සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රීලොඩ් ජනාධිපති නීතිපති තනතුරටත් රීලොඩ් දමාගෙන කරන්න හදන්නේ ජාතික විනාශයක්… ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම!

by editor
ජූනි 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පළවා හළ ජනාධිපතිවරයෙකුගේ ධූර කාලය සම්පූර්ණ කරදීමට පැමිණි රී ලොඩ් ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධූරය රීලෝඩ් කරමින් සිට තමන්ට අවශ්‍ය පොලිස්පතිවරයෙක් පත්කරගෙන සිදුකරන අවුලටත් වඩා බරපතල ව්‍යවස්ථාමය අවුලක් නීතිපති ධූරය රීලෝඩ් කරන්නට ගොස් ඇති කිරීමට නියමිත බව ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පේරුම අවධාරණය කළේය. ඒ ඊයේ (10) පැවති ජාතික ජන බලවේගයේ නීතිඥයෝ මාධ්‍ය හමුව අමතමිනි.

ඔහු පෙන්වා දෙන්නේ ව්‍යවස්ථාව සහ රටේ සමස්ථ අභිලාෂය ව්‍යසනයට ලක් කරමින් මැතිවරණ කල් දැමීමට සූදානම්වන ජනාධිපතිවරයා ඉදිරියේ ඇතිවිය හැකි දැවැන්ත විරෝධය මර්ධනය කරගැනීමට තමාට හීලෑ පොලිස්පතිවරයෙක් සේම නීතිපතිවරයාට සේවා දිගුව ලබා දී තමාට හීලෑ අගවිනිසුරුවරයෙක් පත්කරගෙන මහා විනාශයක් කිරීමේ පූර්ව සූදානම ඉඟි මේ වනවිට පහළ වෙමින් ඇති බවය.

ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පේරුම ඒ බිහිසුණු අනාගත තත්ත්වය විග්‍රහ කරන්නේ මෙසේය.

“අපේ ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව තිබෙනවා නීතිපතිවරයාට විශ්‍රාම යාමට නියමිත කාලයක්. ඔහු අවුරුදු 60ක් සම්පූර්ණ වන තෙක් විතරයි මේ ධුරය දැරිය හැක්කේ. හැටෙන් එහාට සේවය දීර්ඝ කිරීමක් හෝ පත්කිරීමක් කළ නොහැකියි. ඒ සඳහා ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැහැ. ඒක නිසා ජනාධිපතිවරයා දරන ප්‍රයත්නය එක පැත්තකින් ව්‍යවස්ථා විරෝධියි. අනෙක අනීතිකයි. ”

නීතිපති තනතුර දේශපාලනීකරණය වුනොත් සමස්ථය බිඳ වැටේවි!

“මෙවැනි පත්වීමක් මේ ආකාරයෙන් කිරීමට උත්සාහ කළහොත් නීතිපති දෙපාර්තමේන්තුව ඇතුලෙන්ම යම් ආකාරයක විරෝධතාවයන් එන්න පුළුවන්. අවුරුදු 60න් පසු නීතිපතිවරයෙකුට එක දිගට මාස හය බැගින් සේවා දිගු ලබාදීමට ගියහොත් පහළ සිටින නිලධාරීන් විශාල අපේක්ෂාභංගත්වයකට පත්වෙනවා. එවිට නීතිපති දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙනවා වගේම නීතිපතිවරයාගේ ධුරය යම් ආකාරයක දේශපාලනීකරණයට ලක්වුණාය කියන සැකය රට තුළත් නීතිපති දෙපාර්තමේන්තුව තුළත් ඇති විය හැකියි. ප්‍රතිපත්තිමය කාරණය තුළ නීතිපතිවරයා කියන ධුරය දේශපාලනීකරණය වුවහොත් සමස්තයම බිඳ වැටීමකට ලක්විය හැකියාව තිබෙනවා. තමන්ගේ අනාගත අපේක්ෂාවන් පේන්නේ නැතිනම් මිනිස්සු අකර්මණ්‍ය වෙනවා. මේවැනි කටයුතු නිසා, නීතිපති දෙපාර්තමේන්තුවේම කාර්ය හා කර්තව්‍යය කියන එක බිඳවැටීමට පුළුවන්. ”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“පසුගිය කාලය පුරාම සිටි නීතිපතිවරු අවුරුදු 60න් විශාම ගියා. කිසිවෙක් අවුරුදු හැටෙන් පසුව සිටියේ නැහැ. ජනාධිපතිවරයා කියා සිටින්නේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන සහ නඩු කටයුතුවල කාර්යයන් වෙනුවෙන් නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීමේ අවශ්‍යතාව තිබෙන බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයේ අධීක්ෂණ කටයුතුවල සිටි ප්‍රධානම නිලධාරියා ඩී. ලිවේරා මහත්මයා සේවයෙන් විශ්‍රාම ගියා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එක නඩුවක් අවසන් වෙලා තවත් නඩුවක් පැවරී තිබෙනවා. නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදුන හොත් මෙය ඉතා නරක පූර්වාදර්ශයක් වෙනවා.”

