දශක හයක් තිස්සේ සිංහල සිනමාව රන්ජනය කළ පෞරුෂවත්, සම්මානිත රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු දිවි සැරියෙන් සමුගත්තේය.
ඔහු අද උදෑසන මිය ගිය බව වාර්තා වනවිට අවුරුදු 82ක අයු කාලයක් සපුරා සිටියේය.
ඔහු දෙවසරකට ආසන්න කාලයක් පාකින්සන් රෝගයෙන් පෙළුනේය. ඔහු පදිංචිව සිටි නිවස පිහිටියේ මහරගම වත්තේගෙදර මාවතේය.
සටන් නළුවෙක් ලෙස වර්ෂ 1961 දී සිංහල සිනමාවට සම්ප්‍රාප්තවන රොබින් පසු වකවානුවේ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු හා නිෂ්පාදකවරයකු ලෙස ක්ෂේත්‍රයට අසීමිත සේවයක් ඉටුකළේය.
ඔහුගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.