fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝගීන්ට බෙහෙත්, ධීවරයින්ට භූමි තෙල් රැගත් ඉන්දියානු සහන නැවක් එයි!

1 මාසයක් ago
in පුවත්
432 4
0
Share on FacebookShare on Twitter

ඉන්දියානු රජය විසින් පරිත්‍යාග කරන ලද ඖෂධ සහ වෙනත් වෛද්‍ය සැපයුම් තොගයක් වැඩ බලන මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත ඊයේ (27) කොළඹ දී භාර දෙන ලදී. ටොන් 25කට අධික බරකින් යුත් මෙම ආධාර තොගයේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් මිලියන 260කට ආසන්නය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

සාගර් IX (SAGAR) මෙහෙයුම යටතේ මෙම මානුෂීය ආධාර තොගය කඩිනමින් ශ්‍රී ලංකාවට භාර දීම සඳහා ඉන්දියානු නාවික හමුදාවේ (INS) ටොන් 5600ක ලෑන්ඩින් නෞකාවක් වන ඝාරියල් නෞකාව යොදවා තිබිණ. වෛද්‍ය සැපයුම්වලට අමතරව ශ්‍රී ලාංකික ධීවරයන්ගේ පරිහරණය සඳහා භූමිතෙල් තොගයක් ද මෙම නෞකාව  රැගෙන විත් ඇත. ලංකා ධීවර  සංස්ථාව විසින් ඉදිරි දිනවලදී මෙම භූමිතෙල් තොගය ප්‍රතිලාභීන්ට බෙදා දෙනු ඇත.

දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ සංවිධාන සහ රෝහල් විසින් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව විසින් මෙම වෛද්‍ය සැපයුම් තොගය පරිත්‍යාග කරන ලදී. විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා 2022 මාර්තු මාසයේදී කරන ලද ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී සුවසැරිය පදනමේ නියෝජිතයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් රටෙහි වෛද්‍ය ‍ ක්ෂේත්‍රයේ පවතින අවශ්‍යතාවයන් පෙන්වා දෙන ලදී. පරිත්‍යාග කරන ලද මෙම වෛද්‍ය සැපයුම් තොගයෙන් එම අවශ්‍යතා සපුරාලනු ඇත. මෙයට අමතරව, හම්බන්තොට මහ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල සහ යාපනය ශික්ෂණ රෝහල  වෙත ද මෙම වෛද්‍ය ආධාර තොගය ලබා දෙනු ඇත.

2022 අප්‍රේල් 29 වන දින ද පේරාදෙණිය රෝහල සඳහා විශාල වෛද්‍ය සැපයුම් තොගයක් INS ඝාරියල් නෞකාව විසින් දිවයිනට රැගෙන එන ලදී. මෙම මානුෂීය ආධාර තොගය මූල්‍යාධාර, විදේශ විනිමය සහය, ද්‍රව්‍යමය ආධාර ආදි විවිධ අයුරින් ශ්‍රී ලාංකික ජනතාවට සහය වීමට ඉන්දියාව ගන්නා ප්‍රයත්නයන් හි කොටසකි.  ‍මෙම සහයෝගයන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය පිළිඹිබු කරයි. “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තියේ මූලිකාංගය වන්නේ ජනතාව අතර සබඳතා වර්ධනය කිරීමයි. මෙම ප්‍රයත්නයන් ශ්‍රී ලංකාවේ තම සහෝදර සහෝදරියන් වෙත ඉන්දීය ජනතාව විසින් සිදු කරන නිර්ලෝභී පරිත්‍යාගයන්ගෙන් තවත් සවිමත් වී ඇත. එකිනෙකාගේ සුබසිද්ධිය වෙනුවෙන් දෙරට ජනතාව විසින් ලබාදෙන ප්‍රමුඛතාවය මෙම සහයෝගයන් සහ කැපවීම තුළින් පෙන්නුම් කෙරෙන බව කොළඹ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

Join @lankasara on Telegram Channel
Previous Post

සේවයට ගෙන්වන පිරිස් සීමා කර රාජ්‍ය සේවයේ වියදම් අඩු කළ හැකි ද?

