බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුපියල් 100ක් කාල බෝතලයකට වැඩිවුනාම මිනිස්සු  සීල් අරක්කු නවත්තවා  කසිප්පු බොන්න යනව ද?

කිසිම විද්‍යාත්මක පර්යේෂණයක් නැතිව ආණ්ඩුව මේ අපට කියන්නේ අරක්කු කොම්පැණි ආණ්ඩුවට කියන කතාවය...

by editor
ජූනි 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සීල් අරක්කු නොහොත් රජයේ අනුමත මත්පැන් මිල වැඩි වීම නිසා ජනතාව කසිප්පුවලට  හුරු වී  රෝගීන්  බවට පත්වන්නේ යැයි මතයක් පසුගිය සමයේ ඇසෙන්නට වූයේය. මේ දිනවල නැවතත් මත්පැන් මිල සම්බන්ධයෙන් කතාබහක් ඇති වී තිබේ.  මධ්‍යසාර මිල සියයට 20කින් වැඩි කිරීම නිසා ශ්‍රී ලංකාවේ මත්පැන් භාවිතය සියයට 7.4කින් අඩු වී ඇති බව මුදල් රාජ්‍ය ඇමති රන්ජිත් සියඹලාපිටියත් පසුගිය දා  පාර්ලිමේන්තුවේදී කීවේය.

එහිදී ඇමැතිවරයා රටට කීවේ මෙවැන්නකි.

ශ්‍රී ලංකාවේ භාවිතා කරන දේශීය විදේශීය සියලුම සුරාවර්ගවලට සියයට 20 බද්දක් හඳුන්වා දෙනු ලැබුවා. මේකෙන් අපට අලුත් අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වුනා.

ආර්ථික විද්‍යා න්‍යාය –

සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවේ කියනවා ඇබ්බැහි වූ පාරිභෝගික භාණ්ඩ ගැන. ඇබ්බැහි වූ පාරිභෝගික භාණ්ඩයක මිල වෙනස් වුනත් බද්දක් හඳුන්වා දුන්නත් බොහොම කෙටි කාලයකින් එහි ඉල්ලීම යථා තත්ත්වයට පත් වෙනවා. ඒක තමයි විද්‍යාත්මක සත්‍යය.

හැබැයි මේ ආර්ථික විද්‍යාත්මක න්‍යාය වෙනස් වුනා මේ මත්පැන් මිල සියයට 20 වැඩි කිරීමේ දි.  2022 මුල් මාස 04 තුළ අපේ සුරාබදු ආදායම වුණේ රුපියල් මිලියන 61892යි.     2023 දි  මුල් මාස 04 අපේ සුරාබදු ආදායම රුපියල් මිලියන 57209යි. සියයට 7.4කින් මෙම මිල වැඩිකිරීමත් එක්ක නීත්‍යානුකූල සුරා භාවිතය ශ්‍රී ලංකාවේ අඩු වුනා.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

අපේ ඉලක්කගත ආදායම අනුව බැලුවොත් මේ අවුරුද්දේ මේ මාස කීපය තුළ සියයට 30ක සුරාබදු  ආදායම අඩුවීමක් තියනවා අපට.  ලංකාවේ මාර්තු මාසයේ තමයි නීත්‍යානුකූළ සුරා නිශ්පාදනය වැඩිම වෙන්නේ. මාර්තු මාසයේ සියයට 60ක් පමණ වැඩි වෙනවා. ඒ උත්සව සමයට අවශ්‍ය නිශ්පාදනය සඳහා. නමුත් මේ සැරේ ඒ සියයට 60 වැඩිවීම සියයට 20කටත් වඩා පහතට ආවා.

කාලේ බෝතලේ 

“මේකෙදි තවදුරටත් බැලුවොත් මිලි ලීටර 180 අඩු ආදායම්ලාභීන් පාවිච්චි කරන  කාලේ බෝතලය නිශ්පාදන ඉලක්කය සියයට 43කින් අඩු වුනා. මෙතන ගැන අපට හිතන්න වෙනවා. “

“මේ අඩුවීම හොඳයි. නමුත් යළිත්  මේ අඩුවීම ඇදී යන්නේ නීත්‍යානුකූල නොවන සුරා පානයක් සඳහා නම් රාජ්‍ය ආදායමත් නෑ. කිසිම තත්ත්ව    පාලනයක් නැති පානයක් සඳහා ඔවුන් යොමුවෙලා සෞඛ්‍ය ක්ෂේත්‍රයට වන හානියෙ වැඩිවීමක් මිසක්  අඩුවක් වෙලත්  නෑ.”

