බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝගී කාන්තාවකගේ වකුගඩු දෙකම ගලවා දමා වකුගඩුවක් බද්ධ කිරීම වර්ජනය කළ දොස්තර ගුඩ්ඩා ගැන වාර්තාව සෞඛ්‍ය ලේකම්ට!

by editor
සැප්තැම්බර් 14, 2024
in පුවත්
Kidny racat

රෝගියාගෙන් ඉවත් කළ වකුගඩු යුවල.....

Share on FacebookShare on Twitter

වෛද්‍ය වෘත්තියේ උත්තුංග ගෞරවය ව්‍යසනයට ලක් කරමින් රෝගියෙකුගේ වකුගඩු දෙකම ගලවා දමා නැවත වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුනොකර සැත්කම් වර්ජනය කළ ජයවර්ධන පුර රෝහලේ මෞත්‍ර ලිංගික සහ අවයව බද්ධ කිරීමේ  විශේෂඥ වෛද්‍ය  නිරෝෂන් එල්. සෙනවිරත්නගේ අගතිගාමි ක්‍රියාකලාපය පිළිබඳ පූර්ණ පරීක්ෂණ වාර්තාවක් සෞඛ්‍ය ලේකම්වරයා වෙත යොමු කළ බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසුවේය.

වකුගඩු බද්ධයක් සඳහා ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කළ බී.ජී.එන් කුමුදුනීගේ වකුගඩු දෙකම ගලවා ඉවත් කර වකුගඩුවක් බද්ධ නොකිරිම සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වා වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාර දෙන ලෙස සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල රෝහල් පරිපාලනය වෙත පසුගිය දා දැනුම් දී තිබිණි.

ඒ අනුව සිදුකළ පරික්ෂණ වාර්තාවෙන් හෙළිදරවු වී ඇත්තේ මෙම විශේෂඥ වෛද්‍යවරයා මෙම රෝගී කාන්තාවගේ වකුගඩු යුවල ගලවා දමා වකුගඩුවක් බද්ධ නොකර පුරා මාස හයක් තිස්සේ වකුගඩු බද්ධය අත්තනෝමතිකව ප්‍රතික්ෂේප කර ඇති බවය.

එසේ මගහැරිම හේතුවෙන් මෙම කාන්තාවට මාස හයක කාලයක් පුරා සතියකට දින දෙක බැගින් රුධිර කාන්දු පෙරණ වාර 55ක් සඳහා රුපියල් ලක්ෂ හයකට ආසන්න මුදලක් වියදම් කිරිමට ඉඩ සලස්වා තිබිණි.

මේ පිළිබඳව එම කාන්තාව ජයවර්ධනපුර රෝහලේ පාලන අධිකාරියට කළ පැමිණිල්ලක් මත සිදුකළ මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇති බිහිසුණු යථාර්ථය වී තිබුණේ මෙම චූදිත වෛද්‍යවරයා මේ ආකාරයෙන් රෝගීන් අපහසුතාවයට පත් කර සිය පුද්ගලික සේවාවන් පවත්වන තලවතුගොඩ රෝහලකට රැගෙන විත් නිර්දය ලෙස රෝගීන් සූරාකෑමේ ජාවාරමක පුරා වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ යෙදී ඇති බවය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මෙම කටයුත්ත ඉතාම සංවිධානාත්මකව රෝහලේ වෛද්‍යවරියන් දෙදෙනෙක් ඇතුළු කණ්ඩායමක් විසින් පවත්වාගෙන ගොස් ඇති බව ද හෙළිදරවු වී ඇත. සිද්ධිය හේතුවෙන්  මෙම විශේෂඥ වෛද්‍යවරයා වැඩ තහනමකට ලක් වී ඇත.

මේ වනවිට කායික මානසික මෙන්ම ආර්ථික අතින් ද අන්ත පීඩාවට පත් වි සිටින රෝගී කාන්තාව මේ සාහසික මානව අපරාධයට එරෙහිව අධිකරණයේ පිහිට පැතීමට සූදානම් වන බව වාර්තා වේ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නීතිඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න ඉල්ලා අස්වෙයි!

Next Post

නවසීලන්ත කණ්ඩායම දිවයිනට පැමිණෙයි… පළමු ටෙස්ට් තරගය 18 ඇරඹෙයි… ක්‍රීඩකයින්ට ඡන්දය දාන්න 21 විවේක දිනයක් ලෙස නම් කරයි… තරගය දවස් 06යි…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.