද්ගලයාට වරින්වර එක් අයෙකුට තැඹිලි ගෙඩි 21ක්  බැගින් පෙවීමට සිදුකර තිබේ.

එසේ සිදුකරන අතරතුරදී  ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි  කාන්තාවට හදිසි අසනීප තත්ත්වයකට පත්ව ඇත. මේ අවස්ථාවේ දී කපුවා නැවත වරක්  ඇයට කහ දියර පෙවීමට සලස්වා තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඉන්පසුව රෝගී තත්ත්වය උස්සන්න වීම නිසා ඇයව දාස්ගිරිය රෝහල වෙත ඇතුළත් කර ඇත. අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරු කර යවා තිබේ.  දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙම කාන්තාව මිය ගොස් ඇත.

මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද දින දඹුල්ල රෝහලේ දී සිදුකිරීමටනියමිතව තිබේ. ශාන්තිකර්මය සිදුකළ වයස අවුරුදු 25ක් වූ පුද්ගලයා ගල්කිරියාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධව ලග්ගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බඹරකන්ද ඇල්ලෙන් පය ලිස්සා පහළට ඇදවැටී පේරාදෙණිය සරසවි සිසුවෙක් මිය යයි!

Next Post

විහාරාධිපති හිමිගේ බෑගයෙන් 125,000ක් හොරකම් කළ සේවකයා අත්අඩංගුවට

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.