“මේ ගැන කල්පනා කළ යුතුයි. මේ ගැන විශේෂ සාකච්ඡා වටයක් යනවා. නමුත් සමහරු කියනවා මේ නිසා මිල අඩු කරන්න කියලා. අපට මිල අඩු කරන්න බෑ. පහුගිය කාලයෙ   සමාජ මාධ්‍යවල පලවුනා සුරා මිල අඩු කරන්න රජය සූදානම් කියලා. අපට සුරාමිල අඩු කරන්න බෑ, අපි බැඳිලා ඉන්නවා රටක උද්ධමන වේගයට සමානව සුරා බදු වැඩිකළ යුතුයි කියන නියමයට. අපි ඇතිකරගන්නා සියලු එකඟතාවයන් සමග එය තියනවා. අනික් සියලුම බදු ඉහළ තියෙද්දි සුරාව අඩු කිරීමේ සාධාරණ ක්‍රමවේදයක් රජයකට නෑ.

නමුත් අපි හොයන්න ඕන මේ ගැන.  අඩු ආදායම්ලාභී පාරිභෝගිකයා යන්නේ නීත්‍යානුකූල නොවන සුරා වෙළෙඳපලකට නම් අපි හොයන්න ඕන මොකක්ද ගත යුතු පියවර කියලා. “

“ඒ සඳහා වෙනත් විකල්ප යෝජනා රාශියක් තියනවා. ඒ සම්බන්ධව අපි කතා කරමින් යනවා. ඒ සම්බන්ධව ප්‍රායෝගිකව සොයා බලා උත්තර සෙවීමේ වගකීමක් අපට තියනවා කියලා අපි විශ්වාස කරනවා. “

කසිප්පු වැඩිවෙනවද?

ඇමතිවරයා නියෝජනය කරන රජයේ මතවාදයත් අරක්කු කොම්පැණිවල මතවාදයත් අතර යම් සමානතාවයක් පෙනේ. මත්පැන් මිල වැඩිවීම සමග මිනිස්සුන් කසිප්පු තිප්පලට ඇදෙනු ඇතැයි කෙරෙන උපකල්පනය මත පිහිටා මුදල් ඇමතිවරයා සිය කතාව ඉදිරිපත් කරනවා සේම ඒ මත පිහිට විකල්ප සෙවීමේ අවශ්‍යතාවය ද රටට කියයි.

මේ තත්ත්වය සම්බන්ධව මත්ද්‍රව්‍ය නිවාරණය කෙරෙහි දීර්ඝ කාලීනව කැපවී සිටින  මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය දක්වන  අදහස වෙනස්ය. එහි  විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මත්පැන් මිල අඩු කිරීම පිළිබඳ පවතින කතිකාවත සම්බන්දයෙන්  අප සමග කථා කළේය.

“මත්පැන්වල මිල වැඩි වුණාට පසුව වෙනත් ආදේශකයකට යනවා කියන එක පොදු කතාවක්. මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ කිසිම කෙනෙක් පර්යේෂණයක් කළ බවට වාර්තා වෙලා නෑ. “

“ ඒ වගේම  නීතිවිරෝධි මත්පැන් පාලනය කරන්න නීත්‍යනුකූල මත්පැන්  භාවිතට ඉඩ හැරීම සාධාරණීකරණය කරන්නේ කොහොම ද?. ඒ තර්කයම වැරදියි. “

“උදාහරණයක් විදිහට කාන්තාවන්ට සිදුවන හිරිහැර ඔවුන් අඳින පළඳින එකෙන් වෙනස් කරන්න ගියොත් ඒක වැරැදියි. නීතිවිරෝධි ක්‍රියා සිදුවෙනවා නම් ඊට අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමයි සිදු වෙන්න ඕන. “

