යුක්රේනය ඉලක්ක කර ගනිමින් රුසියාව ඊයේ (24) දිනයේදී එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරය මත හමුදා සෙබලු සහ සිවිල් වැසියෝ 137 දෙනකු මේ වනවිට මියගොස් සිටිති. යුක්රේනය ඒ බව නිල වශයෙන් ප්‍රකාශ කළේය. ඊයේ කිව් නගරයට සහ එහි හමුදා කඳවුරු ඉලක්ක කරගෙන මෙම ප්‍රහාර එල්ල වී ඇති අතර ගුවන් ප්‍රහාර හේතුවෙන් යුක්රේනයට දැඩි බලපෑම් එල් වී ඇත. මේ වනවිට යුක්රේනයට හමුදා නීතිය ප්‍රකාශයට පත් කොට ඇති අතර ඇඳිරි නීතියද පනවා තිබේ.
1997 වසරට පෙර සෝවියට් රුසියානු සමූහාණඩුවේම කොටසක් වූ යුක්රේනය බෙදී වෙන්වූයේ එවකට හිටපු සෝවියට් ජනාධිපති මිකායිල් ගොර්බචොව්ගේ පෙරෙස්ත්‍රොයිකා වැඩපිළිවෙළට අනුවය.
එසේ වුවද රුසියානුවන් බොහෝ දෙනෙක් යුක්රේනය වෙනම රටක් ලෙස නොසලකන අතර එය රුසියාවේම කොටසක් ලෙස පිළිගන්නට ඔවුහු රුචි වෙති. යුක්රේනය මේ වනවිට ක්‍රමයෙන් බටහිර රටවල් සමඟ එකතු වෙමින් සිටින අතර මේ පිළිබඳව නුරුස්සන සුළු ස්වභාවයක් රුසියාව කෙරෙන් පළ වී තිබිණි. මෙම ආක්‍රමණයට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පියවර ගත්තේ මේ හේතුවෙන් බව ලෝක දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ.
බී.බී.සී පුවත් සේවය පවසන ආකාරයට මෙම ප්‍රහාරය පිළිබඳව රුසියානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ යුක්රේනය බටහිර රටවල් වෙත නැඹුරු වීම මේ තත්වයට හේතුව බවය. ඔවුන් මේ වනවිට යුරෝපා රටවලින් සැදුම්ලත් නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට සූදානම් වන අතර එය වැළැක්වීම මෙම ප්‍රහාරයේ අරමුණක් ලෙස සඳහන් වේ.

රුසියානු ජනාධිපතිවරයා පපසුගිය වසරේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලිපියක් ලියමින් සඳහන් කර ඇත්තේ යුක්රේනය නේටො සාමාජිකත්වය ලබා ගත හොත් බටහිර ආක්‍රමණය තවත් තීව්ර වනු ඇති බවය.
“ යුක්රේනය නේටෝ සමඟ එක් වුණොත් ඔවුන්ගේ ඊළඟ ඉලක්කය ක්රිමියාවට රිංගීමයි“… ඔහු එලෙස සඳහන් කොට ඇත.
ලෝක දේශපාලන විචාරකයන් දක්වන ආකාරයට මෙම රුසියානු ප්‍රහාරයේ අරමුණු සෘජුවම යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම ම නොව නේටෝ සංවිධානය යළිත් ඔවුන්ගේ 1997 වසරට පෙර තිබූ සීමා මායිම්වලට ගමන් කරවීමය. කෙසේ වුවද මේ වනවිට යුක්රේනය තනිකරම සහය ඉල්ලා ඇත්තේ නේටො රටවලිනි. එයින් පෙනී යන්නේ නේටෝ සංවිධානය සැලකිය යුතු තරමට යුක්රේනය වෙත පසුගිය කාලය තුළ යම් යම් බලපෑම් මෙන්ම සහයෝගය පළ කර ඇති බවය.
රුසියාවට පවතින බිය වන්නේ නේටෝ සංවිධානයේ නැගෙනහිර දෙසට ව්‍යාප්ත වීම තුළ රුසියානු බල කඳවුරේ යම් අසථාවරත්වයක් නිර්මාණය වීමය. මේ හේතුවෙන් රුසියාව කිහිප වරක්ම ලෝකය හමුවේ අවධාරණය කර සිටියේ නේටො රටවල් 1997 න් පසුව තම සාමාජිකත්වය ලබා ගත් රටවල පවතින මිලිටරි යටිතල පහසුකම් එනම් කඳවුර සහ සන්නද්ධ සූදානම් කිරීම් ඉවත් කර ගත යුතු බවය.
කෙසේ වුවද සෝවියට් රුසියානු සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසු රුසියානු කලාපය ආසන්න නැගෙනහිර රටවල් 14ක් 1997 න් පසුව නේටෝ සමාජිකත්වය ලබා ගත්තේය. නේටෝවේ ද ඊළඟ ඉලක්කය වී ඇත්තේ යුක්රේනය බෙලරුස් සහ ක්රිමියාව වැනි රටවල්ය. යුක්රේනය රුසියාවේ ආසන්නතම රටක් වන අතර නේටෝ බලපෑම කිසිසේත් රුසියාවට රුස්සන්නේ නැත.
කෙසේ වුවද මේ වනවිට යුක්රේන ප්‍රහාරවල දෙවන දිනය උදා වී ඇත. අද (සිකුරාදා) දිනය තුළ දෙයක් සිදුවනු ඇතිදැයි යුක්රේන ජනතාවට පමණක් නොව, සමස්ත ලෝකයටම ඇත්තේ බරපතල අවිනිශ්චිත බවකි.