මේ හදන්නේ හීලෑ අගවිනිසුරුවරයෙක් පත් කරගන්න ද?

“අග්‍රවිනිශ්චයකාරවරයාගේ ධුර කාලය දෙසැම්බර් මාසයෙන් අවසන් වුණාට පසුව, මේ නීතිපතිවරයාගේ සේවා දිගුව ඒ සමගම අග්‍රවිනිශ්චයකාරවරයා ලෙස පත්කරන්න ඉඩ තිබෙනවා. එවැනි තත්වයකදී නැවතත් පෙර තත්වයටම පත්වෙනවා. එවිට අධිකරණය ගැන තිබෙන විශ්වාසය කඩ වෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය බිඳ වැටුණා යැයි කිය හැකියි. අධිකරණයට අනවශ්‍ය මැදිහත්වීමක් සිදුවුණා යැයි කියන්න පුළුවන්. ඒ වගේම සේවා දිගුව ලබාදීමෙන් ජනාධිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවට, ශ්‍රේෂ්ඨාධිකරණයට මැදිහත් වුණා කියන්න පුළුවන්කම තිබෙනවා. මේ නිසා සමස්තයම බිඳ වැටීමට ඉඩ තිබෙනවා.

කතෝලික සභාව මේ කරුණ ප්‍රතික්ෂේප කර, ප්‍රකාශයක් කර තිබෙනවා. ඔවුන් එහි කියනවා, පාස්කු විමර්ශන මුවාවෙන් දේශපාලන විනාශයන් කරන්න එපා කියා. එය හරිම අවාසනාවන්ත තත්වයක්. මෙවැනි පූර්වාදර්ශයක් දුන්නොත් නීතිපති දෙපාර්තමේන්තුවේ පහළ නිලධාරීන් අධෛර්යයට පත්විය හැකියි. ඒ වගේම ඔවුන් අනෙක් පැත්තට හිතන්න පුළුවන් දේශපාලන හස්තයක් එක්ක ගැට ගැහුනොත් තමන්ට අවශ්‍ය දේ කර ගන්න පුළුවන් කියා. රාජ්‍ය සේවකයන්ගේ උසස්වීම් ගන්නා ක්‍රමය අවුල්කර දැමුවායින් පස්සේ ඔවුන් නොදැනුවත්වම දේශපාලන කඳවුරක් වටා එකතුවීමට පුළුවන්කම තිබෙනවා.

මේ තත්වය තමයි අපි නැති කළ යුත්තේ. මේක නීති විරෝධියි වගේම ව්‍යවස්ථාවට පටහැණියි. මේ පත්කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරන්නැයි අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවට න්‍යෂ්ටික බලාගාරයක්… චීන රජයේ න්‍යෂ්ටික බලශක්ති ප්‍රමුඛයා නීති හදා අභිලාෂ කැඳවීම් ඉවර වෙන්නත් පෙර ගවේෂණ කරන්න පටන් අරන්…

Next Post

දුම්රිය වැඩ වර්ජනය අවසන්…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.