නීති විරෝධී දේ මඩින්න නීතිය දැඩි කරන්න…

“අනික නීත්‍යනුකූල මත්පැන් බොන කෙනා බලාපොරොත්තුවන දෙය ඒ අයට නීතිවිරෝධි මත්පැන් වීදුරුවක් කැලයක් අස්සේ හොරෙන් බොන එකෙන් ලැබෙන්නේ නෑ. ඒ නිසා අප දන්න සමාජ හැසිරීමට අනුව  කවුරුහරි නීත්‍යනුකූල මත්පැන් මිල වැඩි වුණා කියලා ගිහින් කසිප්පු බොන්නෙ නෑ. “

“මෙතනදි ආණ්ඩුව සෑහෙන කරදර වෙන්නේ ආණ්ඩුවට ලැබෙන ආදායම අඩු වෙනවා කියන පදනමෙන්. ආණ්ඩුවට ආදායම අඩු වෙන්නේ හරියට බදු අය කරගන්නේ නැති නිසා. ලෝක සෞඛ්‍ය සංවිධානය නිතරම කියන්නේ නිවැරදි විදිහට බදු අය කළොත් මධ්‍යසාර භාවිතය අඩු වෙනවා, ආණ්ඩුවේ ආදායම වැඩි වෙනවා කියලා.”

“ආණ්ඩුවේ ආදායම වැඩි කරන ගමන් ආණ්ඩුවේ වියදම් අඩුවෙන එකනෙ ආණ්ඩුවට අවශ්‍ය වෙන්නේ. එසේ නම් රටේ මධ්‍යසාර භාවිතය අඩු වන විට රටේ සෞඛ්‍ය වියදම් අඩු වෙනවා. පවුල්වල සතුට වැඩි වෙනවා. විදේශීය සංචාරකයන්ට මධ්‍යසාර භාවිතයට ඉඩකඩ දිය යුතුයි කියලත් එක පැත්තකින් තර්ක කරනවා. නමුත් ඇත්තටම විදේශීය සංචාරකයන් ඉල්ලා සිටියේ මධ්‍යසාර නෙමෙයි. යහපත් සනීපාරක්ෂක පහසුකම්, ආරක්ෂාව, පිරිසිදුකම, සහ විශ්වාසය වගේ දේවල්.

ආණ්ඩුවට ඇත්තටම අවශ්‍ය මධ්‍යසාර භාවිතය අඩු කරන්න නෙවෙයි. මෙහිදී ඇත්තටම වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් එන යෝජනා ක්‍රියාත්මක නොකර සිටින්නට අවශ්‍ය වටපිටාව සකස් කරන එක.” මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය කියන්නේය.

අරක්කු කොම්පැනි පුවත්පත් සාකච්ඡා පවත්වමින් කියන කතාව පාර්ලිමේන්තුවේත් ඇසෙන විට අප තිගැස්සෙන්නේය. රටේ සෞඛ්‍ය වැයෙන් වැඩි ප්‍රමාණයක් වෙන්කරන, ජනතාව රෝගී සහ අකර්මණ්‍ය පිරිසක් බවට පත් කරන බරපතල සමාජ කාරණාවක් විෂයෙහි නිශ්ඡිත විද්‍යාත්මක දත්ත සහිත සමාජ පරීක්ෂණයක් කිරීම සඳහා උනන්දුවක් නැති ආණ්ඩුවකට, එවැනි වෘත්තිකයින්, විද්වතුන් සමාජ ක්‍රියාකාරිකයින් සිටින රටකට නොවැටහෙන දෙයක් තිබේ.

ඒ ඔවුන්ගේ ජීවිතවල බොහෝ වපසරියක් මෙහෙයවන්නේ අරක්කු සිගරට් කොම්පැණි කීපයක් බවය. රටේ ආර්ථික සමාජ ප්‍රතිපත්ති හැදෙන්නේත් ඔවුන්ගේ අවශ්‍යතාවයට මූලිකත්වය ලබා දීමෙන් අනතුරුව බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාරක දුම්රිය අනතුරින් ඉන්දියාවම කම්පනය වෙයි… දැනට මරණ 288යි… තුවාල කරුවන් 900 ඉක්මවයි!

Next Post

ගෝඨාගේ කාබනික වික්‍රමයේ තවත් ප්‍රතිඵලයක් මහ බැංකුව කියයි…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.