දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමකින් තොරව අද අනුමත වූයේය.
අග්‍රාමාත්‍යවරිය විසින් ඊයේ (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම පරිපූරක ඇස්තමේන්තුව ඊයේ සහ අද දිනය පුරා විවාදයට ලක් වූයේය.
අද විපක්ෂයේ ද පූර්ණ සහයෝගය සහිතව ඡන්ද විමසිමකින් තොරව යෝජනාව සම්මත වූයේය.