Next Post

සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්

Related Posts

“ගෝටා ගෝ හෝම්“ ලෝකය දකිනු ඇතැයි බිය ගාල්ලේදී යළිත් වැඩි වෙයි…

ජූනි 29, 2022

අගමැති පරදියි… මහ බැංකු අධිපති ධුරයේ ඉදිරි ධුර කාලයට නන්දලාල් වීරසිංහ ට නිර්දේශ ලැබෙයි…!

ජූනි 29, 2022

ජනපතිගේ කාබනික මාන්දම රටට කළ විනාසය ආණ්ඩුවේ ආර්ථික වාර්තාම දත්ත එක්ක හෙළි කරයි…

ජූනි 29, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • “ගෝටා ගෝ හෝම්“ ලෝකය දකිනු ඇතැයි බිය ගාල්ලේදී යළිත් වැඩි වෙයි…
  • අගමැති පරදියි… මහ බැංකු අධිපති ධුරයේ ඉදිරි ධුර කාලයට නන්දලාල් වීරසිංහ ට නිර්දේශ ලැබෙයි…!
  • ජනපතිගේ කාබනික මාන්දම රටට කළ විනාසය ආණ්ඩුවේ ආර්ථික වාර්තාම දත්ත එක්ක හෙළි කරයි…
  • හෙද උපාධිදාරීන්ට සායනික පුහුණුව සැපයීමට ලංකා හොස්පිටල්ස් ඇකඩමිය හා NSBM සරසවිය සහයෝගිතා ගිවිසුමකට
  • රට මළගෙයක් කර හිඳී ගිය තෙල් සංචිත තෙල් සමාගම්වල කොමිස් කාක්කන්ට ඉල්ලමක් පාදලා!

ජනප්‍රිය පුවත්

  • පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

    172 shares
    Share 69 Tweet 43
  • දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

    195 shares
    Share 78 Tweet 49
  • අපි මහා කුමන්ත්‍රණයක ගොදුරු…. ඉන්ධන නැවු ප්‍රමාද කළේ ආණ්ඩුවේ ඒ කුමන්ත්‍රණයේ කොටසක් විදිහට….

    214 shares
    Share 86 Tweet 54
  • බස්නාහිර සිපෙටිකෝ පිරවුම්හල් 40කට ආසන්න සංඛ්‍යාවක් අදත් සාමාන්‍ය ලෙස ඉන්ධන බෙදලා…

    218 shares
    Share 87 Tweet 55
  • තෙල් හොයන්න ගිය ඇමති කාංචන කටාර් බලශක්ති සමාගමේ සභාපති සාද් ෂෙරීඩා අල් කබී හමුවෙයි!

    205 shares
    Share 82 Tweet 51
  • මැච් එක දා පිටිය ඉදිරියේ ඇදෙන  දකුණු ලකේ ගෑස්  සිලින්ඩර පෝලිම ක්‍රිකට් ලෝකය හොල්ලයි…

    185 shares
    Share 74 Tweet 46

Highlights

හෙද උපාධිදාරීන්ට සායනික පුහුණුව සැපයීමට ලංකා හොස්පිටල්ස් ඇකඩමිය හා NSBM සරසවිය සහයෝගිතා ගිවිසුමකට

රට මළගෙයක් කර හිඳී ගිය තෙල් සංචිත තෙල් සමාගම්වල කොමිස් කාක්කන්ට ඉල්ලමක් පාදලා!

225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…

පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

බැසිල් පොහොට්ටුවන්ව නෙළුම් මාවතට කැඳවයි…

ඉන්දියාවේ ත්‍රිචී සරණාගත කඳවුරේ විරෝධතාවයක සිටි ශ්‍රි ලාංකිකයින් 27ක් රොහල්ගත කරයි….

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

“ගෝටා ගෝ හෝම්“ ලෝකය දකිනු ඇතැයි බිය ගාල්ලේදී යළිත් වැඩි වෙයි…

by editor
ජූනි 29, 2022
0

“ගෝඨා ගෝ හෝම්“ විරෝධතා පුවරු  ජාත්‍යාන්තරය...

අගමැති පරදියි… මහ බැංකු අධිපති ධුරයේ ඉදිරි ධුර කාලයට නන්දලාල් වීරසිංහ ට නිර්දේශ ලැබෙයි…!

by editor
ජූනි 29, 2022
0

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ යළිත්...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist